Samsung Internet 17.0 ඔබේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කරයි

Share with your friend

Samsung Internet 17.0 හි නිල අනුවාදනය දැන් Google Play හෝ Galaxy Store මඟින් download කරගත හැකියි

පරිශීලකයා කේන්ද්‍රකොට ගත් පුද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ සුවිශේෂී විශේෂාංග සහිත නවතම අන්තර්ජාල සම්බන්ධතාව වන Samsung Internet 17.0 නිල වශයෙන් හඳුන්වා දීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් කටයුතු කරන ලදී. Smart anti-tracking සහ HTTPS ප‍්‍රමුඛතා ප‍්‍රවේශය සහිතව හඳුන්වා දී ඇති Samsung Internet 17.0 වෙබ්අඩවි තහවුරු කිරීමේ නවතම ක‍්‍රමවලින් යුක්තය. මේ අතර පුළුල් පරාසක විහිදුණු පරිශීලක අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් drag සහ drop tabs හා අමතර භාෂා විශේෂාංග තුළින් සමස්ත පරිශීලක අත්දැකීම් ඉහළ නැංවෙනු ඇත.   

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා සඳහන් කළේ ‘’Samsung Internet හි සෑම නව හඳුන්වාදීමක් තුළින්ම පුද්ගලිකත්වය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් ඇති නොවන ආකාරයේ ඉහළ browsing අත්දැකීමක් ලබා දීමට අපි කටයුතු කරනවා. අපගේ ප‍්‍රබලම හා ආරක්ෂිතම browsing අත්දැකීමක් වන Samsung Internet ඕනෑම Galaxy පරිශීලකයකුට භාවිත කිරීමේ පහසුකම් සලසා දී ඇති වසර ගණනාවක පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකියි.’’ යනුවෙනි.  

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ තාක්ෂණය

Samsung Internet 17.0 කෘත‍්‍රිම බුද්ධියෙන් (AI) බලගැන්වුණු Smart anti-tracking විශේෂාංගය ඉහළ නංවනු ලබන අතර එය පරිශීලකයන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන තෙවන පාර්ශවයන් අවහිර කිරීමට උපකාරී වේ. එසේම Samsung Internet 17.0 මත URL type කිරීමේදී පරිශීලකයන්ට ආරක්ෂිත HTTPS සැකැස්මක් ලබා දීමට එය හේතු වේ.

ඒ සඳහා වන Smart anti-tracking විශේෂාංගය එහි අන්තර්ගත කොට ඇත.

පුද්ගලික ක‍්‍රියාකාරකම් සඳහා ක්ෂණික හා පහසු ප‍්‍රවේශය 

සැම්සුන්හි browser ඔවුන්ගේ අන්තර්ජාල ක‍්‍රියාකාරකම් ආරක්ෂිතව සිදු කර ගැනීම පිළිබඳව Samsung Internet 17.0 විසින් සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් පරිශීලකයින් වෙත ඉදිරිපත් කරනු ලබයි. Samsung Internet 17.0 සමඟින් පරිශීලකයකුගේ රහස්‍යතා විශේෂාංග සහිත පුවරුවේ ඡුායාරූපයක් ක්ෂණික ප‍්‍රවේශ පිටුව හරහා ලබා ගත හැකි අතර සතිපතා ක‍්‍රියාකාරකම් පිළිබඳ සවිස්තර වාර්තාවක් හා පරිශීලකයන්ගේ පුද්ගලික කැමැත්තට අනුව සැකසීම් සකස් කර ගැනීමේ පහසුකම්ද සලසා දෙනු ලබයි.

Quick Access පුවරුවේ ඇති පුද්ගලිකත්ව උපකරණ පුවරුව පරිශීලකයන්ට පරීක්ෂා කළ හැකිය.

එසේම SMS හෝ App පදනම් කරගත් ද්වි තොරතුරු විශේෂාංග (two-factor authentication) සඳහා විකල්පයක් ලෙස බාහිර ආරක්ෂාව හෝ උපාංග මත ආරක්ෂක යතුරු භාවිත කිරීමටද අවස්ථාව Samsung Internet 17.0 සලසාදෙයි.

සරල එහෙත් ප‍්‍රබල පරිශීලක අත්දැකීමක්

සැම්සුන් හඳුන්වාදෙනු ලැබූ නවතම browser update කිරීමෙහි සමස්ත පරිශීලක අත්දැකීම වෙනුවෙන් වැඩිදියුණු කිරීම් කිහිපයක් ඇතුළත් වන අතර තමන් කැමති tab සමූහයන් drag සහ drop කිරීමේ හැකියාව සමඟින් පහසුවෙන් හා වේගයෙන් ක‍්‍රියාත්මක කිරීමේ හා සැරිසැරීමේ පහසුකම් සලසා ඇත.

ඒ ඒ අංශයන්ට අදාල ටැබ් සමූහයන් වෙත drag  සහ drop කිරීමේ පහසුව එහිදී විශේෂ වේ.

Bookmarks, history සහ ආරක්ෂා කරන ලද පිටු හරහා වැඩි දියුණු කළ සෙවුම් අත්දැකීම් ලබා දෙන Samsung Internet 17.0 හි browser තුළින් සාමාන්‍ය පරිශීලක අක්ෂර වින්‍යාසයන් හඳුනාගනිමින් Bookmarks හා ආරක්ෂා කරන ලද පිටු මත පදනම්ව දත්ත සමුදායක් තුළින් වාක්‍ය කොටස් හා වාක්‍ය සෙවීමට වචන මත පදනම් වූ ගැලපීමේ විමසීම් සැකසීමට අවස්ථාව සලසයි. එසේම වචන ගැලපීම මඟින් ඒවා ශබ්ද කරන ආකාරය මත පදනම්ව නිශ්චිත යෙදුම් සෙවීමට එහිදී හැකියාව ලබා දී ඇති අතර භාෂා 5ක් එක් කරමින් පරිවර්තන හැකියාවන් භාෂා 26ක් දක්වා ඉහළ නංවා තිබීමද විශේෂත්වයකි.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply