Eyeview Sri Lanka

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි

Share with your friend

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් Pinnacle Sri Lanka Awards කීර්තිමත් සන්නාම අතර ගෞරවර්‍ණයත්වයට පත්වූ KVC සන්නාමය පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ ජනාධිපති අපනයන සම්මාන ඇතුළු ගෞරව සම්මාන රැසකට හිමිකම්කීමට සමත්ව ඇත.

Mr. Anura Rajakaruna – General Manager of Kelani Valley Canneries Ltd, accompanied by Mr. Hasitha Mapitigama and Mr. Asitha Hettiarachchi, receiving the People’s Pinnacle Best Modern Food Processing Brand of the Year 2024 at the Pinnacle Sri Lanka Awards.

1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ ආහාර සැකසුම් ආයතනයක් ලෙස ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනා සිටින Kelani Valley Canneries Limited සමාගම පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාර සංස්කෘතියක් මුල්කරගනිමින් KVC සන්නාමය යටතේ උසස් තත්ත්වය හා නව්‍යකරණය මුසුවූ අතිවිශිෂ්ට නිෂ්පාදන රැසක් දෙස් විදෙස් වෙළෙඳපොලට නිකුත් කරයි. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ අභිමානවත් සාමාජිකයෙකු වන KVC නිෂ්පාදනය, අලෙවිකරණය හා පළතුරු සහ එළවලු අපනයන ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමකි.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක හේමක අමරසූරිය මහතා Pinnacle Sri Lanka Awards 2024 සම්මානය පිළිබඳ අදහස් දක්වමින් “මෙම සම්මානය KVC පවත්වාගෙන ආ පාරම්පරික විශිෂ්ඨත්වය වත්මන් පරපුරට විදහා දැක්වූ අවස්ථාවක්. අපේ හෘදයාංගම පාරිභෝගිකයන්, විශිෂ්ඨත්වය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන KVC කාර්ය මණ්ඩලය සහ අප කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන සියළු ආයතනික පාර්ශ්වකරුවන් සියළුදෙනා නොවන්නට අපට මෙම සම්මානය හිමිවන්නේ නැහැ, ඒ සියළු දෙනාට මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා. අපි එකමුතුව ඉදිරියටත් හොඳම දේ හොඳම විදිහට කරමු.” යැයි පැවසීය.

KVC ආහාර සැකසුම් කටයුතු ආරම්භයේ සිට අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා නැවුම්බව හා උසස් තත්ත්වය රැකගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියේ අතිනවීන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණ ක්‍රමවේදයක් සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කෙරෙන තත්ත්ව පාලන ක්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. KVC සන්නාමය ISO 22000:2018, GMP, HACCP සහ SLS දෙස් විදෙස් ප්‍රමිති සහතික හරහා සහතික කළ විශිෂ්ඨ ආහාර සැකසුම් ක්‍රමවේදයක් පවතී. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය හා ඈත පෙරදිග රටවල් රැසක වෙළෙඳපොළ ආවරණය කරමින් යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, මැදපෙරදිග හා ඇමරිකා එක්සත් ජනපදය වෙතද සිය නිෂ්පාදන අපනයනය කරමින් KVC සන්නාමය ශ්‍රී ලංකාව වෙත අන්තර්ජාතික කීර්තියක් අත්කරදී ඇත.

KVC සන්නාමයේ අනගි නිෂ්පාදන පෙළ යටතේ ටින් කල පලතුරු සහ එළවලු, චට්නි, කෝඩියල්, පළතුරු යුෂ, ජෑම්, නෙක්ටා, පේස්ට්ස්, සම්බල් වර්ග, සෝස් වර්ග, පැණි වර්ග සහ විනාකිරි කැපීපෙනෙයි. 1999 වසරේ පළමු වරට දේශීය වෙළෙඳපොළට පැමිණි මෙම නිෂ්පාදන පෙළ මේවනවිට ගෘහස්ථ පාරිභෝගිකයන්, කේටරින් සේවා ක්ෂේත්‍රය සහ සත්කාරක සේවා ක්ෂේත්‍රයන්ගේ ඉහළ ඉල්ලුමක් දිනාගන්නට සමත්ව සිටියි. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ Scan Products Division යටතේ බෙදාහැරීම් කෙරෙන KVC දීප ව්‍යාප්ත ශක්තිමත් බෙදාහැරීම් ජාලයක් ඔස්සේ දිවයින පුරා ගමින් ගම දොරින් දොර ජනප්‍රිය රසවත් ආහාර සන්නාමයකි.


Share with your friend
Exit mobile version