Mahindra IDEAL Finance නවතම ශාඛාව ගාල්ලේදී විවෘත කෙරේ

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance හි නවතම ශාඛාව පසුගියදා ගාල්ල නගරයේදී විවෘත විය. විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාවට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා තම ශාඛා ජාලය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම පියවර ගෙන ඇති අතර, එහි එක් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදී. Mahindra IDEAL Finance සමාගමේ 19 වන ශාඛාව වන මෙම ගාල්ල ශාඛාව අංක 18, පල්ලිය පාර, මහ වීදිය, ගාල්ල යන ස්ථානයෙහි පිහිටා තිබේ. එය විවෘත කිරීම වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට Mahindra IDEAL Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.  

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් Mahindra IDEAL Finance සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – රන් ණය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ, විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන පුද්ගලයන් වෙත තම සේවාවන් සමීප කරවීම සඳහා සමාගම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇති බවයි. “අපගේ ශාඛා පුළුල් කිරීමේ ක්‍රමෝපාය යටතේ අප මේ වනවිට රට පුරා වාණිජ වශයෙන් වැදගත් ප්‍රදේශ රාශියක් හඳුනාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශ වල ශාඛා පිහිටුවීම මගින් ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගන්නට පුළුවන්. ගාල්ල යනු එබඳු වැදගත් වාණිජ මධ්‍යස්ථානයක්. එම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් රාශියක් Mahindra IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට කැමැත්තෙන් සිටින බව, අප කළ සමීක්ෂණ මගින් පෙනී ගියා. ගාල්ල ප්‍රදේශයේ අපගේ නවතම ශාඛාව පිහිටුවීමට අප කටයුතු කළේ ඒ නිසයි. ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක අපගේ ශාඛාවන් විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපගේ ගාල්ල ශාඛාව වෙත පැමිණ, අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් මෙම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට අප ආරාධනය කර සිටිනවා.” ප්‍රදීප් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය. 

ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අමතරව Mahindra IDEAL Finance සමාගම සිය කාර්ය මණ්ඩලයට තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවස්ථා රාශියක්ද උදාකර දෙයි. විවිධත්වයෙන් සපිරි කාර්ය මණ්ඩලයකින් සමන්විත Mahindra IDEAL Finance සමාගම තුළ පවතින විශිෂ්ට ආයතනික සංස්කෘතිය නිසා එය 2019, 2020 සහ 2021 වසර වලදී ‘Great Place to Workඇගයීම හිමිකර ගැනීමටද සමත් විය. එමෙන්ම Great Place to Work ආයතනය විසින් Mahindra IDEAL Finance සමාගම 2021 වසරේ ශ්‍රී ලංකාවේ වැඩ කිරීමට වඩාත් සුදුසු බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ සමාගම් 10 අතරට නම් කරන ලදී. 

Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභද පිරිනමයි. Mahindra Finance සමාගම විසින් බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීම තුළින් Mahindra සමග ඒකාබද්ධ වූ Mahindra IDEAL Finance වෙත Fitch Ratings Lanka විසින් AA-(lka) (ස්ථාවර ඉදිරි දැක්ම) ශ්‍රේණිය පිරිනමා තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply