Eyeview Sri Lanka

The Routes we Take ව්‍යාපෘතිය යාපනයට 

Share with your friend

ධාරිතා සංවර්ධන වැඩමුළු පිළිබඳ විශේෂඥයින්වන අනුරංගි මෙන්ඩිස් සහ පූර්ණිමා ජයසිංහ මහනුවරදී වැඩමුළුව පවත්වමින්. එවැනි වැඩමුළුවක් යාපනයේදී ද පැවැත්වීමට නියමිතය

යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, 2025 අගෝස්තු මස 29 සහ 30 දෙදින පුරා පැවැත්වෙන YGC නවෝත්පාදන උළෙලේදී ක්‍රියාත්මක වීමට නියමිතය. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි.

තිරසර සහ චක්‍රීය මූලධර්ම මත පදනම් වූ නිර්මාණ 13 ක්, වැඩමුළු සහ ඉදිරිපත්කිරීම් සමගින් සාර්ථකව මහනුවරදී දියත් කෙරුණු වැඩසටහනින් අනතුරුව මෙම වැඩසටහනේ දෙවැනි අදියර මෙලෙස යාපනයේදී පැවැත්වේ. තල් විවීමේ කර්මාන්තයේ නියැලෙන යාපනයේ කාන්තාවන් සවිබල ගන්වමින්, කල්පවත්නා, පරිසර හිතකාමී සහ තල් ආශ්‍රිත ආහාර සම්පාදනය කරන අන්තර්ජාල පදනමක්වන Olai ආයතනයේ නිර්මාතෘ මෙන්ම මෙම වැඩසටහනේ ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකරු ද වන යදූෂා කුලෙන්දිරන් සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර වැඩසටහන දියත් කෙරේ. එම ප්‍රදේශයේ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහාම වෙන් වූ අවකාශයක්වන යාල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ WEHub හි සම්බන්ධීකාරකවරියක් ලෙස ද යදූෂා කටයුතු කරයි. 

නිර්මාණකරුවන් 13 දෙනෙක්, නිර්මාණ භාරකරුවන් සහ ව්‍යාපෘති කණ්ඩායම සමග මහනුවර Routes We Take වැඩසටහනේදී පැවති වට මේස සාකච්ඡාව. 

මෙහිදී, නවෝත්පාදනයත්, පරිකල්පනයත්, ව්‍යවසායකත්වයත් එකම වේදිකාවකට ගෙන එන YGC නවෝත්පාදන උළෙල සමග Routes we Take ව්‍යාපෘතිය නිර්මාණ ප්‍රජා හවුල්කරු ලෙස අත්වැල් බැඳ ගනී. තිරසර නිර්මාණ සැලසුම ප්‍රදර්ශනය කිරීම, අන්තර්-ක්‍රියාකාරී ක්‍රියාකාරකම් පැවැත්වීම සහ ධාරිතා සංවර්ධන වැඩමුළුවක් සංවිධාන කිරීම ද මෙහිදී සිදු වේ. පුළුල් ග්‍රාහකයින් පිරිසක් සමග තිරසර නිර්මාණ සැලසුම බෙදාහදා ගැනීමට මෙන්ම, නවෝත්පාදන කර්මාන්ත අතර අනාගත හවුල්කාරිත්ව සඳහා මග විවර කිරීම සඳහා තිරසර නිර්මාණකරුවන්ගේ ජාලය පුළුල් කිරීමටත් එම ක්‍රියාකාරකම් හරහා හැකියාව ලැබේ. 

“මෙම වසරේ YGC නවෝත්පාදන උළෙල සමග Routes We Take ව්‍යාපෘතිය සම්බන්ධ වීම නිසා, නවෝත්පාදන පද්ධතියේ අත්හැරිය නොහැකි අංගයක් ලෙස තිරසර නිර්මාණ ස්ථානගත වෙනවා. මෙම ක්ෂේත්‍ර දෙක එක්ව කටයුතු කරන ආකාරය මෙන්ම වඩාත් ශක්තිමත් සහ සම්බන්ධිත අනාගතයක් උදා කිරීමට සියලු දෙනා දක්වන කැපවීම දැකබලා ගැනීමට අප නොඉවසිල්ලෙන් බලා සිටිනවා,” යනුවෙන් ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකාර යදූෂා කුලෙන්දිරන් සඳහන් කළාය.    


Share with your friend
Exit mobile version