අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන INSEE Ecocycle විසින් සිය නගර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර පුරාණ නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා සහ අනෙකුත් සාමාජික සාමාජිකාවෝ, අනුරාධපුර නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා , තෝරාගත් පාසල්වල සිසු සිසුවියෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (CSD) සාමාජික සාමාජිකාවෝ සහ INSEE Ecocycle කණ්ඩායම ඇතුළු 100කට අධික පිරිසක් සහභාගි වූහ.
2019 වසරේ සිට INSEE Ecocycle විසින් අනුරාධපුර ප්‍රදේශයේ එක් රැස් වන ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි හා දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර විසඳුම් ලබා දී ඇති අතර, නගරය පිරිසිදුව තබාගැනීම වෙනුවෙන් සියලු ම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2020 වසරේ දී ‘Ecocycle Anuradhapura City Cleaning’ වැඩසටහන ආරම්භ කෙරිණි. මෙම වැඩසටහනට සමගාමීව අනුරාධපුර නගරය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වූ සිසු සිසුවියන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, තිරසාර කසළ කළමනාකරණ පිළිවෙත් පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.
මෙහි දී අනුරාධපුර මහ නගර සභා නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් නගරය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් වැඩිදියුණු කළ හැකි විසඳුම් පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රගති සමාලෝචන සමුළුවක් ද පැවැත්වුණු අතර, මීළඟ වැඩසටහන ලෙස නොදිරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
INSEE Ecocycle Lanka හි අධ්‍යක්ෂ සංජීව චූලකුමාර මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ, “අනුරාධපුර මහ නගර සභාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් 2020 වසරේ ආරම්භ කෙරුණු මෙම සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියරටත් ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ ආයතනික වගකීම් ඉටුකිරීම සඳහා මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි රජය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. අපි මෙය ජාතික අවශ්‍යතාවක් විදියට දකිනවා. ඒ වගේ ම මේ රටේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු විදියට ඉදිරියේ දී ත් මෙවැනි ජාතික මට්ටමේ සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අපි අපගේ සහයෝගය නොමඳව ලබා දෙනවා.” යනුවෙනි. INSEE Ecocycle 2011 වසරේ සිට මෙරට නාගරික ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශ ඉලක්ක කරගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එමෙන් ම මෙරට පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන INSEE Ecocycle, එමගින් බස්නාහිර, වයඹ, මධ්‍යම, උතුරුමැද, දකුණ, ඌව සහ සබරගමුව යන පළාත් 07 ආවරණය වන පරිදි මහා පරිමාණ ආයතන හා පළාත් පාලන ආයතන 120කට වැඩි සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, වසරකට ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නාගරික ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 12,000කට අධික ප්‍රමාණයක් පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට සමත් වී ඇත.
INSEE Ecocycle යනු 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන සියම්සිටි සිමෙන්ති පොදු සමාගමෙහි සාමාජිකයෙකු වන INSEE සිමෙන්ති නොහොත් සියම්සිටි සිමෙන්ති (ලංකා) සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයයි. INSEE සිමෙන්ති සන්නාමය INSEE සන්නාමය යටතේ Sanstha, Mahawali Marine, Mahawali Marine Plus, Rapid Flow, Rapid Flow Plus යන සිමෙන්ති නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. INSEE සිමෙන්ති හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් පිරිනමන හරිත සහතිකය ලබා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සිමෙන්ති නිෂ්පාදනය වන අතර, ශ්‍රී ලංකාවේ එක ම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන එම සමාගම LMD ශ්‍රේණිගත කිරීම මගින් වඩාත් ගෞරවණීය ආයතන අතරට ද නම් කෙරිණි.