ශ්‍රී ලංකාවේ නාම පුවරු සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Thunder & Neon (පුද්ගලික) සමාගම පසුගියදා මෙරට තත්ව කළමනාකරණය සඳහා ISO 9001:2015 සහතිකකරණය හිමි කරගත් ප්‍රථම සහ එකම නාම පුවරු නිෂ්පාදකයා බවට පත් විය. අභ්‍යන්තර ක්‍රියාවලීන් සම්බන්ධයෙන් සිදුකරන ලද දැඩි විගණනයකින් අනතුරුව, එම ක්‍රියාවලීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරමින් මෙම සහතිකකරණය පිරිනමන ලදි.

වසර 35 ක පළපුරුද්දක් හිමි, විශිෂ්ට පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් සේවයෙහි යෙදී සිටින Thunder & Neon සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාම පුවරු සහ වෙළඳ නාමපුවරු නිෂ්පාදන සමාගම ලෙස කීර්තියක් දිනා සිටී. මේ නිසාම ප්‍රධාන පෙළේ දේශීය හා විදේශීය සන්නාම රාශියක් Thunder & Neon සමග අත්වැල් බැඳගෙන සිටින අතර, මේ වන විට සමාගම විසින් සම්පූර්ණ කරන ලද දැන්වීම් පුවරු සහ ඩිජිටල් දර්ශන තිර ව්‍යාපෘති ගණන 5,000 කට අධිකය. Thunder & Neon සමාගම ශ්‍රී ලංකාව පුරා ශාඛා පිහිටුවා ඇති අතර මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු සිදුකරයි. සෑම විටම ලොව නවීනතම තාක්ෂණය භාවිතා කරන Thunder & Neon මේ වන විට සාර්ථක ලෙස විවිධාංගීකරණය වෙමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කරමින් සිටී. 2024 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිශය තරගකාරී ඩුබායි නගරයෙහිද තම ව්‍යාපාර කටයුතු දියත් කිරීමට Thunder & Neon සමාගම කටයුතු කළේය.
1991 වසරේදී Thunder & Neon සමාගම ආරම්භ කරන ලද්දේ කීර්තිමත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන ලලිත් ලොකුගේ මහතා විසිනි. ශ්‍රී ලංකාවේ නාම පුවරු සහ දෘශ්‍ය සන්නිවේදන ක්ෂේත්රය පරිවර්තනයකට ලක්කිරීම සඳහා ජාත්‍යන්තර දැනුම රැස්කිරීමේ අරමුණින් ඒ මහතා ලොව පුරා සංචාරය කළේය. ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඒ මහතා Thunder & Neon සමාගම ආරම්භ කළ අතර, ඔහුගේ අරමුණ සාර්ථක වී ඇති බව එම සමාගම අද වන විට අත්කරගෙන තිබෙන සාර්ථකත්වයෙන් පැහැදිලි වේ. වර්තමානයේදී Thunder & Neon සමාගම නාම පුවරු, ඩිජිටල් දර්ශන තිර සහ ත්‍රිමාණ අකුරු මෙන්ම LED සහ නියොන් ආලෝකකරණ පද්ධති ඇතුළු විවිධාකාර වූ දැන්වීම්කරණ හා ප්‍රදර්ශන විසඳුම් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටී.
“ISO 9001:2015 සහතිකකරණය හිමි කර ගැනීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක්. ඉහළම ප්‍රමිතියක් පවත්වා ගනිමින් පාරිභෝගිකයන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීම අප සූදානම් බව එමගින් පැහැදිලි වනවා. මෙය හුදෙක් සහතිකයක් පමණක් නොවෙයි, එය අප භාරගන්නා සෑම ව්‍යාපෘතියක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන බවට අපගේ සේවාදායකයන්ට ලැබෙන ප්‍රතිඥාවක්.” Thunder & Neon (පුද්.) සමාගමේ සභාපති ලලිත් ලොකුගේ මහතා පැවසීය.
මීට අමතරව Thunder & Neon සමගම තවත් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය වෙතින් හිමි වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය, CIPM වෙතින් හිමි වූ විශිෂ්ටතම කළමනාකරණ පිළිවෙත් සම්මානය, Pinnacle Awards සහ Asia Miracle Awards හිදී හිමි වූ විශිෂ්ටතම වෙළඳ නාම පුවරුව සඳහා වූ සම්මාන දෙක, Business Solution Group වෙතින් හිමි වූ විශිෂ්ටතම ව්‍යවසායක සම්මානය සහ ජාත්‍යන්තර BID තත්ත්ව සම්මානය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
ISO සහතිකකරණය හිමි වීම යනු, Thunder & Neon සමාගම අතිනවීන තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැක. මෙම පරිවර්තනයට නායකත්වය දෙනු ලබන්නේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මිලින්ද ලොකුගේ මහතා විසිනි. 2014 වසරේ සිට Thunder & Neon සමාගම මෘදුකාංග පද්ධති වැඩිදියුණු කිරීම සහ උසස් ERP පද්ධති ආදිය ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් 60% කට වැඩි ප්‍රතිශතයක් ස්වයංක්‍රීයකරණය කර ඇති අතර, අලෙවියෙන් පසු සේවයද කැපීපෙනෙන ලෙස වැඩිදියුණු කර ඇත. එමෙන් නවතම ලේසර් සහ CNC තාක්ෂණයන් භාවිතයට ගෙන ඇති Thunder & Neon සමාගම, නිෂ්පාදන කල්පැවැත්ම සහ කාර්යසාධනය සම්බන්ධයෙන් තරගකරුවන් පසුකරමින් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.
“කලාපය පුරා ව්‍යාප්ත වීමේ අරමුණින් අප ව්‍යාපාර කටයුතු පුළුල් කරන විට මෙම සහතිකකරණය අපට බෙහෙවින් වැදගත් වෙනවා. මෙය අප ක්ෂේත්රයේ ප්රමුඛයෙකු බව තහවුරු කරන ජයග්‍රහණයක්. අප සෑම විටම තත්ව පාලනයට සහ මෙහෙයුම් විශිෂ්ටත්වයට ප්‍රමුඛත්වය ලබාදුන්නා. මේ ආකාරයට සහතිකලත් සමාගමක් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව අපගේ සේවාදායකනුත් බෙහෙවින් සතුටු වේවි. මෙම ක්ෂේත්රයේ ISO සහතිකකරණය හිමි කරගත් ප්‍රථම සමාගම බවට පත් වීම මගින්, අප දීර්ඝ කාලයක් තිස්සේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී සිටි බව යළිත් තහවුරු වුණා.” Thunder & Neon (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මිලින්ද ලොකුගේ මහතා පැවසීය.
ISO 9001:2015 සහතිකකරණයේ නිර්ණායකවලට සමගාමීව නිෂ්පාදනය, පාරිභෝගික සේවාව සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය යන සියලු අංශවල තත්ව පාලනය වැඩිදියුණු කිරීමට Thunder & Neon පියවර ගෙන ඇත. කාර්ය මණ්ඩලය අඛණ්ඩව පුහුණු කිරීම සහ කාර්ය සාධනය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම නිසා උසස් ප්‍රමිති මට්ටම් පවත්වාගෙන යාමට සමාගමට හැකි වී තිබේ.
ISO 9001:2015 සහතිකකරණය පිළිබඳ මෙන්ම Thunder & Neon සමාගමේ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.thunder.lk හෝ www.thunderandneon.ae වෙත පිවිසෙන්න. නැතිනම් info@thunder.lk, +94114999555 හෝ +971544315460 ඔස්සේ විමසන්න.