Eyeview Sri Lanka

SLT-MOBITEL සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විවෘත කරයි

Share with your friend

– සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලැබීමේ උත්සාහයේ තවත් පියවරක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් කටාන පොත්තොඩේ ප්‍රදේශයේ බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණි. 

SLT-MOBITEL සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින à¶…à¶šà·Šà¶šà¶» 04කින් යුත් භූමියක මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානය ස්ථාපිත à¶šà¶» ඇත. දැනට මෙම මධ්‍යස්ථානය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන à¶…à¶­à¶», ඉන් à¶‘à¶šà·Š කොටසක (à¶…à¶šà·Šà¶šà¶» 2) නිලධාරී නිල නිවාසද, අනෙක් කොටසෙහි (පර්චස් 40) විශාල ක්‍රීඩා පිටියක්ද ඉදිකර à¶­à·’à¶¶à·š. එමෙන්ම සුළු සේවකයන් සඳහා මෙහි à¶…à¶šà·Šà¶šà¶» 1.75 à¶š ප්‍රදේශයක නිල නිවාස ඉදිකර ඇත. මීට පෙර මෙම ස්ථානය SLT නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ලෙස මෙන්ම COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද භාවිතා විය. 

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරු ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ. ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයට නව පහසුකම් රාශියක් එක්කිරීමට SLT-MOBITEL සැලසුම් à¶šà¶» à¶­à·’à¶¶à·š. 

මෙම මධ්‍යස්ථානය දියත් කිරීමේ පරමාර්ථයන් වන්නේ SLT-MOBITEL කාර්ය මණ්ඩලයට වඩාත්  පුළුල් තලයේ පහසුකම් ලබා දීම, ඔවුන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ බාහිර පුහුණු කටයුතු එකම ස්ථානයකදී සිදුකිරීමට අවස්ථාව ලබාදීම යනාදියයි. මීට අමතරව බාහිර වැඩසටහන් පැවැත්වීම සඳහාද මෙම පරිශ්‍රය භාවිතා වනු ඇත. එමෙන්ම මෙමගින් තමන් සතු දේපළ වලින් උපරිම ප්‍රයෝජන ගැනීම, පුහුණු කටයුතු සඳහා වැයවන වියදම් දීර්ඝකාලීනව අවම කරගැනීම සහ බාහිර වැඩසටහන් පැවැත්වීමට අවස්ථාව ලබාදීම තුළින් ආදායමක් උපයා ගැනීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමට ද SLT-MOBITEL à·„à¶§ හැකියාව ලැබේ. මෙහි විශාල ඉඩකඩක් පවතින බැවින්, හරිත වැඩසටහන් ඔස්සේ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමටද SLT-MOBITEL වෙත අවස්ථාව හිමිවනු ඇත. 

ඉදිරියේදී සංචාරක බංගලාවක් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සියලු පහසුකම් සහිත නව විනෝද මධ්‍යස්ථානයක් වැනි පහසුකම් මෙහි ඉදිකිරීමටත්, අභ්‍යන්තර හා බාහිර ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමටත් SLT-MOBITEL සැලසුම් à¶šà¶» à¶­à·’à¶¶à·š. 

සමස්තයක් ලෙස ගත්විට SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම තහවුරු කිරීමත්, ඔවුන් අතර සුහදත්වය වර්ධනය කිරීමත්, මෙහි පැමිණෙන්නන් හට ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලබාදීමත් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ මූලික අරමුණු ලෙස පෙන්වා දිය හැක.


Share with your friend
Exit mobile version