JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මොණරාගල ප්‍රදේශයේ Village Heartbeat Empowerment Centre සහ ඒ හරහා ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සවිබල ගැන්වීම සඳහා Foundation of Goodness සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු පහසුකම්ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ.

Foundation of Goodness පදනම Village Heartbeat Empowerment Centres ලෙස නම්කර ඇති මධ්‍යස්ථාන හරහා රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය පහසුකම් සැපයීමට, එම ප්‍රදේශවල ජනතාවගේ කුසලතා වැඩිදියුණු කිරීමට සහ අධ්‍යාපනය නගාසිටුවීමට කටයුතු කරමින් සිටී. එම පදනම මගින් අදාළ ග්‍රාමීය ප්‍රදේශ තුළ ක්‍රියාවට නංවන ලබන සියලුම ප්‍රජා සත්කාරමය වැඩසටහන් මෙම මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වේ. දැනටමත් මේ හරහා ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවාගැනීමට උපකාරී වන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමද සිදු කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අසමානතා අවම කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙන මෙහෙවරකි.
2025 ජූනි මාසයේදී මොණරාගල Village Heartbeat Empowerment Centre හරහා 1,233 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වූ අතර, තවත් 282 දෙනෙක් එහි අලුතින් ලියාපදිංචි වූහ. එමෙන්ම විවිධ තේමාවන් මූලික කරගනිමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් ගණන 15 කි. ඉන් අනතුරුව 2025 ජූලි මාසයේදී සිසුන් 260 දෙනෙක් මෙම මධ්‍යස්ථානයේ ලියාපදිංචි වූ අතර, ඒත් සමග එහි අධ්‍යාපනික පාඨමාලා සඳහා සම්බන්ධ වූ සිසුන් සංඛ්‍යාව 1,168 ක් බවට පත් විය. මේ වන විට මෙම මධ්‍යස්ථානය හරහා විෂයන් 15 කට අදාළ පාඨමාලා ක්‍රියාවට නංවා ඇති අතර, එමගින් ගම්මාන 29 කට සහ පාසල් 17 කට සෙත සැලසී තිබේ.
අලුතින් ලියාපදිංචි වූ සිසු සිසුවියන් අතරින් 173 දෙනෙකු සිසුවියන් වන අතර, 87 දෙනෙකු සිසුන් වෙති. මේ දක්වා සියලු පාඨමාලා සඳහා සමස්ත සහභාගීත්වය වාර්තා වී ඇත්තේ සිසුන් 423 දෙනෙකු සහ සිසුවියන් 745 දෙනෙකු වශයෙනි. පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි හා දෙමළ භාෂාව, ප්‍රාථමික අධ්‍යාපනය, ඇඟලුම් නිර්මාණය, ඉවුම් පිහුම්, STEAM විෂයන්, පරිසර අධ්‍යයනය, යහපත් කෘෂිකාර්මික ක්‍රමවේදයන්, සාම්ප්‍රදායික නර්තනය, දරුවන් සඳහා යහපත් වටිනාකම්, ‘Stray Friendly’ වැඩසටහන සහ වැඩිහිටි රැකවරණය ඇතුළු තේමාවන් හා විෂයන් රාශියක් ඔස්සේ මෙම වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. මෙය ග්‍රාමීය ප්‍රජාවන් නගාසිටුවීම සඳහා අනුගමනය කරන සාකල්‍ය ප්‍රවේශයක් බව මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
“Foundation of Goodness සමග එක් වී Village Heartbeat Empowerment Centres හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජීවිත වෙනස් කරන මෙවැනි මෙහෙවරක් ක්‍රියාවට නැංවීමට හැකි වීමට අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රජා සත්කාර අංශය වන ජනශක්ති පදනම මගින් ඉටුකරන මෙහෙවරෙහි දිගුවක් ලෙස හැඳින්වීමට පුළුවන්. ජනශක්ති පදනමේ මූලික අරමුණ වන්නේ ජීවිත නගාසිටුවීම සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමයි. ශ්‍රී ලංකාව තුළ තිරසාර හා ප්‍රායෝගික වෙනස්කම් සිදුකිරීම වෙනුවෙන් කැපවුණු වැඩසටහන්වලට අත්වැලක් වීම සඳහා අප දරන උත්සාහය මෙම හවුල්කාරීත්වය මගින් මැනැවින් නිරූපණය වනවා. ජනශක්ති පදනම හරහා අප ප්‍රජාවන් සමග සමීපව සම්බන්ධ වෙමින් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සෑම විටම උත්සාහ දරනවා. ජාතික මට්ටමේ ප්‍රමුඛතාවන් කෙරෙහි අවධානය යොමුකිරීම හේතුවෙන් අපට දීර්ඝ කාලයක් පුරා රටත් සමග දිරියට යමින් ජනතාවට සුවිශාල යහපතක් සිදුකිරීමට හැකියාව ලැබුණා.” JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා පැවසීය.
