හමීඩියා  The Wedding Chapter එළිදක්වමින් පරම්පරා තුනක විලාසිතා උරුමය සමරයි

Share with your friend

2025 අගෝස්තු 25 වැනි දින කොළඹ :     ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, මංගල සම්ප්‍රදාය, විලාසිතාව සහ සදාකාලික හෘදයාංගම මතක ගොඩනැඟීමේ සංකල්පයක් ලෙස ‘The Wedding Chapter by Hameedia’ හඳුන්වා දී තිබේ.


විවාහ මංගල්‍යයක් යනු, පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන සැමරුමයක් යැයි සලකා ‘Wedding Chapter’ සංකල්පය ඔස්සේ මල් කුමරා ගේ සිට මනාලයා, මනාලයාගේ පියා සහ පියාගේ පියා දක්වා පරම්පරා නියෝජනය වන ලෙස මංගල දිනය ආකර්ෂණීය සහ අභිමානවත් පෙනුමකින් යුතුව හැඩ ගන්වන බවට සහතික කරයි.  

මෙම සංකල්පය යටතේ, මනාලයන් සඳහා විශේෂ විවාහ පැකේජ හඳුන්වා දී ඇත අතර, අංග සම්පූර්ණි ‘Groomswear Solutions’ හෙවත් ‘මනාලයන් ගේ මංගල ඇඳුම් ආයිත්තම්’ එකම තැනකින් ලබා ගැනීමේ පහසුව උදා වේ. එසේම පුද්ගලික උපදේශන, Made to Order (MTO), Made to Measure (MTM) සහ  Bespoke Tailoring සේවාවන් සමඟ, මනාලයාට ඔහුගේ පෞරුෂත්වය සහ විවාහ තේමාවට ගැළපෙන ඇඳුම් කට්ටලය නිර්මාණය කර ගැනීම, මේ ඔස්සේ පහසු වනු ඇත.


ඕනෑම මංගල ඇඳුම් විලාසිතාවක් අවශ්‍ය පරිදි මසා නිමකරගැනීම සඳහා Loro Piana, Vitale Barberis Canonico (VBC), Zegna, Dormeuil, Thomas Mason, Tessitura Monti සහ උසස් ආසියානු රෙදිපිළි ඇතුළු වර්ග 300කට අධික ඉස්තරම් තත්ත්වයේ රෙදිපිළි වර්ග මෙහිදී තෝරා ගත හැකි අතර, බටහිර මෝස්තරයේ සිට ඉන්දියානු, සාම්ප්‍රදායික, සහ නවීන විවාහ තේමාවන් දක්වා ඕනෑම විලාසිතාවකින්, එකිනෙකට අනන්‍ය වන ආකාරයේ විලාසිතා සහ පුළුල් සේවා රැසක් සපයයි. එමඟින්, මනාලයන් හට ඔවුන්ගේ විශේෂ දිනයේ ආකර්ෂණීය පෙනුමක් එක් කොට ඔවුන්ගේ පෞරුෂත්වය ඔප් නැංවීම හමීඩියා හි අරමුණ වේ.

හමීඩියා  Wedding Chapter  ඔස්සේ ඇඳුම් පැලඳුම්වලින් ඔබ්බට ගොස් මෙම අත්දැකීමට තවත් යමක් එක් කරමින්  The Real Barber  විසින් මනාලයන් හැඩගැන්වීම මෙන්ම, මංගල දිනයේදී මනාලයාට තම පෙනුම ඉතා හොදින් පවත්වා ගැනීම සඳහා උපකාර වන යෝග්‍යතා ඇතුළු රූපලාවණ්‍ය සහ සුවතා සේවා රැසක්ද සැපයීමට සැලසුම් කර තිබේ.



එමෙන්ම මංගල දිනයට අදාල අනෙකුත් සේවාවන් පහසුවෙන් ලබාදීම සඳහා හමීඩියා, ප්‍රමුඛ පෙළේ මංගල උත්සව සන්නාම සහ සේවා සපයන්නන් සමඟ හවුල්කාරිත්වයන්ටද එළැඹ තිබේ. ඒ අනුව, නිල හෝටල් සහකරු ලෙසින් Galle Face හෝටලය, මංගල ප්‍රවාහන සේවා සහකරු ලෙසින්  Malkey Rent A Car, චර්ම සත්කාර සායන වෙනුවෙන් Christell Clinic, යෝග්‍යතා සහකරු ලෙසින්  Revolución Leisure Hub සහ මනාලයන් හැඩගැන්වීම සඳහා නිල සහකරු ලෙස The Real Barber කටයුතු කරයි. පැකේජ ලබා ගන්නා මනමාලයන් හට මෙම සන්නාම සහ සේවා සැපයුම්කරුවන්ගෙන් විශේෂ දීමනා සහ වට්ටම් හිමි වේ.

