Eyeview Sri Lanka

STERLINGTM කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය

Share with your friend

කර්මාන්ත ප්‍රවීණතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව ස්ටර්ලින් ස්ටීල්ස් Sterling Steels කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය පවත්වනු ලබයි.

Sterling Steels කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය හරහා කර්මාන්ත සබඳතා ශක්තිමත් කෙරේ.

Sterling Steels කර්මාන්ත ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම උදෙසා කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය පවත්වනු ලබයි.

මින් පෙර Bluescope Lysaght Lanka (Pvt) Ltd ලෙස හැඳින්වූ Sterling Steels (Pvt) Ltd, 2025 පෙබරවාරි මස 11 වන දින සිය කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය පැවැත්වූ අතර ප්‍රමුඛ පෙළේ කොන්ත්‍රාත්කරුවන් සහ ආයතනික ව්‍යාපාරික ප්‍රධානීන් එක්කොට ගනිමින් දැනුම හුවමාරු කර ගැනීමේ සුවිශේෂී සැසියක් ද එහි දී පැවැත්විණි.

කර්මාන්ත සහයෝගීතාව සහ ප්‍රවීණතාව ශක්තිමත් කිරීමේ අභිප්‍රායෙන් ක්‍රියාත්මක එහි අඛණ්ඩ මුලපිරීමේ කර්තව්‍යයක් ලෙස මෙම සමුළුව, STERLINGTM සන්නාමය හඳුන්වා දීමට, වානේ ඉදිකිරීම් ස්ථාපනය සහ නඩත්තුව පිළිබඳ සුවිශේෂී පිළිවෙත් සාකච්ඡා කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ ප්‍රමුඛ වෘත්තිකයන් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට අවස්ථාවක් සපයන ලදී. කර්මාන්තය තුළ ඉහළ ප්‍රමිතීන් සහතික කිරීම උදෙසා අවශ්‍ය තීක්ෂණ බුද්ධිය සහ තාක්ෂණික දැනුමෙන් කොන්ත්‍රාත්කරුවන් සන්නද්ධ කිරීමට Sterling Steels හි කැපවීම මෙම සමුළුව හරහා අවධාරණය කෙරිණි.

වසර 30 කට අධික කාලයක් පුරා විහිදුණු උරුමයක් සමඟින්, උසස් වානේ සෙවිලි සහ ආවරණ විසඳුම්වල විශ්වාසදායක ප්‍රමුඛයෙකු ලෙස Sterling Steels සිය කීර්ති නාමය තහවුරු කර ගෙන ඇත.

වර්තමානයේ E.B. Creasy & Co. PLC හි අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙම සමාගම, නවීන ඉදිකිරීම්හි විකාශනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා නවෝත්පාදනය, තිරසාරභාවය සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් ඒකාබද්ධ කරමින් වසර 146 ක විශිෂ්ටත්වයකට හිමිකම් කියයි.

මෙම සම්මේලනය කොන්ත්‍රාත්කරුවන්ට විවිධ ගොඩනැගිලි යෙදවුම් සඳහා උසස් කල්පැවැත්ම, කාර්යක්ෂමතාව සහ සැලසුම් නම්‍යශීලීභාවය ලබා දීම උදෙසා නිර්මාණය කර ඇති ප්‍රමුඛතම සන්නාමය වන STERLINGTM PRO SERIESTM සහ එහි පුරෝගාමී MAXEAM470TM සෙවිලි පද්ධතිය යන Sterling Steels හි උසස් නිෂ්පාදන යුගලය ගවේෂණය කිරීම සඳහා සුවිශේෂ වූ අවස්ථාවක් සපයන ලදි.

ස්ටර්ලින් ස්ටීල්ස් සම්බන්ධයෙන් වූ සිය අත්දැකීම් පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති පෝල් ඩැරින්ටන් මහතා මෙසේ පැවසීය, “මම වසර 15කට ආසන්න කාලයක් Sterling Steels සමඟ සම්බන්ධ වී කටයුතු කළ අතරම මෙම සමස්ත කාල පරාසය පුරාම උසස් තත්ත්වයේ සේවාවක් මෙන්ම උසස් ද්‍රව්‍ය නිරන්තරයෙන් මෙමඟින් සපායා ඇත. එම නිසා ස්ටර්ලින් ස්ටීල්ස් පිළිබඳ නොසැලෙන විශ්වාසයක් මා සතුය.”

දැනුම හුවමාරු කර ගැනීමේ සැසිය වානේ සෙවිලි අයිතම තෝරා ගැනීමේ සහ නඩත්තු කිරීමේ ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කළ අතර, Sterling Steels හි කර්මාන්ත විශේෂඥයින් නිරවද්‍යතාව, ව්‍යුහාත්මක අඛණ්ඩතාව සහ දිගුකාලීන කාර්ය සාධනය වැඩි දියුණු කිරීමෙහි ලා ප්‍රායෝගික මග පෙන්වීමක් සපයන ලදි.

මෙම සම්මේලනය ක්‍රියාකාරී සාකච්ඡා සඳහා අවස්ථාව සැපයූ අතර, කොන්ත්‍රාත්කරුවන්ට සමාගමේ විශේෂඥයින් සමඟ සෘජුවම සම්බන්ධ වීමට සහ Sterling Steels හි උසස් තත්ත්වයේ විසඳුම් සමඟ ඔවුන්ගේ ව්‍යාපෘති ප්‍රශස්ත කිරීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ද ඉඩ සැලසීය. Sterling Steels නිෂ්පාදන නවීන ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූලව සෞන්දර්යාත්මක මෙන්ම ක්‍රියාකාරී අවශ්‍යතා යන ද්විත්වයම සපුරාලන ආකාරය දක්වමින්, කල් පවතින, තිරසාර ද්‍රව්‍ය භාවිතා කිරීමේ වැදගත්කම ද මෙම සැසියේදී මූලිකව සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය තුළ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා වන එහි පුළුල් උපාය මාර්ගික ප්‍රයත්නයක් ලෙස, Sterling Steels ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඇති සබඳතා සහ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස එහි ස්ථානය ශක්තිමත් කෙරෙන මූලාරම්භයන් සඳහා ආයෝජනය කිරීම සිදු කරයි.

ඒ අනුව, පැවැත්වුණු කොන්ත්‍රාත්කරුවන්ගේ සම්මේලනය මඟින්, අති නවීන, ඉහළ කාර්යසාධනයක් සහිත වානේ සෙවිලි විසඳුම්හි විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය නැවත තහවුරු කරමින් Sterling Steels හි තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි.


Share with your friend
Exit mobile version