“Foundation of Goodness හි අපගේ මෙහෙවර වන්නේ සමාන අවස්ථා නිර්මාණය කිරීම තුළින් ගම සහ නගරය අතර ඇති පරතරය පියවීමයි. අර්ථවත් හවුල්කාරීත්වය තුළින් එම මෙහෙවර ඉටුකරගත හැක්කේ කෙසේද යන්න JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) විසින් බලගන්වන ලද මොණරාගල Heartbeat Empowerment Centre හි සාර්ථකත්වය මගින් මැනැවින් පිළිබිඹු වනවා. සාමූහිකව කටයුතු කිරීම තුළින් අපට ජාත්‍යන්තර තලයේ පහසුකම්, ජීවිත වැඩිදියුණු කරන වැඩසටහන් සහ තිරසාර අවස්ථා සපයමින්, රටේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්වය නගසිටුවන අතරම රට පුරා දීර්ඝකාලීන යහපත් වෙනස්කම් ඇතිකිරීමට පුළුවන්. ආචාරධර්ම, වටිනාකම්, වගකීම්සහගත බව සහ විනය මූලික කරගත් යහපත් අරමුණු සහිත වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින් මේ අර්ථවත් වෙනස්කම් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ වන විට අප රට පුරා මෙබඳු මධ්‍යස්ථාන 22 ක් සහ සීනිගම හා වවුනියාව යන ප්‍රදේශවල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 2 ක් පිහිටුවා තිබෙන අතර, එමගින් ගම්මාන 1,000 කට අධික සංඛ්‍යාවක ප්‍රතිලාභීන් මිලියනකට අධික පිරිසකට සෙත සැලසී තිබෙනවා. මේ සඳහා කිසිදු මුදලක් අය කෙරෙන්නේ නැහැ. මෙම මෙහෙවර තුළින් අපට රටේ ග්‍රාමීය ප්‍රජාවන් මුහුණ දෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට ඉදිරියට ඒමට අවස්ථාව ලබාදීමට හැකි වී තිබීම ඉමහත් සතුටක්.” Foundation of Goodness හි නිර්මාතෘ සහ ප්‍රධාන භාරකරු කුෂිල් ගුණසේකර මහතා පැවසීය.
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සහ Foundation of Goodness අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය සහ එමගින් ලැබී ඇති ප්‍රතිඵල දෙස බැලූ විට පැහැදිලි වන්නේ, නිවැරදි දැක්මක් සහිත සහයෝගීතාවන් තුළින් අර්ථවත් හා ඵලදායී වෙනස්කම් ඇති කළ හැකි බවයි. ඉදිරියටත් ග්‍රාමීය ප්‍රජාවන් නගාසිටුවීම සඳහා කැපවීම තුළින් රටේ අසමානතා අවම කරමින්, සෑම පුරවැසියෙකුටම සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා ප්‍රමාණවත් තරම් අවස්ථා පවතින ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම දෙපාර්ශ්වයෙහි අරමුණ වී තිබේ.