මේ පිළිබඳ හමීඩියා කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා පැවසූයේ: ”විවාහ මංගල උත්සවයකදී මනාලිය මෙන්ම මනාලයාත් එක හා සමානව කැපීපේන්න අවශ්‍යය බව අපි විශ්වාස කරනවා.  Wedding Chapter සමඟ අපගේ දැක්ම වන්නේ සෑම මනාලයකුට ම මනාලියට මෙන්ම අවධානය ලබා දෙමින්, ඔහුට ද එක හා සමාන සැමරීමේ හැඟීමක් ඇති කිරීමයි. මනාලයාගේ ඇඳුම් පැළඳුම් සහ හැඩ ගන්වීමේ සිට සෞඛ්‍යය සහ යහපැවැත්ම දක්වා  එකම විශ්වාසදායක නාමයක් යටතේ අපි පූර්ණ සේවා විසඳුමක් හඳුන්වා දී තිබෙන්නේ ඒ වෙනුවෙන්. එසේම හමීඩියා සෑම විවාහ පරිච්ඡේදයකටම ගරුත්වය එක් කරන්නේ මල් කුමරුගේ සිට මනාලයා දක්වාත්, පියාගේ සිට මුත්තනුවන් දක්වාත් ආකර්ෂණීය හමීඩියා ඇඳුම් පැලඳුම් වෙතින් සැරසවීමෙන්.”

හමීඩියා ආයතනය සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ කොටසක් ලෙස, අමතර සහයෝගයක් ලැබිය යුතු මනාලයන් තිදෙනකුට ඔවුන්ගේ විවාහ මංගල්‍යය දිනය සඳහා අවශ්‍ය වන සම්පූර්ණ ඇඳුම් කට්ටල නොමිලේ ලබා දීමට කටයුතු කරනු ලබයි. මෙම විශේෂ ත්‍යාගය සැබවින්ම ලැබිය යුතු කෙනෙකු නම් කිරීමට, 076 865 2468 අමතන්න හෝ  wearefamily@hameedia.com  වෙත විද්‍යුත් තැපෑලක් යවා, ඔහු සුදුසුකම් ලබන්නේ මන්දැයි පැහැදිලි කරන්න.

Envoy Mansion සහ හමීඩියා වැල්ලවත්ත ශාඛාව වෙතින් විශේෂ මනාල ඇඳුම් කට්ටල ලබා ගත හැකි අතර, දිවයින පුරා පිහිටි සියලුම හමීඩියා ශාඛාවන් මනාල ඇඳුම් විලාසිතා සහ සේවා අවශ්‍යතා සම්පූර්ණ කරයි. කොළඹ නගරයේ හෝ ඒ අවට විවාහ අපේක්ෂිත ඕනෑම මනාලයකුට පුද්ගලික උපදේශන සඳහා 077 086 3593 අමතා වෙලාවක් වෙන්කරවා ගත හැකි අතර, කුරුණෑගල, මහනුවර සහ මීගමුව යන ප්‍රදේශ සඳහා 077 200 4902 ඇමතිය හැකිය. ඪෂඡ උපදේශන 076 865 2468 හි WhatsApp හරහා ලබා ගත හැකිය.

වසර 75ක වෘත්තීය නිපුණත්වය සමග ඉදිරියට යන හමීඩියා ආයතනය, Envoy London, Le Bond, FH, Roseavelt, HUSN  අනු සන්නාම සහ Adidas, Nike සහ  Campus ආදී වූ ජාත්‍යන්තර සන්නාමයන් සමඟ හවුල්කාරිත්වයන් සමඟින් ශ්‍රී ලංකා විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා නිර්මාපකයා ලෙස නමක් දිනාගෙන තිබේ.


Envoy Mansion, වැල්ලවත්ත, මැජෙස්ටික් සිටි, One Galle Face, නුගේගොඩ, රාජගිරිය, පිටකොටුව, වත්තල, මීගමුව, කිරිබත්ගොඩ, පේරාදෙණිය, කැන්ඩි සිටි සෙන්ටර්, කුරුණෑගල, හැව්ලොක් සිටි, සහ පල්ලවත්ත ශාඛාවන් වෙතින් හමීඩියා ඇඳුම් විලාසිතා සහ සේවා ලබා ගත හැකිය.


Share with your friend