Eyeview Sri Lanka

Right to Protein සංවිධානය, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී වැඩමුළුවක් පවත්වයි

Share with your friend

ශ්‍රී ලංකාව පුරාම පෝෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන, Right to Protein සංවිධානය සිය අඛණ්ඩ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙසින්, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. පසුගියදා එම වැඩමුළුව පැවැත්වුණේ, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී ය.  

 RTP Session conducted for the parents

බිළිඳු වියේ හා පෙර පාසල් වයසේ දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනය සඳහා ප්‍රෝටීන් වල වැදගත්කම අවධාරණය කරමින් පැවැත්වුණු මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ, කළුබෝවිල මහ රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චරිත වී. ගාල්ලගේ මහතා විසිනි. එහිදී ප්‍රෝටීන් පරිභෝජනයෙන්, මුල් ළමාවියේ දරුවකු තුළ භෞතික සංවර්ධනය සිදුවන ආකාරයද, ප්‍රෝටීන් දරුවකුගේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයද පෙන්වා දෙනු ලැබිණි. එපමණක් නොව, දරුවකුගේ සම්පූර්ණ සෞඛ්‍ය යහපැවැත්ම සඳහා ප්‍රෝටීන් පරිභෝජනය ඉවහල් වන ආකාරය පිළිබඳව වෛද්‍ය ගාල්ලගේ මහතා විසින් වැඩමුළුවට එක්ව සිටි පිරිසට ප්‍රායෝගික උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන ලදී.  

දෙමාපියන්ටත් ගුරුවරුන්ටත්, කුඩා දරුවන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර වර්ග පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට මෙම වැඩමුළුව අනගි අවස්ථාවක් බවට පත් විණි. එමෙන්ම දෙමාපිය ගුරුවරුන් හමුවේ පවතින, එදිනෙදා පෝෂණ අභියෝග පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමද එහිදී දිරිමත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ දැනුම් පරතරය පියවමින්, තිරසාර ප්‍රෝටීන් පරිභෝජනය දිවයින පුරාම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන, Right to Protein, එමගින් සිදුකරන පුළුල් වැඩසටහනක එක් පියවරක් ලෙසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබිණි. Right to Protein සංවිධානය, U.S. Soybean Export Council (USSEC) හි සහයෙන්, මේ වනවිට දකුණු ආසියාව පුරාම ක්‍රියාත්මක වන සංවිධානයකි. 


Share with your friend
Exit mobile version