INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන දකුණු පළාතටත් හඳුන්වා දෙයි

Share with your friend

INSEE සිමෙන්ති සමාගම පසුගියදා දකුණු පළාත් සභාව සමග විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබී ය. මේ යටතේ INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන් එම පළාත තුළද ක්‍රියාවට නැංවෙනු ඇත. 

දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා සහ INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා විසින් මෙම ගිවිසුම් වලට අත්සන් තබන ලදි. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, අධ්‍යක්ෂ වරුන්, ප්‍රධාන ඉංජිනේරුවන්, ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

Ruhunu Cement Works සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු චින්තක තුඩුවේවත්ත, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඉංජිනේරු වික්‍රමගේ, INSEE Cement සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක, එම සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවි හා නවෝත්පාදන) යාන් කුනිග්, බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර සහ අලෙවි ප්‍රධානී ගයනි පෙරේරා යන මහත්ම මහත්මීන්

තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර සහ පළාත් ඉංජිනේරුවන් සඳහා හඳුන්වා දී ඇති Continuous Professional Development (CPD) වැඩසටහන සඳහා ගිවිසුම් අත්සන් කළ ප්‍රථම පළාත් සභාව වන්නේ දකුණු පළාත් සභාවයි. දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය සමග එක් වී මෙම වසර තුළ තාක්ෂණ නිලධාරීන් 350 දෙනෙකු සහ ප්‍රාදේශීය ඉංජිනේරුවන් 55 දෙනෙකු සඳහා පුහුණු සැසි පැවැත්වීම INSEE සිමෙන්ති සමාගමේ ඉලක්කය වී තිබේ. 

“දකුණු පළාතේ රාජකාරි කරන තාක්ෂණ නිලධාරීන් වෙනුවෙන් මෙම කුසලතා සංවර්ධන වැඩසටහන හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්.  මෙම පළාත යටිතල පහසුකම් හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් අවස්ථා රාශියක් පවතින පළාතක් ලෙස හැඳින්විය හැකියි. රටේ ඉදිරි ගමන තුළ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස අපගේ වගකීම වන්නේ, සියලුම දෙනාට පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වන පසුබිමක් සකස් කරමින්, දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය හා ප්‍රගතිය උදෙසා අපගේ දායකත්වය හැකි උපරිමයෙන් ලබාදීමයි.” INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා පැවසී ය. 

රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු, ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධ තත්ත්වය පාලන කටයුතු, පරීක්ෂණ, ඉදිකිරීම් කළමනාකරණය, ආරක්ෂාව, සිමෙන්ති හා කොන්ක්‍රීට් භාවිතය සහ හරිත ගොඩනැගිලි ක්‍රමවේදයන් යනාදිය සම්බන්ධයෙන් ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම ඔස්සේ දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ කුසලතා සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ. 

  • අවසානයි – 

INSEE Cement, Sri Lanka සමාගම පිළිබඳව 

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන්ම එම සමාගම මෙරට එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදන සමාගම වේ. දැනට එම සමාගම INSEE සන්නාමය යටතේ මෙරට ජනප්‍රියම සිමෙන්ති වන INSEE සංස්ථා බ්ලෙන්ඩඩ් සිමෙන්ති සහ මහවැලි මෙරීන් සිමෙන්ති යන සිමෙන්ති වර්ග නිපදවයි. ශ්‍රී ලංකාවේ ‘Green Building Council’ වෙතින් ‘හරිත සිමෙන්ති නිෂ්පාදනයක්’ ලෙස සහතික ලැබූ මෙරට ප්‍රථම සිමෙන්ති වර්ගය වන්නේ ඉන්සී සමාගමේ ප්‍රධානතම සිමෙන්ති වර්ගය වන සංස්ථා සිමෙන්ති ය. මේ වනවිට එම සමාගම පෑලියගොඩ පිහිටි සිය අති-නවීන කර්මාන්තශාලාව තුළ INSEE විශේෂ කොන්ක්‍රීට් විසඳුම් හෙවත් ‘රෙඩි-මික්ස්ඩ් කොන්ක්‍රීට්’ නිපදවීම සිදුකරයි. පරිසර හිතකාමී, දියර අපද්‍රව්‍ය බැහැර නොකරන කර්මාන්තශාලාවක් වන එය, ඉවත දමන ද්‍රව්‍ය සහ ජලය නැවත භාවිතා කරන පරිදි සැලසුම් කර තිබේ. 

පෑලියගොඩ පිහිටා ඇති ‘INSEE i2i (innovation to industry) Collaboration Space’ මධ්‍යස්ථානය මෙරට ඉදිකිරීම් කර්මාන්තයට නව නිෂ්පාදන හඳුන්වා දීමටත්, වෙළඳපොළට නිකුත් කරන සියලුම කොන්ක්‍රීට් හා සිමෙන්ති නිෂ්පාදන වල ප්‍රමිතිය උසස්ම මට්ටමින් පවත්වා ගැනීමටත් දායක වෙයි. 

ඊට අමතරව INSEE සිමෙන්ති සමාගම, දැව වෙනුවට කොන්ක්‍රීට් භාවිතයෙන් නිපදවනු ලබන විකල්ප නිෂ්පාදනයක් වන, තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇති ‘Conwood’ නම් නිෂ්පාදනය ආනයනය කර අලෙවි කරන අතර, Mahaweli Marine Cement (පුද්ගලික) සමාගම සහ INSEE Ecocycle Lanka (පුද්ගලික) සමාගම යන සමාගම් INSEE Cement සමාගමට අනුබද්ධව ක්‍රියාත්මක වේ.

පාරිසරික තිරසාරත්වය උදෙසා දක්වන දායකත්වය වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගමට 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක් හිමි විය. මෙහිදී රසායනික කර්මාන්ත යන්ත්‍රාගාර කාණ්ඩයේ රන් සම්මානය INSEE සිමෙන්ති වෙත හිමි වූ අතර, ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන / ප්‍රතිචක්‍රීකරණ / බැහැර කිරීම් හෝ පිරිසැකසුම් යන්ත්‍රාගාර කාණ්ඩයේ රන් සම්මානය INSEE Ecocycle විසින් දිනාගන්නා ලදි. මීට අමතරව, 2022 SLIM-Nielsen People’s Awards හිදී අඛණ්ඩව 11 වන වරටත් ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස සම්මාන දිනාගනිමින් වාර්තාවක් පිහිටුවීමටද INSEE සිමෙන්ති සමත් විය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply