ආධ්‍යාත්මික සුඛෝපභෝගීත්වය සහ තිරසර සංචරණය පෙරටුකරගත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා ඩුබායිහිදී පැවැති 2025 ගෝලීය සාම සංචාරණ සමුළුවේදී වසරේ සුඛෝපභෝගී වෙරළ නිකේතනය ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. මානසික සුවයට මුල්තැනක ලබාදෙන සංචරණ කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාව හිමිකරගනිමින් සිටින ප්‍රමුඛතාව එමගින් මනාව පිළිබිඹු වූ අතර, දේශීය ප්‍රජාවට ද සහාය වෙමින් අසමසම සංචාරක අත්දැකීමක් පිරිනැමීමට Sun Siyam Pasikudah හෝටලය දරන උත්සාහය ද එහිදී ඇගයීමට ලක්විය.

සම්මාන උළෙලේ තවත් විශේෂත්වයක් වූයේ Sun Siyam හෝටල් සමූහයේ නිර්මාතෘ සහ සභාපති අහමඩ් සියාම් මොහොමඩ් මහතාට ද සම්මාන තුනක් හිමිවීම ය. එක්සත් රාජධානියේ Peace Institute සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් Impact Hub ආයතනය එක්ව ‘සංචාරණය තුළින් සාමය උදාකිරීම‘ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම සම්මාන උළෙලට ව්‍යාපාර නායකයින් සහ නියෝජිතයින් 200කට වැඩි පිරිසක් සහභාගී වූහ.
සියාම් මොහොමඩ් මහතාට මෙහිදී Golden Sail of Distinction සම්මානය ද, සංචාරණය සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් වූ යාවජීව සම්මානය ද, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් වූ යාවජීව සම්මානය ද ඇතුළු සම්මාන තුනක මෙහිදී හිමිවිය. මෙවර සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම්ලද එකම පුද්ගලයා වූයේ ද සියාම් මොහොමඩ් මහතා වීම කැපීපෙනුණි. මාලදිවයින ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස පරිවර්තනය කිරීමෙහිලා සියාම් මොහොමඩ් මහතාගෙන් ලද පුරෝගාමී මෙහෙය මෙන්ම එරට ජාතික සංවර්ධ්නය, ධන පරිත්‍යාග ද තරුණ පරපුර සවිබල ගැන්වීමට ඔහු ලබාදුන් සේවය ද මෙම සම්මාන හරහා ඇගයීමට ලක්විය. ඔහු තිරසරත්වය සහ සමාජ ප්රගමනය අත්වැල් බැඳගනිමින් ව්‍යාපාරකරණයට ඇති හැකියාව ප්‍රායෝගිකව පෙන්නුම් කළ ව්‍යාපාර නායකයෙකි.
ඔහු ලද සම්මානවලට අමතරව Sun Siyam සමූහය ද ප්‍රධාන සම්මාන හයක් දිනාගැනීමට සමත්විය. ඒ අතරට, Siyam World Maldives (World’s Leading Lifestyle Resort), Sun Siyam Pasikudah, Sri Lanka (Luxury Beachfront Retreat of the Year), Sun Siyam Vilu Reef (Peaceful Indulgence Award), Sun Siyam Iru Fushi (Luxury Peace Retreat), Sun Siyam Iru Veli (Maldives’ Leading All-Inclusive Luxury Resort), සහ Sun Siyam Olhuveli (Indian Ocean’s Leading Family Lifestyle Resort) යන හෝටල් අයත් විය.
මෙම සුවිශේෂී අවස්ථාවට සියාම් මොහොමඩ් මහතාගේ භාර්යාව සෞකනයා හඩ්ෆි මහත්මිය ද, Sun Siyam සමූහයේ උප සභාපති- මෙහෙයුම්, අබ්දුල්ලා තම්හීඩ්, සහකාර සමූහ සාමාන්‍යාධිකාරී සහ Sun Siyam Olhuveli සාමාන්‍යාධිකාරී හසන් ආදිල් යන මහත්වරු ද, සමූහයේ මැදපෙරදිග විකුණුම් සහ මහජන සබඳතා කණ්ඩායම ද එක්ව සිටියහ.
තව ද මෙම අවස්ථාවේදී ප්‍රජා පාදක ව්‍යාපාරකරණයේ නියුතුව සිටින ව්‍යාපාර නායකයින් එකට එක්කළ Golden Wing of Peace වැඩසටහන දියත් කිරීම ද සිදුවිය. ඊජිප්තු ජාතික විලාසිතා නිර්මාණ ශිල්පිනියකවන නදීන් එලිතිගේ විලාසිතා දැක්මක් ද සමුළුවට එකතුකර තිබුණු අතර, ජෙනරාල් ආචාර්ය මොහොමඩ් අල් ශම්සි විසින් සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.
මීට පෙර මෙම සමුළුව ලන්ඩන්, ස්කොට්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය යන නගර සහ රටවල සාර්ථකව පවත්වා තිබේ.