INSEE Ecocycle ගෝලීය ප්ලාස්ටික් දූෂණ අවම කිරීමේ ප්‍රමිති සහතිකය හිමි පළමු ශ්‍රී ලාංකික සමාගම ලෙසින් පිදුම් ලැබූ වගයි

Share with your friend

තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන INSEE Ecocycle Lanka (Pvt) Limited, රටටම පූර්වාදර්ශයක් දෙමින් ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ ප්‍රමිතිය (PPRS) ලැබූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්ව ඇත. මෙම සහතිකය ගෝලීය වශයෙන් පිළිගත්, තුන්වන පාර්ශවයක විගණන ක්‍රමවේදයක් යටතේ ඇගයීමට ලක් කිරීමෙන් පසු පිරිනැමෙන අතර, එකී සමස්ත ක්‍රියාවලියම උපරිම විනිවිදභාවයෙන් හා නැවත විමර්ශනය කළ හැකි අයුරින් සිදු කෙරේ.

මෙම ප්‍රමිති සහතිකය, මැනිය හැකි පාරිසරික ක්‍රියාමාර්ග සඳහා INSEE Ecocycle දක්වන කැපවීම තවත් ශක්තිමත් කරන්නට හේතුවක් මෙන්ම, අපේක්ෂිත නව රාජ්‍ය නියාමනයන් සැපිරීම සඳහා ද පුරෝගාමී කාර්යයක් ඉටු කරයි. 

ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ-සැකසීමේ පහසුකම සහිත පුත්තලම Ecocycle සහ මල්වානේ පිහිටි සම්පත් ප්‍රතිසාධන මෙහෙයුම් මධ්‍යස්ථානය මෙම ප්‍රමිතිය මඟින් ආවරණය කෙරේ. මෙම මුලපිරීමේ ඇති සුවිශේෂතා අතර ප්ලාස්ටික් දූෂණය අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ නොහැකි යන දෙවර්ගයම ආවරණය කිරීම, කිසිදු අතුරුඵලයක් ඉතිරි නොවන අයුරින් අපද්‍රව්‍ය විනාශ කළ හැකි වීම සහ පරිමාණය වේගයෙන් වැඩි කළ හැකි වීම මෙන්ම තහවුරු කළ ස්වාධීන ක්‍රියාවලියක් සහතික කිරීම කැපී පෙනේ. එමෙන්ම, මෙම සේවාව සැපයීම සම්බන්ධයෙන් Ecocycle හිමි කරගෙන ඇති ප්‍රමුඛතාව ද මෙමඟින් පිළිබිඹු වේ.

ජාත්‍යන්තරව පිළිගත් වලංගු සහ තහවුරු කළ ආයතනයක් වන Control Union Philippines විසින් දැඩි තක්සේරුවකින් පසුව, ඉහත ව්‍යාපෘති දෙකම PPRS යටතේ නිල වශයෙන් ලියාපදිංචි කරන ලදී. 2025 අගෝස්තු 26 වන දින නිකුත් කරන ලද සහතිකයේ අනුකූලතාව පරික්ෂා කිරීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වාර්ෂිකව අඛණ්ඩ සමාලෝචනයන් ද සිදු කෙරේ.

මෙහිලා වඩා වැදගත් කරුණ වන්නේ, PPRS රාමුව ISO මට්ටමේ පද්ධති හා සැසඳිය හැකි එකක් වීමයි. එමෙන්ම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය තිරසර ලෙස කළමනාකරණය සහ බැහැර කිරීම හෝ සම්පත් ප්‍රතිසාධනය මෙමඟින් සහතික කරන අතරම ද්විත්ව ගණනය කිරීම් වළක්වමින් සමස්ත ක්‍රියාවලිය පුරා නිවැරදි වාර්තාකරණයක්, විනිවිදභාවයක් සහ වගවීමක් සහතික කරනු ලබයි.

මෙම මුලපිරීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවලදී සෘජුවම සහාය වන අතර ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත විස්තීර්ණ නිෂ්පාදක වගකීමටද (EPR)  මෙම සේවාව අදාළ වේ. එම නියාමන රාමුවට අනුව, නිෂ්පාදකයින් ඉදිරියේදී සම්පූර්ණ කළ යුතු වැදගත් අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සුදුසු  යාන්ත්‍රණයක් සපයන්නට INSEE Ecocycle සමත්ව තිබේ. ස්වේච්ඡාවෙන් සිදු කරන මෙම සේවාව තුළින් සමාගමේ නායකත්වයත්, අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ පළමුවැන්නා සහ නව ප්‍රවණතා නිර්මාණය කරන්නෙකු ලෙස සමාගමේ භූමිකාවත් මැනවින් නිරූපණය කරයි.

සහතික කිරීමට අමතරව, ජාතික තිරසරභාවය සඳහා INSEE Ecocycle දක්වන පුළුල් දායකත්වය ද මෙහිලා කැපී පෙනෙයි. සමාගම දැනටමත් ශ්‍රී ලංකාව පුරා පළාත් පාලන ආයතන 100කට අධික සංඛ්‍යාවකින් අපද්‍රව්‍ය එකතු කරන අතර, වගකීමෙන් යුතු අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කැප වූ පුළුල් ජාතික පද්ධතියකට මෙහෙයුම් දායකත්වය ද ලබා දෙයි. මෙම සහතික කළ ව්‍යාපෘති මඟින් නව ගෝලීය ප්‍රමිතීන් ක්ෂේත්‍රයට ඒකාබද්ධ කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයක් කරා මාරුවීමේදී විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන්නට ද INSEE Ecocycle සමත්ව ඇත. 

PPRS මඟින් සහතික කළ විධිමත් ව්‍යාපෘති හරහා ප්ලාස්ටික් ප්‍රතිසාධනයට උනන්දුවක් දක්වන ව්‍යාපාර වැඩි වැඩියෙන් මේ සඳහා යොමු කිරීමට කටයුතු කරයි. එමඟින් විවිධ සංවිධාන සහ පුද්ගලයින්ට ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ සාමූහික මෙහෙවරට තිරසර හවුල්කරුවන් ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව ද උදා වේ.


Share with your friend