SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දීමේ දීමනා සමඟින් දැන් වෙළෙඳපොළේ

Home » SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හඳුන්වා දීමේ දීමනා සමඟින් දැන් වෙළෙඳපොළේ
Share with your friend

මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත් ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones කාණ්ඩය සුවිශේෂී හඳුන්වා දීමේ දීමනා සහිතව දැන් මෙරටදී ඔබට මිලදී ගත හැකිය.  

Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones හි නව පාරිභෝගිකයින් සඳහා සැම්සුන් ශ්‍රී ලංකා විසින් ආකර්ෂණීය ප‍්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දී ඇත. මෙම smartphones මිලදී ගන්නා අයට 50%ක වට්ටමකින් සැම්සුන් Galaxy Buds Live ලබා ගත හැකිය. Fold3 cover සමඟ S Pen එකක් සහ Flip3 silicon cover එක සමඟින් ring හෝ strap එකක් ද පාරිභෝගිකයින්ට මෙම smartphone එක සමඟින් මිලදී ගැනීමට හැකියාව ඇත.   

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සහ ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් යන බැංකු මගින් මෙම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ද මාස 20 ක් දක්වා පොලී රහිත වාරික ගෙවීම් සඳහා හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් මෙම ස්මාර්ට් ජංගම දුරකතන මිලදී ගැනීමේදී එය සමඟ කොන්දේසි සහිතව ඩයලොග් වෙතින් 200 GB දක්වා නොමිලේ data දීමනා ලබා ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි. 

”Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සඳහා සැම්සුන් හදවතින්ම වැළඳගත් අපගේ විශාල පාරිභෝගික පදනම වෙතින් අප වෙත හොඳ ප‍්‍රතිචාර ලැබිලා තිබෙනවා. අපගේ පාරිභෝගිකයින් නව Samsung foldables දැඩි කැමැත්තකින් පිළිගෙන තිබීම අපට සතුටක්. මෙම smartphones මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අපගේ ප‍්‍රධාන දීමනා සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳින අතරතුර Galaxy foldables හි සුපිරි තාක්ෂණය හා එහි ඇති නවීනත්වය විඳ ගැනීමට ද දැන් පුළුවන්.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය. 

”Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචාරය ඉතා ඉහළයි. එම smartphones වල ඇති අතිනවීන තාක්ෂණය සහ හැඩකාර පෙනුම සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගේ හදවත් ඉක්මනින් ග‍්‍රහණය කරගෙන තිබෙනවා. ලබා දෙන මෙම ආකර්ෂණීය දීමනා සමඟින් බොහෝ පාරිභෝගිකයින්ට Samsung foldables හි සුපිරි තාක්ෂණය භුක්ති විඳිය හැකියි.”යනුවෙන් Samsung Galaxy foldables සඳහා සන්නාම තානාපතිනී යොහානි ද සිල්වා පැවසුවාය.

සෑම මොහොතකම උපරිම ඵලදායිතාවයක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් සඳහා මෙම  device එක නිර්මාණය කර ඇත. බලය, කාරයක්ෂමතාවය සහ පුළුල් තිර අත්දැකීමක් යන සියල්ල Galaxy Z Fold3 5G සමඟින් එන නිසා ඔබට ඉක්මනින් ඔබගේ දෛනික කාර්යය සටහන පරීක්ෂා කළ හැකි අතර නවීන වීඩියෝ ක‍්‍රීඩා, නොයෙක් අන්තර්ගතයන් නැරඹීමටම මෙන්ම වීඩියෝ ඇමතුම් සඳහා ද වැඩි කාලයක් ගත කළ හැකියි. එකවර apps තුනක් දක්වා භාවිතා කළ හැකි screen එකක් සහිත වැඩ කිහිපයක් එකවර කර ගැනීමට හැකියාව ඇති උපරිම ඵලදායිතාවක් සහිත device එක වන්නේ මෙයයි. foldable සඳහා ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලද S Pen4 ආධාරකය නිසා තිරය මත දෙවරක් click කිරීමෙන් පරිශීලකයින්ට එකවර apps කිහිපයක් වෙත ප‍්‍රවේශ විය හැකි අතර, පුළුල් තිරය මත කෙලින්ම reminders සටහන් කර තැබීමට හෝ තිරයේ ඉහළින් online වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වී සිටියදී තිරයේ පහළින් S Pen මඟින් සටහන් තබා ගැනීමට හැකියාව ඇත.

