Eyeview Sri Lanka

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

Share with your friend

පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක මුදලක් තිළිණ කිරීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී. 

නෙත්මිගේ  ජයග්‍රහණවලට ඇගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය තිළිණයක් ද එහි දී පිරිනැමිණි. නෙත්මිගේ මීළඟ අභිලාෂය වන  2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සහය වීමට INSEE සිමෙන්ති සමාගම සූදානමින් සිටින අතර, මනුසත් දෙරණ වැඩසටහනේ දායකත්වයෙන් ඇය වෙනුවෙන් ඉදිවෙමින්  පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා  අවශ්‍ය සිමෙන්ති ලබාදීම ද INSEE සිමෙන්ති සමාගම සිදුකරයි.


Share with your friend
Exit mobile version