ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡුඛක් සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ හි ශී‍්‍ර ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්ව තිබේ. එයට අනුව මෙරට පාරිභෝගිකයන්ට පූර්ණ ජාලගත විසඳුම් සපයන ලොවෙහි අධිවේගී දත්ත ප්රවේශවීමක් සහිත ‘CAT-6 LAN CablesZ කේබලය සුවිශේෂී ගුණාංග අත්දැකීමේ අවස්ථාව හිමිවනු ඇත.
‘CAT-6 LAN CablesZ කේබලය මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවය කැලණි කේබල්ස් සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට කැලණි කේබල්ස් හි අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ, අලෙවි කළමනාකරු, චන්න ජයසිංහ හා Havells India සමාගමේ ජාතික විකුණුම් කළමනාකරු, රොහාන් ගුරුසිංහ යන මහත්වරු සහභාගී වූහ.
ලෝක ප්‍රකට විදුලි කේබල හා විදුලි උපකරණ නිපදවන සමාගමක් වන Havells සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ කේබලය ධ්වනි පද්ධතිවලට අධි අනුකූලතාවක් හිමි ගින්නට ඔරොත්තුදෙන ආවරණයක් සහිත ලොව තරගකාරී නිෂ්පාදනයක් ලෙස සැලකේ. එමෙන්ම අධිවේගී දත්ත ප්‍රවේශයක් හිමි එම කේබලය විශිෂ්ට නැවීම් පරිධියකින් යුතුවීම විශේෂත්වයකි. තවද ලෝක ප්‍රකට Havells සමාගම තම නිෂ්පාදන ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක අලෙවි කරනු ලබයි.
ලෝක ප්‍රකට Havells සමාගමේ ‘CAT-6 LAN CablesZ කේබලයෙහි මෙරට සුවිශේෂී බෙදාහරින්නා ලෙසින් කැලණි කේබල්ස් සමාගම තෝරාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘කැලණි’ යනු විශිෂ්ටත්වය සමග බැඳුණු නමක්. එහෙයින් ‘කැලණි කේබල්ස්’ සමාගම පිරිනමන නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන්ට ඇත්තේ නොමඳ විශ්වාසයක්. එම නිසා කැලණි කේබල්ස් සමාගම යම් නිෂ්පාදනයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නේ බොහෝ සැලකීමෙන් හා වගකීමෙන් යුතුවයි. Havells සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ කේබලය මෙරට බෙදාහැරීමට අප තෝරාගත්තේද එම වගකීම සහිතවයි. එමෙන්ම Havells සමාගම තම ‘CAT-6 LAN CablesZ කේබලයෙහ මෙරට බෙදාහරින්නා ලෙස ‘කැලණි කේබල්ස්’ සමාගම තෝරාගැනීමක් අප සමාගම ලද ගෞරවයක්.’ යන්නය.
‘CAT-6 LAN CablesZ කේබලය මෙරට වෙළෙඳපොලට නිකුත්කිරීමේ අවස්ථාවට එක්වූ එම සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ආචාර්ය අනිල් මුණසිංහ මහතා පැවසුවේ ‘කැලණි කේබල්ස් සමාගම මෙරට පාරිභෝගිකයන්ගේ අතට පත් කරන්නේ විශිෂ්ට නිෂ්පාදන පමණයි. එම නිසා ‘කැලණි’ ලේබලය යටතේ සැපයෙන නිෂ්පාදන සම්බන්ධයෙන් මෙරට පුරා විසිරුණු විදුලිමය නිෂ්පාදන අලෙවිකරන්නන් අතර කදිම විශ්වාසයක් තිබෙනවා. Havells නිෂ්පාදනයක් ලෙස මෙයට පෙර අප ඉදිරිපත් කළ Kelani Breezer විදුලි පංකාවටත් වර්තමානයේ කදිම ඉල්ලූමක් නිර්මාණය වී තිබෙනවා.’ යන්නය.
100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 51වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 14001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO 14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. එමෙන්ම 2020 SLIM Brand Excellence සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award සම්මානය හා අන්තර් ව්‍යාපාරකරණය වෙනුවෙන් පිරිනමන B2B Brand of the Year අංශයෙහි රිදී සම්මානයක් දිනාගැනීමට සමත් විය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී ^Presidential Environmental Awards& විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014 ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගනු ලැබිණ. 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිගු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප්‍රතිඥාදෙමින් National Green Reporting System ක්‍රමවේදයට අනුගත ශී‍්‍ර ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.
ජායාරූප විස්තරය
‘CAT-6 LAN CablesZ කේබලය ශී‍්‍ර ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්වීමේ ගිවිසුම Havells India සමාගමේ ජාතික විකුණුම් කළමනාකරු, රොහාන් ගුරුසිංහ විසින් කැලණි කේබල්ස් සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතාට පිරිනැමූ අවස්ථාව