අඟල් 7.6 ක ප‍්‍රධාන තිරය සහ display camera එක නිසා, ඔබට ඔබ ගැනම අවධානය යොමු කරමින් ඔබට කැමති දේ කරමින් කාලය ගත කරන විට බාධාවකින් තොරව ඔබේ ප‍්‍රියතම වැඩසටහන රසවිදීමට හෝ වීඩියෝ ක‍්‍රීඩා කිරීමට පහසුව සැලසෙයි. Galaxy Z Fold3 5G ඵලදායිතාවය, කාර්යසාධනයේ සිට ඔබ ගමන් කරන ගෙන යා හැකි විනෝදාත්මක device එකක් දක්වා ultimate powerhouse අත්දැකීමක් ඔබට ලබා දෙයි. හැඩකාර deivce එකක් අවශ්‍ය අයට Galaxy Z Flip3 5G ආකර්ෂණීය වර්ණවලින්ද, ඔබේ සාක්කුවට සරිලන සියුම්, සෘජුකෝණාස‍්‍රාකාර හැඩයකින් සහ නවීන පන්නයේ උපාංග සහිතව ඔබට මෙය මිලදී ගත හැකිය. 

Unfold කර චමත්කාර සෙල්ෆි ඡුායාරූප ගැනීමට හැකි Samsung Galaxy Z Flip3 5G හි Flex mode කැමරා විශේෂාංගයද ඇත. සමමිතික හා සමබර හැඩයකින් යුතු වීම හා එහි ඇති stand upright cහැකියාව නිසා ඔබගේ දර්ශනය වඩාත් හොඳින් ග‍්‍රහණය කළ හැකි කැමරා කෝණයක් ලබා දෙයි. එලෙස ලබා ගත් ඡුායාරූපය පසුව සමාජ ජාලා මාධ්‍ය වෙත යොමු කර 120Hz adaptive refresh rate විශේෂාංගය සමඟින් ඉතා මෘදු ලෙස scrolls කළ හැකිය.

එහි විශාල තිරය හරහා ගෙවීම් කටයුතු සිදු කිරීම, වීඩියෝ ක‍්‍රීඩාවල නිරත වීම සහ ඔබට ලැබෙන notifications ඉක්මනින් පරීක්ෂා කිරීම ආදිය ඔබගේ smartphone එක කිසි විටෙකත් විවෘත කිරීමකින් තොරව පහසුවෙන් කරගත හැකිය. Galaxy Z Flip3 5G තෝරා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ එම device එක විවෘතව තිබියදී හෝ වසා තිබියදී හෝ ඔබ ආශා කරනවාටත් වඩා වැඩි යමක් ඔබට ලැබෙන බව හා ඔබ කරන්නේ කුමක් වුවත් එය ඔබ කැමතිම පරිදි සිදු වනු ඇති බවයි. Galaxy Z Flip3 5G යනු folding smartphones වලින් ඔබ්බට ගිය device එකකි. 

ඔබ flip හෝ fold තෝරා ගත්තද මෙම නවතම Galaxy Z devices දෙක මගින් ඔබ මෙතෙක් අත් නොවිඳි කල් පවතින, සම්බන්ධිත හා පුළුල් foldable අත්දැකීම් ඔබට ලබා දෙයිx.මෙම Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G නවතම smartphones ජලයට ඔරොත්තු දෙන තාක්ෂණයෙන් සමන්විත වන අතර Galaxy smartphones සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව Armor Aluminum වලින් මෙය නිපදවා ඇත. එමෙන්ම එහි තිරය Corning® Gorilla® Glass Victus™ වීදුරුවකින් නිමවා තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම් හා බිම වැටීම්වලින් එය ආරක්ෂා කරයි. මෙම smartphone ද්විත්වයම වැඩිදියුණු කළ protective film එකකින් සහ මනාව විධිමත් කරන ලද ආරක්ෂිත පැනලයක් සමඟ ඔබ වෙත පැමිණේ.

මිල සහ මිලදී ගත හැකි ක‍්‍රම 

Galaxy Z Fold3 5G (12+256GB) : රු.399,999 (Phantom කළු Phantom කොළ)

Galaxy Z Flip3 5G (8+256GB) : රු.249,999   (Cream සහ Phantom කළු)

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max සහ Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ඔක්තෝබර් 06 දා සිට ඔබට මෙය මිලදී ගත හැකිය. 

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.


Share with your friend

Leave a Reply

%d bloggers like this: