OPPO ColorOS 12 Global Version නිකුත් කෙරේ –  Android 12 පදනම් කරගත් නවතම අත්දැකීමක්

Share with your friend

OPPO සමාගම ColorOS 12 මෙහෙයුම් පද්ධතිය ගෝලීය මට්ටමින් නිකුත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. Android 12 පදනම් කරගත් මෙම නවතම මෙහෙයුම් පද්ධතිය නව විශේෂාංග රැසකින් සමන්විත වන අතර එය දුරකථන භාවිතා කරන්නන්ට නවතම අත්දැකීමක් ගෙනෙනු ඇත. විශේෂයෙන්ම රැකියා ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබර කරගැනීමට උපකාරී වන අංග පෙළක් ඊට ඇතුළත් වී තිබේ. 

මේ අනුව OPPO ලොව Android 12 භාවිතා OEM සමාගම් කිහිපය අතරින් එකක් බවට පත්වී ඇත. ආරම්භයේදී ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල Find X3 මාදිලි සඳහා මෙය භාවිතා වනු ඇති අතර, ඉදිරි මාස කිහිපයේදී අනෙකුත් රටවල් වලටද ColorOS 12 හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. 

Infinite Design සංකල්පය පදනම් කරගත් ColorOS 12 ඉතාමත් නම්‍යශීලී මෙහෙයුම් පද්ධතියක් නිසා එය විවිධ දුරකථන වර්ග වලට අනුව මෙන්ම, විවිධ රටවල්, භාෂා හා සංස්කෘතීන් අනුවද සකස් කරගැනීමේ හැකියාව පවතී. මෙය සැලසුම් කිරීමේදී OPPO පර්යේෂණ හා සංවර්ධන අංශයේ මූලික අවධානය යොමුවී ඇත්තේ පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් ලබාදීම සම්බන්ධයෙන් වන අතර, දීර්ඝ කාලයක් පුරා භාවිතා කිරීමේදී වුවද බාධාවන්ගෙන් තොර ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබාදීමට එයට හැකියාව ඇත. 

මෙහි යොදා ඇති Quantum Animation Engine, වැඩිදියුණු කරන ලද සජීවීකරණ මාදිලි 300 කට අධික සංඛ්‍යාවක් සමගින් වඩාත් ස්වාභාවික සජීවීකරණ අත්දැකීමක් ලබාදෙයි. PC Connect, 3-Finger Translate powered by Google Lens, FlexDrop සහ Phone Manager වැනි අංග නිසා ColorOS 12 පද්ධතිය ඵලදායීතාව වැඩිකර ගැනීමටද බෙහෙවින් උපකාරී වේ. 

ආරක්ෂාවටද ColorOS 12 හිදී මුල්තැනක් ලබාදී ඇති අතර ඒ සඳහා මෙයට Privacy Dashboards, Approximate Location Sharing සහ Microphone and Camera Indicators වැනි අංග රැසක් යොදා ඇත. මීට අමතරව ආරක්ෂාව වෙනුවෙන්ම සැලසුම් කළ තවත් නවතම අංග මෙන්ම, Private System, Private Safe, App Lock වැඩි ජනප්‍රිය අංගද ඊට ඇතුළත් ය. එමෙන්ම දත්ත ගබඩා කිරීම සහ පිරිසැකසුම් කිරීම සම්බන්ධයෙන් විනිවිදභාවය තහවුරු කිරීමට OPPO පියවර ගෙන තිබේ. ලොව ස්ථාන කිහිපයක ස්ථානගත කර ඇති සර්වර් අතරින් ආසන්නතම සර්වර් වල පාරිභෝගික දත්ත non-plain text ලෙස ගබඩා කෙරෙන අතර නිසි විධිවිධාන අනුව ඒවා සම්ප්‍රේෂණය කෙරේ. දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් ePrivacy සහ ISO27001 වැනි සහතිකකරණයන් OPPO වෙත හිමිවී ඇති අතර, අනුකූලතා අධීක්ෂණය සඳහා තුන්වන පාර්ශ්ව අධීක්ෂක ආයතනයක සේවයද ලබාගෙන ඇත. 

ColorOS මෙහෙයුම් පද්ධතිය Android පදනම් කරගෙන ඇති ආකාරයටම, ColorOS හි ඇතැම් විශේෂාංග Android වෙතද ආභාෂය සපයා තිබේ. උදාහරණයන් ලෙස Material You හි Wallpaper-based Theming system සහ දැන් Android 12 පද්ධතියට ඇතුළත් වී ඇති App Cloner මීට උදාහරණ ලෙස දැක්විය හැක. 

2022 වසර වනවිට ColorOS 12 හඳුන්වා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට OPPO අපේක්ෂා කරයි. ඒ අනුව ඉදිරියේදී මාදිලි 110 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරන මිලියන 150 කට අධික පාරිභෝගික පිරිසකට එය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත. 

මෑතකදී OPPO සමාගම ප්‍රථම වරට යාවත්කාලීන ප්‍රතිපත්තියක්ද හඳුන්වා දී දීමටද කටයුතු කළේ ය. 2019 සහ ඊට පසු හඳුන්වා දෙන ලද මාදිලි සඳහා මෙය අදාළ වන අතර, Find X Series මාදිලි සඳහා ප්‍රධාන Android updates 3 ක්ද, Reno/F/K සහ ඇතැම් A Series මාදිලි සඳහා Android updates 2 ක්ද, low memory A Series මාදිලි සඳහා Android updates 1 ක්ද හිමිවනු ඇත. Find X Series සඳහා වසරක 4 ක කාලයකට සහ, Reno/F /K/ A Series මාදිලි සඳහා වසර 3 කට කාලයකට නිතිපතා security patch updates ලබාදීමද මීට ඇතුළත් වේ.

ColorOS පිළිබඳව යනු OPPO හඳුන්වා දී ඇති, හොඳින් සංස්කරණය කළ හැකි, කාර්යක්ෂම, නැණවත් සහ මැනැවින් සැලසුම් කළ ජංගම උපාංග මෙහෙයුම් පද්ධතියකි. ලොව පුරා මිලියන 440 කට අධික පිරිසක් එය භාවිතා කරන අතර, ඉංග්‍රීසි, හින්දි, තායි සහ ඉන්දුනීසියානු ඇතුළු භාෂා 67 ක් සමග එය භාවිතා කළ හැකි වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply