Site icon Eyeview Sri Lanka

SLT-MOBITEL මෙවර CCSL National IT Conference බලගන්වයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා පරිගණක සංගමය (Computer Society of Sri Lanka – CSSL) 39 වන වරටත් සංවිධානය කළ ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ ය. මෙම සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ පමණක් නොව මෙම කලාපයේම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ඉසව්වක් ලෙස සැලකෙන අතර, COVID -19 තත්ත්වය හේතුවෙන් මෙවර සම්මන්ත්‍රණය 2021 ඔක්තෝබර් 11 සහ 12 දෙදින තුළ Virtual සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්විණි. 

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අතර, උත්සවයේ ගරු ආරාධිතයෙකු  ලෙස සහභාගී වූ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සහ ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා එහි ප්‍රධාන දේශනයද සිදුකළේ ය.


Share with your friend
Exit mobile version