තිරසර අනාගතයක් උදෙසා සමාජ සත්කාර වැඩසටහන් දියත් කිරීමේ YKK හි දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින්, ක්‍රීඩාව තුළින් දරුවන්ගේ හිතකර වර්ධනයට අතහිත දීම අරමුණයි

සිප් හා ප්ලාස්ටික් සවිකිරීමේ උපාංග සඳහා ප්‍රකට ජාත්‍යන්තර සමාගම් සමූහයේ කලාපීය මූලස්ථානය වන YKK HOLDING ASIA PTE. LTD හි මෙරට සමාගම වන (YHA), YKK Lanka (Pvt) Ltd සමඟ අත්වැල් බැඳගනිමින්, “YKK ASAO ළමා පාපන්දු සායනය” (YKK AKFC) වැඩසටහන තෙවැනි වරටත් පවත්වන බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. Real Madrid Foundation (RMF) සමග සහයෝගිතාවයෙන් යුතුව, අඩු වරප්‍රසාද සහිත දරුවන්ගේ ශාරීරික හා මානසික සංවර්ධනයට සහාය වීම සඳහා පාපන්දු ක්‍රීඩාව ඉවහල් කරගනිමින් පවත්වන ලබන මෙම ඵලදායි, ආයතනික සමාජ සත්කාර (CSR) වැඩසටහන මගින් දරුවන් තුළ අත්‍යවශ්‍ය ජීවන කුසලතා නංවාලමින්, ඔවුන්ට අමතක නොවන ක්‍රීඩා අත්දැකීම් පිරිනමනු ලබයි.
මෙම පාපන්දු වැඩසටහන, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයද ඇතිව, අගෝස්තු 27, 28 සහ 29 යන දිනවල කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතය.
YKK AKFC වැඩසටහන 2007 වසරේදී දියත් කළ දා සිටම බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය ඇතුළු රටවල් 12 කට අධික ප්‍රමාණයක ළමුන් එක්කර ගනිමින් ආසියානු කලාපය පුරාම, වැඩසටහන් පවත්වා තිබේ. පාපන්දු ක්‍රීඩාව මගින් දරුවන්ට විනෝදය මෙන්ම, අමතක නොවන ඉගෙනුම් අත්දැකීම් ගෙන ඒම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන මෙම වැඩසටහන තුළින් මේ දක්වා අඩු වරප්‍රසාදලත් දරුවන් 7,500 කට අධික පිරිසක් තුළ ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ.
මෙම වසරේ දිවයිනේ ළමා නිවාස සහ අඩු පහසුකම් සහිත ප්‍රජාව අතරෙන්, ළමුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම, ශ්‍රී ලාංකික පාපන්දු පුහුණුකරුවන් 30 කට අධික සංඛ්‍යාවක් ඒකරාශි කරගනිමින් මෙම පාපන්දු සායනය පැවැත්වේ. එම පුහුණුකරුවන් RMF හි විශේෂඥ ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙවන සුවිශේෂී පුහුණු සැසියකට සහභාගී කර ගැනෙන අතර, එහිදී ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු පුහුණු ක්‍රමවේද සහ තාක්ෂණික ක්‍රමවේද ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. මෙරට පාපන්දු පුහුණුකරුවන්ට ජාත්‍යන්තර ක්‍රමවේද සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම් පිරිනැමෙන මෙම පුහුණු සැසිය මගින් ඔවුන්ට පාපන්දු වැඩසටහන පුරාම, RMF කණ්ඩායම හා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවද සලසා දේ.
මෙම පාපන්දු වැඩසටහනට සහභාගී වන සියලුම දරුවන්ට ජර්සියක්, කොට කලිසමක්, මේස්, බූට් සපත්තු, පදක්කමක් මෙන්ම වැඩසටහනට දායකවීම වෙනුවෙන් වටිනා සහතිකයක්ද ඇතුළුව, සම්පූර්ණ පාපන්දු කට්ටලයක් සමග සුවිශේෂී සිහිවටනයක්ද හිමි වේ. YKK සමාගම ප්‍රජා සංවර්ධනය සඳහා අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ලෙසින්, පාපන්දු සායනය සඳහා භාවිත කරන සියලුම පාපන්දු සහ පුහුණු උපකරණ මෙරට පාසල්වලටත්, ලාභ ලැබීමේ අරමුණෙන් තොරව පවත්වාගෙන යනු ලබන සංවිධානවලටත් පරිත්‍යාග කිරීම සිදු කෙරේ.
“මෙම වැඩසටහන මගින් සිදුවන්නේ පාපන්දු සම්බන්ධ කාර්යයක් පමණක්ම නොවෙයි, එය දරුවන් සඳහා අවස්ථා නිර්මාණය කිරීමටත්, සම්බන්ධතා ගොඩනැගීමටත් ඉවහල් වන වැඩසටහනක්” යනුවෙන් YHA හි සභාපති කසුටෝ ඩයිමන් මහතා පැවසීය. “එම වැඩසටහන දරුවන්ට, විශේෂයෙන් ක්‍රීඩාවලට යොමුවීම සඳහා සීමිත හැකියාවක් ඇති පිරිසට, ක්‍රීඩා කිරීමට, ඉගෙන ගැනීමට වගේම ඔවුන්ට වර්ධනය වීමට අවස්ථාවක් ලබා දෙන වැඩසටහනක්. ක්‍රීඩාවෙන් ඔබ්බට දරුවන්ට ප්‍රයෝජනවත් කුසලතා වන කණ්ඩායම් ක්‍රියාකාරකම්, ආත්ම විශ්වාසය වගේම ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තියත් මෙයින් වර්ධනය වෙනවා. ඒ සමඟම, මෙම පාපන්දු සායනය, ප්‍රජාව අතර සම්බන්ධතා ශක්තිමත් කරමින්, එකමුතුකම වර්ධනය කරමින්, මිනිසුන් එකට එක්කරන වැඩසටහනක්.”
ළමයින්ට සහය දැක්වීමට අමතරව මෙම පාපන්දු සායනය තුළින්, ශ්‍රී ලාංකික පාපන්දු පුහුණුකරුවන්ගේ වෘත්තීය සංවර්ධන සඳහා මාහැඟි අවස්ථාවක් ද සැලසේ. RMF මගින් අනුමත කරන ලද පාපන්දු පුහුණු කිරීමේ ක්‍රමවේදය ඉගෙනගෙන ඒ අනුව සිසුන් පුහුණු කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ පාපන්දු ක්‍රීඩකයින් ගොඩනැංවීමට මෙන්ම, ඔවුන් දිරිමත් කිරීමටත් ශ්‍රී ලාංකික පුහුණුකරුවන් වඩා හොඳින් සන්නද්ධ කෙරෙනු ඇත.
ලොව පුරා රටවල් හා කලාප 70කට අධික ප්‍රමාණයක, 46,000කට අධික සේවක සංඛ්‍යාවක් සේවය කරන YKK සමාගම් සමූහයට අයත් සමාගම් වන YHA සහ YKK Lanka, කලාපය පුරාම තිරසාර මෙන්ම ඵලදායී ප්‍රජා සහභාගීත්වයක් තුළින් ධනාත්මක සමාජ බලපෑමක් ඇති කිරීමට කැප වෙයි.