තිරසරබව සහ සුඛෝපභෝගීත්වය එකට මුසුකරගත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, මෙරට 77 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරතිබුණි. පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී විශේෂයෙන්ම හෝටලයේ මූලිකත්වය යටතේ දිවයිනේ නැගෙනහිර කලාපයේ නොඉඳුල් මුහුදු තීරයත්, විවිධ ආහාරපාන රටා සහ සංස්කෘතික අත්දැකීම් පිරිනමමින් ලබාදෙන සංචාරක පුනර්ජීවනය ඉස්මතු කෙරිණි.
ඒ වෙනුවෙන් හෝටල් කාර්යමණ්ඩලය මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ද සහභාගී කරවාගත් විවිධ අංග ගණනාවක් සංවිධානය කරතිබුණි. වැඩසටහන ආරම්භ වූයේ ජාතික ගීය ගායනා කරන අතරතුර ජාතික ධජය ඔසවමිනි.
ශ්‍රී ලංකාව 77 වනි නිදහස් දිනය සමරන මේ මොහොතේ, Sun Siyam Pasikudah හෝටලය අඛණ්ඩව අපගේ දේශීය ප්‍රජාවගේ වර්ධනයට දායකවෙමින් සංචාරකයින්ට සුවිශේෂී අත්දැකීම් පිරිනැමීමට ඇපකැපවී සිටින බව සිහිපත් කිරීමට කැමතියි, යනුවෙන් Sun Siyam Pasikudah හි සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසුවේය. අපි සංචාරකයින්ට ඇරයුම් කරන්නේ හුදෙක් නැගෙනහිර සුන්දරත්වය අත්දැකීමට පමණක් නොවෙයි. ඉන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ සංචාරක පුනරුදයට විශේෂ දායකත්වයක් සපයමින් ඊට ආර්ථික අගයක් එකතුකිරීමට අපි කටයුතු කරනවා. එහිදී තිරසරබව සහ සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සේවාවක් සැලසීම අපේ අරමුණයි, යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේය.
ජාතික ධජය එසවීමෙන් අනතුරුව, සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ තේපැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණි. ඊට දේශීය රසකැවිලි රැසක් ද ඇතුළත් විය. ඊට නිදහස් දින සැමරුම් කේක් නිර්මාණයක් ද එක්කර තිබීම කැපීපෙනුණි. ඉන් අනතුරුව විවිධ සංස්කෘතික නර්තනාංග ද, මෙරට ඉතිහාසය පිළිබඳ විස්තර කෙරෙන කථාංග ඉදිරිපත් කිරීම් ද, වෙරළතීරයේ විවිධ විනෝදාස්වාද ක්‍රීඩා ද පැවැත්වුණු අතර, සමස්ත හෝටල් භූමියම උත්සවශ්‍රීයක් ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර, 2025 ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය 250,000කට අධික විය. එම වර්ධනය සඳහා කැපීපෙනෙන දායකත්වය ලබාදීමට Sun Siyam Pasikudah හෝටලයට හැකිවූයේ, අසමසම අත්දැකීමක් සංචාරකයින්ට සමීප කරවමිනි.
නිදන කාමර 1 සහ 2කින් යුත් පැවිලියන් මාදිලියේ නවාතැන් පහසුකම්වලින් යුත් Sun Siyam Pasikudah හෝටලය ප්‍රනීත ආහාරපාන මෙන්ම අමතක නොවන අත්දැකීම් රැසක් ද දෙස් විදෙස් සංචාරකයින්ට සමීප කරයි. ඒ අතර, ස්නෝක්ලින්, ජෙට් ස්කීන් සහ මුහුදු යට කිමිදීම් වැනි ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම් රැසක් ද වේ. තව ද රෝමාන්තික වෙරළ විවාහ මංගල්‍ය මෙන්ම ආයතනික උත්සව සහ වැඩසටහන් ද, පෞද්ගලික සම්භාෂණ ද ඇතුළු පුළුල් පරාසයක අත්දැකීම් සංචාරකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස පිරිනැමීමට හෝටලය සැදීපැහැදී සිටියි.
Studio Sixty7 සමඟ එක්ව සිදුකළ පුළුල් නවීකරණයකින් පසු හෝටලය යළි විවෘත වූයේ 2023 නොවැම්බර් 17 වැනිදා ය. එම නවීකරණය සමඟින් හෝටලයට නවීන සුඛෝපභෝගී පෙනුමක් සහ පහසුකම් රැසක් හිමිවිය.
දිවයිනේ නැගෙනහිර වෙරළතීරයේ සුන්දරත්වයත්, සංස්කෘතික උරුමයක් කැටිකරගනිමින් සාධාරණ මිලගණන් යටතේ සුඛෝපභෝගී අත්දැකීමක් සංචාරකයින්ට සමීප කිරීමට Sun Siyam Pasikudah හෝටලය සමත්ව තිබේ. මේ වනවිට දේශීය සංචාරකයින් වෙනුවෙන් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් ද ඇතුළුව) සියයට 30ක විිශේෂ වට්ටමක් ද ක්‍රියාත්මක වේ. වැඩිදුර තොරතුරු www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියෙන් හෝ 065 2055 555 හෝ 0702424263 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.