Samsung Members: සියලූම සැම්සුන් Galaxy පරිශීලකයින් සඳහා වන ගෝලීය යෙදවුම (app)

Share with your friend

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, සියලූම Galaxy පරිශීලකයින් එකට එක් කරන ගෝලීය වේදිකාවක් වන Samsung Members හරහා සිය නවතම යාවත්කාලීන තොරතුරු සහ විශේෂාංග සිය පාරිභෝගිකයින් වෙත රැගෙන එයි. Samsung Members යනු සැම්සුන් සමාගමට අයත් ප‍්‍රජා වේදිකාවකි. එමගින් සියලූම ශ‍්‍රී ලාංකික Galaxy පරිශීලකයින්ට විවිධ මාතෘකා සාකච්ඡුා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ Samsung Galaxy අත්දැකීම බෙදාහදා ගත හැක. M සලකුණ මගින් හඳුනා ගත හැකි ඉතා ප‍්‍රයෝජනවත් මෙම app එක, සියලූම නවතම සැම්සුන් smartphones වල install කර තිබෙන නිසා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නවතම Galaxy device එක අතට ගත් වහාම මෙම app එක වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකිය. මෙම app එක විශේෂයෙන් සියලූම සැම්සුන් පරිශීලකයින්ට ප‍්‍රජාවක් ලෙස එකට එක් වී ඔවුන්ගේ පරිශීලක අත්දැකීම් ඉහළ නැංවීමට ඉඩ සලසයි. 

Samsung Members Community tab විශේෂාංගය මගින් ප‍්‍රවීණයන්ට, රසිකයින්ට සහ වෙනත් සාමාජිකයින්ට විවිධ නිෂ්පාදනයන් පිළිබඳ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට හා වෙනත් අයෙකු සමඟ එක් වී අන්තර්ගතයන් නිර්මාණය කිරීමට ද ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ද හැකිය. මීට අමතරව, පාරිභෝගිකයින්ගේ විවිධ හා සිත් ඇදගන්නා සුළු විනෝදාංශයන් ගැන කතා කරන ක‍්‍රීඩා නිර්මාණය කෙරෙනු ඇති අතර ඒ සියල්ලටත් වඩා නිරන්තරයෙන් සංවාදයට ගැනෙන මාතෘකා යෝජනා කිරීමට ද එම ප‍්‍රජාවට ආරාධනා කරනු ලබයි.

සැම්සුන් පරිශීලකයින් එකට එක් කරන මෙම විශේෂාංගය gaming, Galaxy Gallery සහ Tips & Tricks වැනි විවිධ කාණ්ඩවලින් සමන්විතය.

ක‍්‍රීඩා සහ e-ක‍්‍රීඩාවලට දැඩි කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට අදාළ විශේෂාංගය හරහා ක‍්‍රීඩා පිළිබඳ ඉඟි සමඟින් ක‍්‍රීඩා ලෝකයේ නවතම සංවර්ධනයන් පිළිබඳ තොරතුරු ඔබ වෙත රැගෙන එයි. තවද මෙම කොටස මගින් දුරකතන විශේෂාංග සහ විශේෂයෙන්ම ගේමින් පිළිබඳ ප‍්‍රවෘත්ති කතා බහ කරයි. 

මේ අතර, Featured posts යනු සමාගම විසින් නවතම ප‍්‍රවර්ධනයන්, හඳුන්වා දීම් සහ නිෂ්පාදන පිළිබඳ තොරතුරු සපයන ස්ථානයයි. මෙම කොටසින් පරිශීලකයින්ට සැම්සුන් ශ‍්‍රී ලංකා වෙතින් ඉදිරිපත් කරන නවතම ඉදිරිපත් කිරීම් දැනගත හැකිය. පරිශීලකයින්ට නවතම software updates පිළිබඳ තොරතුරු සැම්සුන් වෙතින් ඍජුවම ලබා ගත හැකි අතර එමඟින් තෙවන පාර්ශවීය අනවසර updates මග හරවා ගත හැකිය.

