OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share with your friend

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුත් මෙම දුරකථන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළඳපොළට පැමිණේ. 

“OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරීත්වය මැනැවින් එක්තැන් කරන දුරකථන මාදිලියක්. එහි නිමාව ඉතාම ආකර්ෂණීය වන අතරම, ඉහළම තලයේ ත්‍රිත්ව කැමරා පද්ධතියකින්ද සමන්විතයි. විශාල 5000mAh බැටරියට මේ කාණ්ඩයේ දුරකථනයකට එක්වන අතිරේක වටිනාකමක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මේ විශාල බැටරිය නිසා වැඩි කාලයක් රිසි සේ දුරකථනය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.” Xinda Lanka [OPPO Sri Lanka] ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය. 

දිග සහ පළල පිළිවෙළින් මිලිමීටර් 163.8 ක් සහ මිලිමීටර් 75.6 ක් වන OPPO A16 මාදිලිය මිලිමීටර් 8.4 ක ඝනත්වයකින් සහ ග්‍රෑම් 190 ක බරකින් යුක්ත වේ. ඉතා සිහින් නිමාවකින් යුත් එහි ඇලුමිනියම් කවරය උෂ්ණත්වය ඉක්මනින් බැහැර කිරීමට සමත් ය. ‘Crystal Black’ සහ ‘Pearl Blue’ යන වර්ණ දෙකෙන් OPPO A16 මිලදීගත හැකි වේ. 

සුපැහැදිලි දර්ශන ලබාදෙන LCD liquid crystal තිරය, දීප්තිය ස්වයංක්‍රීයව අඩුවැඩි වන පරිදි සැලසුම් කර ඇත. Screen ratio මට්ටම 88.70% සහ1600 x 720 (HD+) වන අතර AI Smart Backlighting තාක්ෂණය, දුරකථන භාවිතා කරන්නාට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ smart backlight අත්දැකීමක් ලබාදෙයි. 

A16 මාදිලියට 13MP ප්‍රධාන කැමරාවට අමතරව 2MP Depth (Bokeh) සහ 2MP Macro Camera වශයෙන් තවත් කැමරා දෙකක් ඇතුළත් ය. විශේෂාංග රාශියක් සහිත මෙම කැමරා පද්ධතියෙන් ඡායාරූප ගැනීමේදී Warm, Mist, Country, Travel, Food, Film, සහ Autumn ඇතුළු ෆිල්ටර් වර්ග 15 ක් භාවිතා කළ හැකි වේ. 8MP ඉදිරිපස කැමරාව සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ලබාදෙන අතර, AI Beautification තාක්ෂණය ඉදිරිපස මෙන්ම පසුපස කැමරා වලටද භාවිතා කළ හැකිවීම විශේෂත්වයකි. 

බැටරිය 100% ක් ආරෝපණය වී ඇති විට පැය 34 ක කථා කාලයක් ලැබෙන අතර, එසේ නොමැති නම් පැය 21.02 ක කාලයක් You Tube නැරඹිය හැකි වේ. Super Nighttime Standby මගින් පැය 8 ක කාලයක් සඳහා ආරෝපණය වැයවීම 1.21% ක් දක්වා අඩු කරයි. බැටරිය 5% හෝ ඊට අඩු වූ විට පවා Super Power Saving Mode මගින් පැය 1.84 ක කථා කාලයක් ලබාගත හැක.

Smart Temperature Control තාක්ෂණය මගින් උෂ්ණත්ව සංවේදක භාවිතයෙන් දුරකථනයේ උෂ්ණත්වය පාලනය කරයි. එමෙන්ම මෙහි යොදා ඇත්තේ, පෙර මාදිලි වල මෙන් Micro-USB කනෙක්ටරයක් නොව Type-C වර්ගයේ කනෙක්ටරයකි. මෙහි Nearby Share විශේෂාංගය භාවිතයෙන්, එම විශේෂාංගය සහිත අනෙකුත් OPPO දුරකථන සමග ඉතා පහසුවෙන් දත්ත හුවමාරු කරගත හැකි වේ. 

OPPO A16 හි System Booster මගින් පෙර මාදිලි වලට සාපේක්ෂව lag මට්ටම 18% කින් අවම කරන අතර System Performance Optimizer එහි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. OPPO A16 යනු සම්මත පරීක්ෂණාගාර තත්ත්වයන් යටතේ IPX4 Waterproof තත්ත්වය හිමිකරගත් ස්මාර්ට් දුරකථන මාදිලියකි. ඊට අමතරව එය ප්‍රමිතිය සම්බන්ධ තවත් පරීක්ෂණ රැසකින් සමත් වී තිබේ. 

3GB RAM සහ 32GB ROM සහිත OPPO A16 මාදිලියෙහි පාරිභෝගික විකුණුම් මිල රු. 33,990 ක් වන අතර, OPPO ප්‍රදර්ශනාගාර වලින් මෙන්ම දිවයින පුරා අබාන්ස්, සිංහගිරි හා ඩයලොග් අලෙවිසැල් වලින් සහ Buy Abans සහ Daraz.lk වැනි අන්තර්ජාල අලෙවිසැල් වලින්ද එය මිලදීගත හැකි වේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply