Eyeview Sri Lanka

JAT Holdings සමාගම, ’Hydro+’ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හදුන්වා දෙයි.

Share with your friend

JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණූ මෙම තීන්ත, ශ්‍රී ලාංකීය නිවාස සහ ගොඩනැගිලි සඳහා බාහිර ආලේපනයන් අතර නව ප්‍රමිතියක් ගොඩනංවයි.

 JAT Hydro+ අධික වර්ෂාව, ඇල්ගී සහ දිලීර වලින් බිත්ති වලට උපරිම ආරක්ෂාව සපයන අතර විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදනය මගින් ඉතා සියුම් ඉරි තැලීම් ආවරණය කරමින් බිත්ති මතුපිට ඝන ආරක්ෂිත පටලයක් සාදා ජලය කාන්දු වීම වළක්වන අතර, මෙම නිෂ්පාදනයේ විශේෂත්වය වන්නේ UV-cross-linking acrylic තාක්ෂණය මගින් සූර්ය ආලෝකයට ආවරණය වූ බිත්ති, කුණූ දුවිලි මගින් ආරක්ෂා කරමින් බිත්ති දිගු කලක් පිරිසිදුව තැබීමයි.

මේ පිලිබදව JAT Holdings PLC හි අලෙවි අධ්‍යක්ෂ දිල්ෂාන් රොඩ්රිගෝ මහතා පැවසූවේ, “Hydro+ යනු තවත් එක් තීන්ත නිෂ්පාදනයක් පමණක් නෙවෙයි. ලංකාවේ කාලගුණයට ගැලපෙන විදියට සිදුකළ උසස් තාක්ෂණික විසඳුමක්. මෙමගින් නිවාස හිමියන්ට සහ ඉදිකිරීම්කරුවන්ට දිගුකාලීන ආරක්ෂාවක් ලබාදෙනවා’’ 

 JAT Hydro+ මගින් JAT සමාගම තම නවෝත්පාදන සහ තිරසාර භාවයට ඇති කැපවීම තවදුරටත් තහවුරු වන අතර, එමගින් ලෝක මට්ටමේ තාක්ෂණ ලංකාවට හඳුන්වා දෙමින් දේශීය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනය සදහා සමාගම දරණ උත්සහාය මෙමගින් තහවුරු කරයි. 

JAT Holdings PLC පිළිබඳව 

JAT Holdings PLC යනු ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු වෙළඳපොළේ ප්‍රමුඛයා වන අතර, තීන්ත හා ආලේපන මෙන්ම ඉහළ ප්‍රමිතියෙන් යුත් ගෘහස්ථ හා කාර්යාලයීය ගෘහභාණ්ඩ සම්බන්ධයෙන්ද එය විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. එහි ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ අති නවීන නිෂ්පාදන  කර්මාන්තශාලා දෙකක් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ පිහිටි අති නවීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක සහාය ඇතිව නවෝත්පාදනයක් මගින්  කලාපීය පැවැත්ම ශක්තිමත් කර ගෙන ඇත. අභියෝග හමුවේ පවා සිය මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත් වීම හේතුවෙන් Fitch Ratings වෙතින් JAT Holdings PLC වෙත ‘AA(lka)’ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පිරිනමා ඇති අතර, LMD මගින් Diversified Sector කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සම්මාන දිනූ සමාගම ලෙසද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලයිස්තුගම සමාගම් 100 අතරට අයත් සමාගමක් ලෙසද ඇගයීමට ලක් වී තිබේ. සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් කැපවෙමින්, විශිෂ්ට මට්ටමේ ආයතනික සම්ප්‍රදායක් පවත්වාගෙන යාමට සමත් වීම නිසා Great Place to Work ඇගයුමද JAT Holdings PLC වෙත හිමි විය.


Share with your friend
Exit mobile version