‘Get Help’ කොටස හරහා, පරිශීලකයින්ට සැම්සුන් device වල කාර්යසාධනය උපරිම කිරීමට හැකි සියලූ ක‍්‍රම පිළිබඳන ගවේෂණය කළ හැකිය. මෙමගින් ඔවුන්ට තොරතුරු දැන ගැනීමට මෙන්ම බැටරි ක‍්‍රියාකාරීත්වය විධිමත්ව පවත්වා ගන්නේ කෙසේද, storage usage හා ඔවුන්ට තවත් දේ කිරීමට උපකාර වන වෙනත් විශේෂාංගවල දෝෂ ඇත්දැයි දැන ගැනීමට පරීක්ෂාවන් සිදු කළ හැකිය. සැම්සුන් මෙය පාරිභෝගිකයා වෙනුවෙන්ම නිර්මාණය කළ app එකක් බවට පත් කිරීමට උත්සාහ කරන අතර සැම්සුන් අත්දැකීම එක් එක් පාරිභෝගිකයාට ආවේනික වන පරිදි හා ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතාවලට සරිලන ලෙස නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයකි. පරිශීලකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම අන්තර්ගතය bookmark කිරීමට, ඔවුන්ගේ devices කළමනාකරණය කිරීමට හා ඔවුන්ගේ app එකේ ක‍්‍රියාකාරීත්වය බැලීම ආදී සියල්ල එක් තැනකින් සිදු කර ගැනීමේ පහසුව මෙමගින් සලසා දෙයි. 

තවද, මෙහි ඇති Galaxy Gallery මගින් පරිශීලකයින්ට නිර්මාණශීලී වීමට සහ ඡුායාරූපකරණය පිළිබඳ ඔවුන්ගේ කුසලතා බෙදා ගැනීමට හැකි canvas area එකක් ලෙස ක‍්‍රියාත්මක වෙයිx මෙම විශේෂාංගය පරිශීලකයින් විසින් upload කරන ලද සියලූම ඡුායාරූප තබා ගන්නා අතර වෙනත් පරිශීලකයින්ට ඔවුන්ගේ ඡුායාරූප ගැනීමේ කුසලතාවන් වැඩි දියුණු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැන ගැනීමට හෝ Samsung ප‍්‍රජාව අතර ඔවුන්ගේ ඡුායාරූප බෙදා හදා ගැනීමට එමගින් අවස්ථාව ලබා දෙයි. 

පරිශීලකයින්ට මෙම මාතෘකා යටතේ රසවත් අන්තර්ගතයන් සහ තොරතුරු සොයා ගැනීමට හැකියාව ලැබෙනවා පමණක් නොව, විමසීම් කිරීමට, අනාගතයේදී මෙම අංශවල දැකීමට අවශ්‍ය දේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට ද හැකි වනු ඇත. එමෙන්ම එකම ආසාවන් ඇති වෙනත් පුද්ගලයින් සමඟ අන්තර් සබඳතාවන් පවත්වා ගැනීමට ද මෙමගින් හැකියාව ලැබේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ”තාක්ෂණය අපගේ ජීවිතයේ බොහෝ අංශවලට බලපානු ලබන අතර එමඟින් අපගේ එදිනෙදා ජීවිතයේදී අපට ලබා දිය හැකි දේ සම්පූර්ණයෙන්ම ප‍්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න දැන ගැනීම වැදගත් Samsung Members app පරිශීලකයින් හා ඔවුන්ගේ නිෂ්පාදන අතර සැම්සුන් අත්දැකීම වැඩිදියුණු කිරීමට ඔබට ඉඩ සලසයි. දැන්, පාරිභෝගිකයින්ට සැම්සුන් හි නවෝත්පාදනයන් ඔවුන්ගේ ජීවිත පහසු කරන්නේ කෙසේද යන්න ගැන වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට ද හැකි වනු ඇති අතර ඔවුන්ට අලූත් මාතෘකා මතු කිරීමටත්, ප‍්‍රවීණයන් සමඟ කතාබහ කිරීමටත්, ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඇති විවිධ ක‍්‍රියාකාරකම්වලට සහභාගී වීමටත් හැකියාව ලැබේවි. එමගින් පාරිභෝගිකයින්ට සැමවිටම නව්‍ය හා උසස්ම දේ තිළිණ කිරීමට සැම්සුන් සතු දැඩි උනන්දුව පිළිබිඹු කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply