ශ්‍රී ලංකාවේ ප්රමුඛ රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, රටේ අග්‍රගණ්‍ය ඩිජිටල් සෞඛ්‍ය සේවා සපයන්නා වන Doc990, ඩිජිටල් හෙල්ත් (පුද්.) සමාගම සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. මෙම හවුල්කාරිත්වය ඔස්සේ අලියාන්ස් සෞඛ්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීම වඩාත් පහසු සහ සරල කිරීමට නව සේවාවන් හඳුන්වා දී ඇත.

Doc990 හරහා මෙම සේවාවන් ලබා ගත හැකි අතර, එහි වෙබ් අඩවිය, ජංගම යෙදුම සහ (990) ඇමතුම් අංකය ඔස්සේ ප්‍රධාන රෝහල්වල වෛද්‍ය හමුවීම්, ඖෂධ බෙදාහැරීම, මාර්ගගත රසායනාගාර වාර්තා ලබා ගැනීම ඇතුළු සේවාවන් ලබා ගත හැකිය. අලියාන්ස් සෞඛ්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට Doc990 හරහා වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීමටත්, උපදේශන ගාස්තු OPD හරහා සෘජුව ගෙවීමටත් හැකියාව ඇත. මේ සඳහා අත්තිකාරම් ගෙවීම් හෝ ලිඛිත හිමිකම් ඉල්ලීම් අවශ්‍ය නොවේ. එසේම, Doc990 හරහා සෞඛ්‍ය පහසුකම් වෙන්කරවා ගැනීමේ ගාස්තු සඳහා 35%ක වට්ටමක් ද අලියාන්ස් සෞඛ්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවේ.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට දේශීය කළමණාකරු ප්‍රශාන්ත් ග්‍රෝවර් මහතා මෙසේ පැවසීය,’’මිනිසුන්ගේ දෛනික ජීවන අපේක්ෂා සාර්ථක කර ගැනීමට රක්ෂණ සමාගමක් ලෙස සහය දැක්වීම අපගේ අරමුණයි. එමඟින් මෙම සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරයි.. මෙමඟින් අලියාන්ස් සෞඛ්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට සෞඛ්‍ය සේවා පහසුවෙන් ලබා ගැනීමට සහ ඩිජිටල් විසඳුම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.”
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේහි ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී රංග ඩයස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,“රක්ෂණය ආතතියක් ලෙස සැලකීම ඉවත් කර, අවශ්‍ය මොහොතේ ගනුදෙනුකරුවන්ට සහය වීමට අපි විශ්වාස කරනවා. Doc990 සමඟ එක්ව, වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීමේදී අත්තිකාරම් හෝ ලිඛිත හිමිකම් ඉල්ලීමකින් තොරව, OPD හරහා සෘජු ගෙවීම් මඟින් පහසු සේවාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”
ඩිජිටල් හෙල්ත් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස් මහතා මෙසේ පැවසීය,“ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සපයන්නා ලෙස, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමඟ හවුල් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපගේ ඉලක්කය වන්නේ ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඉඩ සලසන ඩිජිටල් විසඳුම් ලබාදීමයි. එක බොත්තමක ස්පර්ශයකින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අවස්ථාව සලසමින්, ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍ය ජීවිතය තවත් පහසු කිරීම අපගේ බලාපොරොත්තුවයි.”
මෙම හවුල්කාරිත්වය ඩිජිටල් විසඳුම් ඔස්සේ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් ලබා දීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ Doc990 ඇති කැපවීම මත ගොඩනැගී ඇත. ඉදිරියේදී තවත් නව සේවාවන් හඳුන්වා දෙමින්, රක්ෂණ හිමියන්ට වැඩි පහසුවක් සහ වටිනාකමක් ලබා දීමට ආයතන දෙකම එක්ව කටයුතු කරනු ඇත.