MAS ඉන්දියාවේ TATA සමූහයට අයත් Trent Ltd සමඟ අත්වැල් බැඳගනියි

Share with your friend

MAS Holdings හි අනුබද්ධිත සමාගමක් වන MAS Amity Pte. Ltd. Tata සමූහයෙහි Trent Ltd සමඟ ඒකාබද්ධ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹෙමින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් ආශ‍්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමට ඉන්දියාව තුළ ආයතනයක් පිහිටුවන ලදී.

MAS සහ Trent විසින් සමීපතම ඇඟලූම් සහ අනෙකුත් ඇඟලූම් නිෂ්පාදන මාලාවක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ ප‍්‍රවීණත්වය යොදාගන්නා අතර හවුල් ව්‍යාපාරය ආශ‍්‍රිත නිෂ්පාදන සැලසුම් කිරීම සහ ප‍්‍රභවයන් සඳහා පහසුකම් සපයනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් MAS Holdings (Pvt) Ltd හි සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා පැවසුවේ, ”TATA සමූහය සමඟ අපගේ හවුල්කාරිත්වයේ වැදගත්කම පවතින්නේ අපගේ වටිනාකම් වලට ඉන්දියානු වෙළඳපොල ලබා දෙන දැවැන්ත ව්‍යාපාරික අවස්ථා තුළ ය. මෙම JVA අපගේ ඒකාබද්ධ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇති අතර නිෂ්පාදන නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කිරීම පිළිබඳ MAS හි ප‍්‍රවීණත්වය Tata Trent හි ඉන්දියානු වෙළඳපල වටිනාකම සමඟ සම්බන්ධ කරයි. මෙම හවුල්කාරිත්වය හරහා ඉන්දියාව තුළ අපගේ ව්‍යාපාරය වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමට අවස්ථාව උදාවේ.” යනුවෙනි.

Trent Ltd හි සභාපති නොයෙල් එන්. ටාටා මහතා පැවසුවේ, ”සමීපතම ඇඟලූම්, ක‍්‍රීඩා ඇඟලූම් සහ ඒ ආශ‍්‍රිත කාණ්ඩ පිළිබඳ නව කතිකාවතක් නිර්මාණය කිරීම සඳහා මෙම හවුල්කාරිත්වය වඩාත් වැදගත් වෙනවා. MAS මෙම අවකාශය තුළ උසස් තත්වයේ නිෂ්පාදන සිදුකිරීමේ සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කරයි. Trent සහ MAS අතර ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා Trent හි සන්නාම තව තවත් ශක්තිමත් කිරීමට සහ MAS හට ජාත්‍යන්තර වෙළඳපල වෙත ප‍්‍රවේශ වීමට ඇති හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමට හැකි වෙනවා. අපගේ ඒකාබද්ධ සහයෝගීතාවය ඉහළ නැංවීමේ අපේක්ෂාවන් සහ අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකිවීම පිළිබඳව අපි වඩාත් සතුටු වෙනවා.” යනුවෙනි.  

MAS Holdings පිළිබඳව

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. ඇඟලූම් තාක්ෂණය, FemTech, start-ups, සැපයුම් සංවිධානය සහ ලොව පුරා විහිදුණු ඇඟලූම් උද්‍යාන ආදිය තුළින් MAS සන්නාමය වේගවත් ලෙස පුළුල් වී ඇත.

වසර 30ක් පුරා, MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය මෙන්ම එහි ශිල්පීයත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය සඳහා ගෝලීය පිළිගැනීමක් ලබා ඇත. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.

Trent පිළිබඳව 

Trent Limited, TATA සමූහයට අනුබද්ධිත සමාගමක් වන අතර ඒ යටතේ තවත් ව්‍යාපාර රැසක් ක‍්‍රියාත්මක වෙයි. Trent හි ඉහළතම පාරිභෝගික ආකර්ෂණයක් හිමිකරගත් ව්‍යාපාර වන්නේ: ඉන්දියාවේ ප‍්‍රමුඛ පෙළේ විලාසිතා පාරිභෝගික වෙළෙඳසැල් දාමයක් වන Westside, ඉහළ වටිනාකමකින් යුත් විලාසිතා සඳහා එක් නැවතුම් මධ්‍යස්ථනයක් වන ’Zudio සහ Star banner යටතේ කි‍්‍රයාත්මක වන තරඟකාරී ආහාර, සිල්ලර බඩු සහ දෛනික අවශ්‍යතා මෙහෙයවන Trent Hypermarket ය.

නගර 127කට අධික ප‍්‍රමාණයක වර්ග අඩි 18,000-34,000 ක් පමණ වූ වපසරියක Westside වෙළඳසැල් පිහිටා ඇත. Westside ඇඟලූම්, පාවහන් වල සිට රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් දක්වා ගෘහ උපකරණ සහ තෑගි ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන පාරිභෝගයන් වෙත ඉදිරිපත් කරයි. සෑම Westside වෙළඳසැලක්ම ජාත්‍යන්තර සාප්පු සංකීර්ණයක ප‍්‍රමිතියෙන් යුක්ත වන අතර පහසු මිලට උසස් තත්වයේ භාණ්ඩ පිරිනමයි.

වර්ග අඩි 7,000-10,000 පමණ වපසරියක් පුරා ව්‍යාප්ත ’මාසද හරහා ඉහළ වටිනාකමකින් යුත් විලාසිතා එකම වහලක් යටින් ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසයි. මේ හරහා කාන්තා-පිරිමි සහ ළමයින් සඳහා ප‍්‍රමිතිගත ඇඟලූම් සහ පාවහන් මිලදී ගත හැකිය. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply