Lanka SSL සමාගමට ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක්

Share with your friend

ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන Lanka Special Steel Limited (Lanka SSL), සිය විශිෂ්ටත්වය සහ ප්‍රමිතිය යළි පසක් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානය දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ද ලියාපදිංචි සමාගමක් වන Lanka SSL යනු E B Creasy & Company PLC හි අනුබද්ධිත ආයතනයකි. 

එම සම්මානයට අමතරව, නිෂ්පාදන-වෙනත් අංශයේ ජයග්‍රාහකයා ලෙස ද Lanka SSL සම්මානයට පාත්‍රවීම කැපීපෙනුණි. මීට ඉහතදී ද, එනම් 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ද, මහා පරිමාණ ව්‍යාපාර අංශයේ ලෝකඩ සම්මානය සහ නිෂ්පාදන-වෙනත් අංශයේ රන් සම්මානය දිනාගැනීමට Lanka SSL සමාගමට හැකිවිය. 

ගෙවුණු වසර ගණනාව පුරාවටම නිසි විද්‍යාත්මක පර්යේෂණ සහ වෘත්තිමය මඟපෙන්වීම යටතේ පුළුල් පරාසයක ගැල්වනයිස් කම්බි නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට Lanka SSL සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව වර්තමානය වනවිට කම්බි නිෂ්පාදන වෙළෙඳපොළෙහි 70%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කීමට ද සමාගම සමත්ව ඇත. ගල්වනයිස් කරන ලද කම්බි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛයා වන Lanka SSL හි නිෂ්පාදන පුළුල් පරාසයක අවශ්‍යතා සඳහා භාවිත කළ හැකිවීම ද විශේෂත්වයකි. 

″අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම නොවන්නට මෙවැනි ජයග්‍රහණයක් අපට අත්කරගැනීමට නොහැකියි. එමෙන්ම අපගේ පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන් අප කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසයත් මෙම ජයග්‍රහණයට හේතුවුණා″, යනුවෙන් Lanka SSL ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ප්‍රවීන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා වූ අඛණ්ඩ වුවමනාවත්, වර්ධනය වන ශක්තිමත් සහ පුළුල් බෙදාහැරීමේ ජාලයත් හරහා පසුගිය වසර 25 පුරා මෙරට ගැල්වනයිස් කම්බි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත දායකත්වයක් සැපයීමට Lanka SSL සමාගමට හැකිවිය. එහිදී සිය, අභ්‍යන්තර මෙන්ම ස්වාධීන තත්ත්ව සුපරීක්ෂක විශේෂඥයින්ගේ සේවය ලබාගනිමින් අසමසම ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට ද සමාගම කැපවී ක්‍රියා කරයි. 

මෙරට SLS ප්‍රමිතිය හිමි එකම hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදනයේ පුරෝගාමියා වන Lanka SSL සමාගම, නැවත වරක් සිය සුවිශේෂීත්වය ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ එකම SLS සහතිකය හිමි කටු කම්බි නිෂ්පාදන පෙළ පසුගිය වසර අවසානයේදී හඳුන්වාදීමට ද පියවර ගත්තේය. තව ද ඉන්දියානු වෙළෙඳපොළට ගැල්වනයිස් කම්බි අලෙවිකිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් IS 280:2006 දරන BIS සහතිකය ද සමාගමට හිමිවිය. 

ISO 9001: 2015, ISO 45001:2018 සහතික හිමි Lanka SSL සමාගම දශක තුනකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගැල්වනයිස් කම්බි නිෂ්පාදන අතුරින් ප්‍රමුඛයා ලෙස පාරිභෝගික භවතුන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. සපුගස්කන්දේ පිහිටි අති නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේදී නිපදවෙන මෙම කම්බි, ලොව උසස්ම තත්ත්වයේ නිෂ්පාදන හා සම තත්ත්වයේ පවතී.  

″වසර 25ක සාඩම්බර අතීතයකට උරුමකම් කියන ලෝහ කම්බි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Lanka SSL සමාගම නිරතුරුව සිය නිෂ්පාදනවල ප්‍රමිතිය වැඩිදියුණු කරමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන අපගේ පාරිභෝගිකයින් වෙත සැපයීමට කැපවී සිටිනවා″, යනුවෙන් ප්‍රවීන් අධ්‍යක්ෂ ප්‍රවීන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේය. 

ඉදිරි මාස කිහිපයේදී සමාගමේ නිෂ්පාදන ගොනුව තවදුරටත් වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එහි පියවරක් වශයෙන්, ටාටා ස්ටීල් නිෂ්පාදන සඳහා එකම දේශීය බෙදාහැරීම් නියෝජිත වශයෙන් ටාටා ස්ටීල් ලිිමිටඩ්හි ගෝලීය කම්බි නිෂ්පාදන අංශය සමඟ සිය සබඳතා අලුත් කරගැනීමට ද Lanka SSL සමාගම කටයුතු කර තිබේ. දිගු කාලයක පටන්, ටාටා ස්ටීල්හි උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිත වන්නේ ද Lanka SSL සමාගම යි. මීට අමතරව, සාමාන්‍ය වෙල්ඩින් කටයුතු සඳහා භාවිත කළ හැකි, ‘Permaweld’ සන්නාමය යටතේ එන වෙල්ඩින් කූරු මෙරටට හඳුන්වා දීමට ද Lanka SSL ක්‍රියා කළ අතර, ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ හාඩ්වෙයාර් අලෙවිසැල් බෙදාහැරීම් ජාලය මගින් එම නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සිදුවේ.  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply