Eyeview Sri Lanka

VIMAN ජා-ඇල ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට  John Keells Properties සමත් වෙයි.

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සංවර්ධන සමාගමක් වන John Keells Properties, සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන VIMAN ජා-ඇල හි පළමු අදියරේ ව්‍යුහාත්මක ඉදිකිරීම් සම්පූර්ණ කරමින්,  පසුගිය සතියේ සුවිශේෂී ඉදිකිරීම් කඩඉමක් සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සැමරීම සඳහා පැවති උත්සවයට John Keells Holdings PLC හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, VIMAN ව්‍යාපෘතියේ සන්නාම තානාපතිනි හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙනවිය, John Keells Properties හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ව්‍යාපෘති කණ්ඩායමේ නියෝජිතයෝ සහභාගී වූහ.

VIMAN ව්‍යාපෘතියේ සන්නාම තානාපතිනි හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙනවිය පැවසුවේ,“VIMAN ජා-ඇල ව්‍යාපෘතියේ සන්නාම තානාපතිනිය ලෙස පමණක් නෙවෙයි, ශක්තිමත් ජනතා සමාජයක වටිනාකම් අගය කරන විශිෂ්ට සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කෙනෙක් විදිහට මට මේ ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට හැකි වීම පිළිබඳව සතුටු වෙනවා. මෙවැනි සුවිශේෂී ව්‍යාපෘති ලාංකීය ජනතාව වෙත ලබාදීම වැදගත් දෙයක් වගේම, ඒ කාර්යයට මගේ දායකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන්ද මම ආඩම්බර වෙනවා.”

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල පිවිසුමට කිලෝමීටර් 4ක් පමණක් දුරින් පිහිටි VIMAN ජා-ඇල, ප්‍රධාන නගරය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙන අතරම, අලංකාර ලෙස භූමි අලංකරණය කරන ලද සාමකාමී,නිදහස් පරිසරයක පිහිටා ඇත. අක්කර හයක භූමි භාගයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය, මනාව සැලසුම් කරන ලද මහල් නිවාස ඒකක 418කින් යුක්ත වන අතර, සම්පුර්ණ භූමියෙන් 60%ක් හරිත යුත් පරිසරයක් සඳහා වෙන් කර ඇත. එමගින්, ඉඩ කඩ සහිත හරිත වර්ණයෙන් යුත් පරිසරයක් තුළ මානව අවශ්‍යතා මුල්කරගත් ජීවන පරිසරයක් නිර්මාණය කර තිබේ.

John Keells Holdings හි දේපළ වෙළෙඳාම් අංශයේ සභාපති නයන මාවිල්මඩ මහතා, “VIMAN ජා-ඇල කියන්නේ හුදු නිවාස ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි, මේක ඉඩකඩ සහිත හරිත වර්ණයෙන් යුත් පරිසරයක් තුළත් ජනතාව ඒකාබද්ධ කරන නව ආකෘතියේ, උප සංස්කෘතියක් සහිත නිවාස ආකෘතියක් නිර්මාණය කිරීමක්.මෙහි අපේ ඉලක්කය වුණේ අන්‍යෝන්‍ය සහසම්බන්ධයෙන් යුත් මනුෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම. එහි සැලසුමක් විදිහට තමයි VIMAN ජා-ඇල ව්‍යාපෘතිය ගොඩනැඟුණේ. අපි විශ්වාස කරනවා අද වගේම හෙටත් ජනතාවට මේ පරිසරය තුළ සුවපහසු සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා.” 

දේපළ වෙළෙඳාම් අංශයේ අංශ ප්‍රධානී ඉනෝක පෙරේරා මහතා සඳහන් කළේ, VIMAN ජා-ඇල, අපගේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ පළමු අදියරයේ කටයුතු සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන  අපි ආඩම්බර වෙනවා. මෙය අපගේ කණ්ඩායම් සාමුහිකත්වය සහ කැපවීම පෙන්නුම් කරන සුවිශේෂී අවස්ථාවක්. මෙහි ප්‍රතිඵලයක් විදියට, අපගේ නිවාස හිමියන්ට සුවපහසු, සියලු පහසුකම් සහිත සහ දිගුකාලීන වටිනාකමක් ඇති නිවාස අනාගතයේදීත් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

තිරසර ජීවන රටාවක් ප්‍රවර්ධනය කරන නව්‍ය ව්‍යාපෘතියක් වන මෙහි පරිසර හිතකාමී අංග රැසක් ඇතුළත් කර ඇත. එමගින් පරිසරයට වන බලපෑම අවම කරන අතරම, නිවාස හිමියන් සදහා දිගුකාලීන වටිනාකමක් ද නිර්මාණය කරයි. මෙම ව්‍යාපෘතිය පොදු ප්‍රදේශවල විදුලි බලය සැපයීමට වහල මත සූර්ය පැනල භාවිතා කරමින්, විදුලි පරිභෝජනය සහ ජාතික විදුලිබල පද්ධතිය මත යැපීම අවම කරයි. මීට අමතරව, ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිතය සදහා අවදානය යොමු කරමින් ,පොදු විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇති අතර, එමඟින් පරිසර හිතකාමී ජීවන රටාවක් අනුගමනය කරන පදිංචිකරුවන්ට අනාගතයට සූදානම් පහසුකම් ලබා දෙයි. මෙම උපායමාර්ගික උත්සාහයන් තුළින්, VIMAN ජා-ඇල පරිසර හිතකාමී, සහ තිරසර ප්‍රජාවක් ගොඩනැගීමේ John Keells Properties හි ආයතනයේ කැපවීම පිළිබිඹු කරයි.

නිදන කාමර 2 කින් හෝ 3කින් සමන්විතව ඉදිකෙරෙන මෙම මහල් නිවාස,  ප්‍රායෝගික සැලසුම් සහ නවීන නිමාවකින් යුක්ත වන අතර, හරිත වර්ණයෙන් යුත් පරිසරයකින් සමන්විත වෙයි. 2027දී පළමු අදියර නිම කිරීමට නියමිත VIMAN ජා-ඇල, ශ්‍රී ලංකාව පුරා විචිත්‍රවත්, තිරසාර සහ එකිනෙකා අතර සහසම්බන්ධයෙන් යුත් මනුෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීමේ John Keells Properties හි දැක්මේ නව පරිච්ඡේදය සනිටුහන් කරයි.

වැඩිදුර තොරතුරු සඳහා, VIMAN ජා-ඇල නිල වෙබ් අඩවියට පිවිසෙන්න.www.vimanjaela.lk


Share with your friend
Exit mobile version