Eyeview Sri Lanka

‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර- බදුල්ල or බදුල්ල දිස්ත්‍රික් ප්‍රජා සවිබල ගැන්වීම උදෙසා ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර

Share with your friend

ජනතාවට නීතිය වඩා හොඳින් අවබෝධ කරගැනීම සහ නීතියේ සහය ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර

යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කරන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), ‘Know Your Neethi’ යන තේමාව යටතේ නීති ආධාර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක පළමුවැන්න, බදුල්ල දිස්ත්‍රික්කයේදී දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

2025 අගෝස්තු 1 සහ 2 යන දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහන මගින්, ප්‍රදේශවාසී සියලු දෙනාට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට, රජයේ ආයතන සමඟ සම්බන්ධ වීමට, නීතිය පිළිබඳව දැනුවත් කරන විවිධ ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත. 

නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සහ නීතිමය දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම කඳවුරේ ප්‍රධාන  අරමුණයි. විශේෂයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින්, සුළු ජනවාර්ගික කණ්ඩායම් සහ අවම පහසුකම් සහිත පුද්ගලයින් වෙනුවෙන් නීතිමය සේවා සැපයීම  අරමුණු කරගනිමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත. දේශීය භාෂාවන් භාවිත කරමින් පවත්වන මෙම වැඩසටහන නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ පුද්ගලයින් තම අයිතිවාසිකම් තේරුම් ගෙන ඒවා භාවිත කිරීමට සවිබල ගැන්වීම මූලික පරමාර්ථය වේ.

වැඩසටහන් විශේෂාංග: 

Know Your Neethi’ වැඩසටහන් මාලාව, නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත කිරීම සහ සෑම පුද්ගලයෙකුටම යුක්තිය ලැබෙන සමාජයක් ගොඩනැඟීමේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන JURE ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි.

JURE පිළිබඳව:

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, UNDP සහ UNICEF ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේ පහසුකම් සහිතව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. ශ්‍රීලංකා අධිකරණ ක්ෂේත්‍රයේ වගවීම, විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඔපනංවමින් අධිකරණ සේවා නවීන තාක්ෂණය භාවිතා කරමින්, කාර්යක්ෂම සේවා සපයන ආයතන රාමුවක් ගොඩනැඟීම එහි අරමුණයි. 

UNDP පිළිබඳව:

UNDP යනු දරිද්‍රතාවය, අසමානතාවය සහ දේශගුණික විපර්යාස යන අයුක්ති සහගත තත්වයන් අවසන් කිරීම වෙනුවෙන් කැපවුණු එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛතම ආයතනයයි. එය රටවල් 170 විශේෂඥයින් සහ හවුල්කරුවන් සමඟ එක්ව පුද්ගලයින් සහ මිහිකත උදෙසා ඒකාබද්ධ සහ දිගුකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරයි

වැඩිදුර විස්තර දැනගැනීමට www.undp.org/srilanka වෙත පිවිසෙන්න නැතිනම් @UNDPSriLanka හරහා අප සමඟ සම්බන්ධ වන්න. සම්බන්ධතා: Socialmedia.lk@undp.org ඇමතුම්: 0779804188 | දිගුව 1501 සම්බන්ධ වන්න: UNDP on X | Facebook | Instagram | LinkedIn


Share with your friend
Exit mobile version