Eyeview Sri Lanka

INSEE Ecocycle පරිසර සුරක්ෂිතාව වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙවරක

Share with your friend

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ පුරෝගාමියා වන INSEE Ecocycle, දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු සඳහා ක්‍රියාත්මක වන PLEASE ව්‍යාපෘතිය යටතේ  මෑත කාලීන වෙරළ පිරිසිදු කිරීම් වැඩසටහන්  තුනක් හරහා වෙරළබඩ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමට අනුකූලව වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති දියත් කරයි. එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) සහාය ඇතිව දකුණු ආසියානු සමුපකාර පරිසර වැඩසටහන (SACEP) විසින් ක්‍රියාත්මක කරන ලද PLEASE ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව අරමුදල් සපයන ලදී. දකුණු ආසියානු  මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන දුෂණය අවම කරන ක්‍රියාමාර්ග උත්ප්‍රේරණය කිරීම එහි අරමුණයි.

මේ වන විට INSEE Ecocycle විසින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අසල වෙරළබඩ ප්‍රදේශ, නුරයිචෝලේ කැසුරිනා වෙරළ සහ නිමලපුර වෙරළ තීරය පිරිසිදු කිරීම අවසන් කර ඇත. පිරිසිදු කිරීමේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරන ලදී. INSEE Ecocycle හි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසුවේ, “සෑම පිරිසිදු කිරීමක්ම අපගේ සාගර ආරක්ෂා කිරීමට සහ අපගේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමට අප ඉටු කරන තීරණාත්මක වගකීම සිහිපත් කරයි.ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණය සක්‍රීයව අඩු කිරීමෙන්, අපි පාරිසරික සංරක්ෂණය සඳහා යහපත් බලපෑමක් ඇති කරමින් ප්‍රජාව තුළ වගකීම් සහ වගවීම පිළිබඳ මානසිකත්වයක් පෝෂණය කරමු.”

PLEASE ව්‍යාපෘතිය යටතේ මෙම කර්තව්‍යය හරහා, INSEE Ecocycle වෙරළ පිරිසිදු කිරීම සහ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කරයි එසේම ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මූලධර්ම වැලඳ ගැනීමට ප්‍රජාවන් දිරිමත් කරයි. ව්‍යාපෘතියේ හරය වන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම, නැවත භාවිතයට ගැනීම සහ පරිසර හිතකාමී ලෙස සිමෙන්ති උදුන් සම-සැකසුම භාවිතා කරමින් අවශේෂ ප්ලාස්ටික් කළමනාකරණය කිරීමයි. මේ සඳහා පුත්තලමේ කාන්තා මූලිකත්වයෙන් යුත් ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම (MRF) වැදගත් කාර්‍යයක් ඉටු කරයි. INSEE Ecocycle අනාගත පරම්පරාව සඳහා තිරසාර පරිසරයක් සහතික කරමින් පිරිසිදු, හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සිය දැක්මට කැපවී සිටී.

INSEE Ecocycle පිළිබඳව:

INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා)  යනු අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන සියම්සිටි සිමෙන්ති පොදු සමාගමෙහි සාමාජිකයෙකි.  INSEE සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ එක ම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන අතර, එම සමාගම ශ්‍රී ලංකාව තුළ ඉහළ ඉල්ලුමක් සහිත INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් යන සන්නාම ඇතුළුව ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත පුළුල් නිෂ්පාදන පරාසයක්  හඳුන්වා දෙයි.  INSEE සිමෙන්ති සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය හා පූර්ණ අනුබද්ධිත ආයතනය වන INSEE Ecocycle Lanka (Private) Limited, එම සමාගමේ පාරිසරික, සාමාජීය සහ පාලන (ESG) රාමුව තුළ කාබන් විමෝචනය අවම කිරීම, තාප ශක්තිය භාවිතය අඩු කිරීම සහ පාරිසරික ආරක්ෂණ මූලධර්ම පිළිපැදීම යන අරමුණු සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  INSEE සිමෙන්ති සමාගම විසින් නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන යන අංශ සඳහා නිරන්තරයෙන් ආයෝජනය කරමින්,   උසස් තත්ත්වයේ මිශ්‍ර සිමෙන්ති නිෂ්පාදන සහ තිරසාර ගොඩනැගිලි ද්‍රව්‍ය හඳුන්වා දීමට සහ ඉහළ ක්‍රියාකාරී, අඩු කාබන් විමෝචනයක් සහිත හා  අනාගතයට සරිලන ඉදිකිරීම් වෙනුවෙන් මෙරට  ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙහෙයවයි. 


Share with your friend
Exit mobile version