Eyeview Sri Lanka

SLT-MOBITEL, වර්ණවත් ‘LMD Awards Night 2024’ හිදී විශිෂ්ටතම සමාගමක් ලෙස ඇගයීමට ලක් වේ

Share with your friend

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘Lanka Monthly Digest’ (LMD) සඟරාවට දශක තුනක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘LMD Awards Night’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Cinnamon Life හි Lumina Ballroom උත්සව ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී SLT-MOBITEL ද ඇතුළුව මෙරට විශිෂ්ට සමාගම් හා ආයතන 25 ක් ඇගයීමට ලක් විය

පසුගිය වසර 30 ක කාලය තුළ Brands Annual, LMD 100, Most Respected සහ Most Awarded යන ශ්‍රේණිගත කිරීම් ඇතුළුව LMD විශේෂ කලාප මගින් ඇගයීමට ලක් වූ ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන LMD Awards Night 2024 හිදී ඇගයීමට ලක් විය. මෙම සම්මාන උළෙල, තම ක්ෂේත්‍ර තුළ අඛණ්ඩව විශිෂ්ටත්වය හා නවෝත්පාදනය ප්‍රදර්ශනය කළ සමාගම් හා ආයතනවල කාර්යභාරය ඇගයීම සඳහා අගනා වේදිකාවක් බවට පත් විය.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ ඩිජිටල් යටිතල පහසුකම් ජාලයේ ස්ථාවර කේන්ද්‍රයක් බවට පත් වී ඇත. පුළුල් ආවරණ පරාසයක් සහිතව දීපව්‍යාප්තව ස්ථාවර හා ජංගම දුරකථන සේවාවන් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් සපයන SLT-MOBITEL රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

නවෝත්පාදනය උදෙසා වන කැපවීම නැවත නැවතත් තහවුරු කරමින් SLT-MOBITEL මේ වනවිට ස්ථාවර හා ජංගම දුරකථන සේවා, Broadband, Data, Internet Protocol Television (IPTV), Cloud Computing, Hosting සහ Advanced Networking ඇතුළු සේවා රාශියක් පිරිනමයි.


Share with your friend
Exit mobile version