TVS මෝටර් සමාගම  සිය ගෝලීය විදුලියෙන් ක්‍රියාත්මක වාහන ව්‍යාපාරය පුළුල් කරමින් TVS iQube ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share with your friend

TVS මෝටර් සමාගම  සිය ගෝලීය විදුලියෙන් ක්‍රියාත්මක වාහන ව්‍යාපාරය පුළුල් කරමින් TVS iQube ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

■ නවීනතම EV තාක්ෂණය, ශක්තිමත් සහ ගුණාත්මක භාවය, අති සුපිරි සුවපහසුව සමඟින් ශුන්‍ය විමෝචන මෙම උසස් තත්වයේ ස්කූටරය නිමවා ඇත.

■ ප්‍රබල 4.6 kW මෝටරයකින් මෙම ස්කූටරය බලගන්වන අතර පැයට කිලෝමීටර 78 ක උපරිම වේගයක් ඇති අතර තත්පර 4.2 ක් තුල පැයට කිලෝමීටර 40 ක වේගයක් ලබා දෙයි. 3.4 kWh ලිතියම් – අයන බැටරි දෙකක් සම්බන්ධ කිරීමෙන් එක්වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර 100 ක විශාල දුරක් ධාවනය කල හැකි අතර අතරමඟ නොනැවතී ධාවකයාට කිසිදු සැක සංකාවකින් තොරව සිය ගමනාන්තයට ලඟා විය හැකියි.

■ TVS SMARTXONNECT මඟින් වැඩිදියුණු කළ සබැඳි අත්දැකීමක් සපයයි

2024 මැයි 21 කොළඹදීය : ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයෙකු ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිපදවන්නකු වන TVS Motor Company (TVSM) අද එහි නවීන සුපිරිතම විදුලි ස්කූටරය වන TVS iQube ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන ලදී. TVSM හි  විශ්වාසනීය ඉංජිනේරු හැකියාවන්ගෙන් බල ගැන්වුණු TVS iQube කාර්යක්ෂමතාවය, සුවපහසුව, මනා නිමාව සහ ආරක්ෂාව සහතික කරයි. දශක 2 ක කාලයක් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව  මුල් බැසගත් සහ යතුරුපැදි අංශයේ 38% වෙළෙඳපොළ කොටස සමඟ ශක්තිමත් ස්ථානයක වර්ධනය වූ TVS Lanka Pvt Ltd හි මනාව  ස්ථාපිත අලෙවියෙන් පසු සේවා ජාලය මඟින් මෙම නිමැවුම සඳහා සියලු සේවා පහසුකම් සපයයි.

TVS iQube අසමසම ක්‍රියාකාරිත්වයක් සහ අසමසම සම්බන්ධතා විශේෂාංග සපයයි. 125cc ස්කූටරයකට සමාන 4.6KW ක උපරිම බලයක් සහිත, TVS iQube තත්පර 4.2 ක් තුලදී පැයට කිලෝමීටර 40ක් දක්වා වේගයකට ලඟාවෙයි. උසස් Lithium-Ion බැටරි තාක්ෂණය උපයෝගී කරගනිමින්, මෙම වාහනය පාරිභෝගිකයින්ට මානසික නිදහස ලබා දෙමින් දිගු බැටරි ආයු කාලයක් සහතික කරයි. Lithium-Ion බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර පාරිසරික බලපෑමද ඉතා අවම වේ. පැය 4 විනාඩි 30 කින් බැටරිය 80% දක්වා ආරෝපණය කල හැකි, 650W ක ඕනෑම තැනකට රැගෙන යා හැකි සහ නිවසේ ඇති ඕනෑම විදුලි පේනුවකට සම්බන්ධ කල හැකි චාජරය  නිසා ඔඪී සූමඉැ පාරිභෝගිකයන්ට බැටරිය ආරෝපණය කිරීමේදී  මනා පහසුවක් ලබා දෙයි.

Lithium Ion බැටරි 2ක් සමඟින් මනා නිමැවුම සහ ඉහල කාර්යක්ෂමතාවයට සාක්ෂියක් ලෙස TVS iQube ශ්‍රී ලංකාව පුරාවට කිලෝමීටර් 1463ක දුරක් දින 7ක් තුල ධාවනය කර ඇදහිය නොහැකි වාර්තාවක් පිහිටුවා ඇති අතර එම ගමනේදී 16 වතාවක් ආරෝපණය කිරීමට වැය වී ඇත්තේ රුපියල් 2522ක් පමණි.

TVS iQube යනු බැටරි නිෂ්පාදනය, බැටරි කළමනාකරණ පද්ධති (BMS), වාහන පාලන ඒකකය සහ විනෝදාත්මක තොරතුරු පද්ධති ඇතුළුව විදුලියෙන් ක්‍රියාත්මක වාහනවල මුල සිට අවසාන නිමැවුම දක්වා සම්බන්ධිත හැකියාවන් ඇති ගෝලීය මූලික උපකරණ නිෂ්පාදකයින් (OEMs) කිහිප දෙනා අතර පවතින ආයතනයකි. එය සතුව EV ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර 650කට වඩා ඇති අතර, 2,000 කට අධික ඉංජිනේරුවන් පිරිසක් ද්‍රව්‍ය විද්‍යාව, විද්‍යුත් බලශක්ති සහ දත්ත විද්‍යාව වැනි උසස් තාක්ෂණයන් සමඟ නිපැයුම් කරති. එය නවීනතම ස්මාට් සම්බන්ධතාව සහ ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රමුඛයන් අතර වේ.

මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ EV ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මනු සක්සේනා මහතා පැවසුවේ, ”TVS iQube ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙනි. TVS iQube හි ධාවන වියදම පෙට්‍රල් ස්කූටරවලට සාපේක්ෂව 85% කින් අඩු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ පාරිභෝගිකයන් හට වාර්ෂිකව රුපියල් 120,000 ක සැලකිය යුතු ඉතිරියක් ලබා දේ. TVS iQube, එහි අසමසම Lithium Ion බැටරි තාක්ෂණය සහ ගෝලීය වශයෙන් සිටින පාරිභෝගිකයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකගේ තෘප්තිමත් භාවයේ වාර්තාව අනුව  ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන ගමනාගමනය යළි නිර්වචනය කරනු ඇතැයි අපට විශ්වාසයි.”

TVS iQube ස්කූටරයක් රුපියල් 10,99,760 ක් මිල වන අතර එය දැන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවල TVS ලංකා අලෙවි නියෝජිත ආයතනවලින් මිලදී ගැනීමට හෝ පරීක්ෂණ ගමන් වාරයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකිවේ. මෙම අති නවීන විදුලි ස්කූටරය පාරිභෝගිකයින්ට පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන පරිදි රුපියල් 110,000 ක මූලික ගෙවීමක් සිදුකොට ඉන්පසු රුපියල් 27,000 සිට දැරිය හැකි මාසික වාරිකයක් ගෙවාගෙන යා  හැකි පහසුකම සලසා තිබේ.

ලොව පුරා විහිදුනු තෘප්තිමත් TVS iQube පාරිභෝගිකයන් 300,000 කට අධික පිරිසක් සම්පුර්ණ කිලෝමීටර බිලියන දෙකක් එක්ව ධාවනය කර ඉන්ධන ලීටර මිලියන 27ක් ඉතුරු කර ගනිමින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 65,590කින් අඩුකරමින් එනම් ගස් ලක්ෂ 28ක් සිටවිමට සමාන පරිසර සංරක්ෂණයක් සිදු කරමින් විශාල ඉතුරුවක් සහ ප්‍රගතියක් අත්කරගෙන ඇත. 

වැඩි විස්තර දැන ගැනීමට www.tvsmotor.net/en/lk/our-products/tvs-iqube පිවිසෙන්න.

ඡායාරූප

TVS iQube PR Pic#1 – වමේ සිට දකුණට – TVS Lanka (Pvt) Ltd හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනි මහතා, TVS Mobility (Pvt) Ltd හි උප සභාපති P K කන්නන් මහතා, TVS Motor India හි උප සභාපති මධු ප්‍රකාශ් සිං මහතා

TVS iQube PR Pic#2  – වමේ සිට දකුණට – TVS Motor Company India සමාගමේ සහය උප සභාපති මධු ප්‍රකාශ් සිං මහතා, TVS Mobility (Pvt) Ltd, India උප සභාපති P K කන්නන් මහතා සහ TVS Lanka හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනි මහතා


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply