SLT-MOBITEL පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථානය ආසියාවේ පළමු වරට ISO 18295-1:2017 ප්‍රමිති සහතිකය හිමිකර ගනී

Home » SLT-MOBITEL පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථානය ආසියාවේ පළමු වරට ISO 18295-1:2017 ප්‍රමිති සහතිකය හිමිකර ගනී
Share with your friend

තත්ත්වකළමනාකරණප්‍රමිතීන්වෙනුවෙන් ISO 9001:2015 සහතිකයදහිමිවේ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය, ආසියාවේ ප්‍රථම වරට ISO 18295-1:2017 ප්‍රමිති සහතිකය හිමිකරගත් පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථානය බවට පත්වීමට පසුගියදා සමත් විය. මීට අමතරව පාරිභෝගික, ව්‍යවස්ථාපිත සහ නියාමන ප්‍රමිතීන් පවත්වා ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත ISO 9001:2015 ප්‍රමිති සහතිකකරණයද හිමි වී ඇත. 

පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථාන සහ පාරිභෝගිකයන් අතර ඇතිවන සියලුම ආකාරයේ ගනුදෙනු සම්බන්ධයෙන් එම මධ්‍යස්ථාන විසින් පවත්වාගනු ලැබිය යුතු ප්‍රමිතීන් මොනවාද යන්න ISO 18295 ප්‍රමිති සහතිකය යටතේ දක්වා තිබේ.  මෙය ලොව පුරා සමාගම් හා ආයතන වෙතින් පාරිභෝගිකයන් වෙත ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය උසස් කිරීමට බෙහෙවින් දායක වී ඇත.

“ආසියානු කලාපය තුළ ISO 18295 ප්‍රමිති සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ආයතනය බවට පත්වීමට හැකිවීම අපට විශාල ගෞරවයක්. අපගේ සේවාවන් සහ ක්‍රියාවලි ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි වැඩිදියුණු කරගැනීම සඳහා අප සතු හැකියාව සහ, ඒ වෙනුවෙන් අප දරන නිරන්තර උත්සාහය මෙවැනි ඇගයීම් මගින් මැනැවින් තහවුරු වනවා. දේශීයත්වය ආරක්ෂා කරගනිමින්, නවතම ක්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගිකයන්ට දිනෙන් දින දියුණු වන ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.” Mobitel (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික සේවා) ජීන් ෆනෑන්ඩස් මහත්මිය පැවසුවා ය. 

COVID-19 කාලය අතරතුර පවා පාරිභෝගිකයන් වෙත විශ්වාසනීය සේවාවක් ලබාදෙමින්, ආයතනයේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වූ පාරිභෝගික සේවා ඉදිරිපෙළ බලකාය වූයේ SLT-MOBITEL ඇමතුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයයි. මෙම කාර්ය මණ්ඩලයට තම නිවෙස් වලට සිටම පාරිභෝගිකයන් වෙත නොකඩවා සේවාවන් සැපයීමට හැකිවන ආකාරයට, ජංගම ඇමතුම් මධ්‍යස්ථාන සංකල්පයක් ඉක්මනින්ම හඳුන්වා දීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. 

“ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ව්‍යාපාර වල සාර්ථකත්වයට තත්ත්ව කළමනාකරණය බෙහෙවින් බලපානු ඇත. රට පුරා සේවාවන් ව්‍යාප්ත කර ඇති ව්‍යාපාර විශේෂයෙන්ම තරගකාරී වාතාවරණයන් යටතේ උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන හා සේවාවන් සෑම විටම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කළ යුතුයි. පාරිභෝගික අවශ්‍යතා සැපිරීම, ආයතනික කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ දියුණුව උදෙසා Mobitel (පුද්.) සමාගම පෙන්නුම් කරන කැපවීම, උසස් තත්ත්වය සම්බන්ධයෙන් එයට හිමි වී ඇති පිළිගැනීම මෙන්ම, ක්ෂේත්‍රයේ තුළ එය සතු නායකත්වය නැවත නැවතත් තහවුරු කරන සාධකයක් බවට පත්වී තිබෙනවා.” Bureau Veritas Lanka පුද්. සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී ශාන් නානායක්කාර මහතා පැවසී ය. 

මීට අමතරව ISO 9001:2015 ප්‍රමිති සහතිකකරණය හිමිකරගැනීමට අවශ්‍ය වන දැඩි විගණන ක්‍රියාවලිය සපුරාලමින් එම සහතිකකරණයද හිමිකර ගැනීමට SLT-MOBITEL Mobile සමත් වී තිබේ. මෙය අදාළ ව්‍යවස්ථාපිත සහ නියාමන අවශ්‍යතා වලට අනුකූලව කටයුතු කරමින්, උපරිම පාරිභෝගික තෘප්තියක් සහතික කිරීමට සමාගම සමත් වන බවට පැහැදිලි සාක්ෂියකි. 

මෙවැනි සහතිකකරණයන් හිමි වීම යනු හුදෙක් අනුකූලතාව සම්බන්ධ කරුණක් නොවන බවත්, එය තම සේවාවන් නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීම ඔස්සේ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් පිරිනැමීම ඉලක්ක කරගත් නිරන්තර උත්සාහයක ප්‍රතිඵල බවත් SLT-MOBITEL විශ්වාස කරයි. 


Share with your friend

Leave a Reply

%d bloggers like this: