ශ්‍රී ලාංකික පරිශීලකයින් සඳහා, වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙසින් මුදල් ගෙවීමේ ඩිජිටල් විසඳුමක් ලෙසින් Pay&Go app එක හඳුන්වා දී තිබේ. මේ වන විටත් රටපුරා 1000කට අධික kiosks යන්ත්‍ර, 750 කට අධික POS පද්ධති සහිතව ගනුදෙනුවලදී උපරිම පහසුව තහවුරු කරන මෙම ආකර්ෂණීය Pay&Go, මොබයිල් app එක මෙරට 100,000 කට අධික පරිශීලකයින් පිරිසක් විසින් download කර ගෙන ඇති අතර, මුල්‍ය විසඳුම් අතින්, එය ශ්‍රී ලංකාවේ විප්ලවීය වෙනසකට මුල පුරා තිබේ. එම විප්ලවීය වෙනස සමගින් Pay&Go, මෙරට පාරිභෝගිකයින් ආදරයෙන් වැලඳ ගන්නා, ඩිජිටල් මුල්‍ය ගනුදෙනු විසඳුම ලෙස, දිවයින පුරා විසි හතර පැයේ කාර්යක්ෂම හා වේගවත් මූල්‍ය ගනුදෙනු සේවාවක් සලසයි.
ඕනෑම ආකාරයේ මුල්‍ය ගනුදෙනුවක් වෙනුවෙන්, සැදී පැහැදී සිටින Pay&Go, මොබයිල් බිල්පත්, විදුලි බිල්පත්, ජල බිල්පත්, ටෙලිවිෂන් බිල්, දුරකතන බිල්පත් මෙන්ම, අන්තර්ජාල මුදල් ගෙවීම් ආදී සියලු ගනුදෙනුවලදී, වේගවත්, සුරක්ෂිත මෙන්ම විශ්වාසනීය ගනුදෙනුවක් තහවුරු කරයි. මෙම විශ්වාසනීයභාවය, Pay&Go ගනුදෙනුවලදී වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර, දිවයින පුරා පිහිටුවා ඇති kiosks යන්ත්‍ර ඔස්සේ මෙන්ම, POS පර්යන්ත හා පර්ශීලක හිතකාමී app එක මගින් Pay&Go ගනුදෙනුකරුවන් සඳහා පහසුව සලසමින් පෙර නොවූ විරූ මුදල් ගනුදෙනුවකටද හැකියාව සලසා දෙයි.
POS පර්යන්ත මෙන්ම, ලංකාව පුරාම ස්වයං සේවා kiosks යන්ත්‍ර සමගින්, පෝලිම් නොමැතිව ඕනෑම තැනක ඕනෑම මොහොතක පහසු හා වේගවත්, විශ්වාසනීය මුදල් ගනුදෙනුවකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව සලසන Pay&Go app එක මගින් සැලසෙන පහසුවම, එහි ප්‍රචාරණ තේමා පාඨය වන ‘Life is Easy’ මගින්ද අවධාරණය කෙරේ. ඒ හැරුණු විට, පරිශීලක හිතකාමී Pay&Go මොබයිල් app එක, මුදල් ගෙවීම් පිළිබඳව කෙරෙන මතක් කිරීම්, අඩු වියදම් විසඳුම් මෙන්ම, කාලය ඉතිරි කරන පියවර ඇතුළත්ව, මුදල් ගනුදෙනු සඳහා අංග සම්පූර්ණ මොබයිල් app එකක් වන බැවින්, අනෙකුත් මොබයිල් app වලින් වෙනස් වෙයි. ‘Life is Easy’ ප්‍රවර්ධන වැඩසටහන ගෙන එමින් Pay&Go අවධාරණය කරන්නේ, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට කරදරයක් නොමැති විශ්වාසනීය ගනුදෙනු ක්‍රමය හා එක්වී, ජීවිත අභියෝග සාර්ථකව ජය ගැනීමට සහය ලබා ගන්නා ලෙසයි.
‘Life is Easy’ ප්‍රවර්ධන තේමා පාඨය සමගින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් කරා ළඟාවන Pay&Go, වෙන් වෙන් හෑෂ්ටැග් මාලාවක් යටතේ සමස්ත Pay&Go නිෂ්පාදන මාලාවම ප්‍රවර්ධනය කරයි. ඒ අනුව, ජල බිල්පත් ගෙවීමේ Pay&Go සේවාව, #LifeIsRefreshing ලෙසින්ද,විදුලි බිල්පත් #LifeIsBright ලෙසින්ද, රක්ෂණය #LifeIsSafe යනුවෙන්ද පාරිභෝගිකයන් වෙත ගෙනයනු ලැබේ. මොබයිල් සඳහා රීලෝඩ් ගෙවීමේ සේවාවෙහි හෑෂ්ටැග් එක වන්නේ #LifeIsCommunication. එමෙන්ම, #LifeIsEntertainment යනුවෙන් ටෙලිවිෂන් සඳහා ගෙවීමේ සේවාවද, මුල්‍ය ගනුදෙනු සඳහා #LifeIsPlanning යනුවෙන්ද, ස්ථාවර හා බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා ගෙවීමේ සේවාව, #LifeIsConnected, ලෙසින්ද පාරිභෝගිකයින් වෙත ගෙන යනු ලැබේ. හුදෙක් ලේබලයක් නොවන, මේ හෑෂ්ටැග්, පාරිභෝගිකයින්ට මුදල් ගනුදෙනුවලදී පහසුව හා විනෝදය තිලිණ කරමින් අපූරු මුල්‍ය ගනුදෙනු අත්දැකීමකට ඔවුන් රැගෙන යන බවට වන ජීවන පොරොන්දුවක්ද වෙයි. මේ සියලු හෑෂ්ටැග් ඔස්සේ ප්‍රවර්ධනය කරනු ලබන සියලු සේවාවන් Pay&Go මොබයිල් app එක ඔස්සේ පාරිභෝගිකයින්ගේ අතේ දුරට ගෙනවිත් තිබීමද විශේෂත්වයකි.
Pay&Go, හුදෙක් මූල්‍ය ගනුදෙනු සිදුකරන මොබයිල් app එකක කාර්යභාරයෙන් ඔබ්බට ගොස්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, මහනුවර මහ නගර සභාව ආදී රාජ්‍ය ආයතන හා අත්වැල් බැඳ ගනිමින්, රාජ්‍ය අංශයද ඩිජිටල් විසඳුම් සඳහා සහය කර ගනියි. එබැවින්, එය පරිශීලක පහසුව සැලසීමේ ගාමක බලවේගය ලෙස නවමු මානයක් විවර කරන අතරෙහි, මූල්‍ය ගනුදෙනු සම්බන්ධ ඩිජිටල් විසඳුම් අතින් ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන බලපෑමක් ඇති කිරීමටද සමත් වෙයි. ඒ අනුව, මෙරට සෑම ක්ෂේත්රයකම ඩිජිටල් අන්තර්කරණය සාර්ථකව ක්‍රියාවට නැංවීමේ රජයේ දැක්ම හා අනුගතව, වඩාත් දියුණු, කාර්යක්ෂම ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් සඳහා Pay&Go දායක වේ.
ඒ හේතුවෙන්, Pay&Go අත්දැකීම ශ්‍රී ලාංකික පරිශීලකයින්ට හිමිකර දෙන්නේ, පහසුව හා ඩිජිටල් තාක්ෂණය හා අනුගත වීමේ හැකියාව පමණක්ම නොවන අතර, එය හුදෙක් අන්තර්ජාල මුල්‍ය ගනුදෙනු අත්දැකීමද අභිබවා යන්නකි. එය, Pay&Go අත්දැකීම හා එක්වන ශ්‍රී ලාංකික පරිශීලකයින්ට ‘Life is Easy’ යන්න යථාර්ථයක් බවම පසක් කෙරෙන අත්දැකීමකි.
මුදල් ගනුදෙනු පහසුම කරන මෙම ඩිජිටල් විසඳුම, Pay&Go සමගින් එක් වන ලෙස පරිශීලකයින් වෙත සතුටින් ආරාධනා කරනු ලැබේ.