ගුණාත්මක බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ 2025 ආසියා-පැසිෆික් කලාපීය සාමාජිකයන්ගේ සභා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) හි මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වේ.

Share with your friend

GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික  සහ තිරසාර මූල්‍ය පිළිවෙත් මගින් ප්‍රජාවන් හා ආර්ථිකයන් තුළ දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව මෙම වැඩසටහන ගවේෂණය කරනු ඇත.

මෙම  රැස්වීම කොළඹ සිනමන් ලයිෆ් – සිටි ඔෆ් ඩ්‍රීම්ස් හිදී පැවැත්වෙන අතර, 2025 ඔක්තෝබර් 15 වැනිදා උදෑසන 8:30 සිට 10:30 දක්වා රජයේ ආයතන, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFIs), සහ වෙනත් ගෞරවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් එහි සමාරම්භක උත්සවය පැවැත්වේ.

මෙවර රැස්වීම ශ්‍රී ලංකාවට සහ කලාපයට සුවිශේෂී අවස්ථාවක් වන අතර, GABV හි වාර්ෂික අධ්‍යක්ෂක  මණ්ඩල රැස්වීමද මෙයට සමගාමීව පැවැත්වේ. එමඟින් තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය නායකයින් ප්‍රථම වරට කොළඹට රැගෙන එයි. මෙම සාකච්ඡාවන්හි ප්‍රධාන අරමුණු වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (SMEs) සවිබල ගැන්වීම, තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය, සහ ගුණාත්මක බැංකුකරණ පිළිවෙත් ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම යන උපාය මාර්ග ගවේෂණය කිරීමයි.

මෙම දෙදින රැස්වීම අර්ථවත් තොරතුරු  හුවමාරුවක් ලෙස සැලසුම් කර ඇති අතර, එහිදී සහභාගිවන්නන් කර්මාන්තයේ සමකාලීනයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ සිවිල් සමාජ නායකයින් සමග එක්ව සාකච්චා කරනු ඇත. GABV මණ්ඩල සාමාජිකයින්, සාමාජික බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, සහ Sunrise Banks (එක්සත් ජනපදය), Southern Bancorp (එක්සත් ජනපදය), Qudos Bank (ඕස්ට්‍රේලියාව), EkoBanken (ස්වීඩනය), Centenary Bank (උගන්ඩාව), Bank Muamalat (මැලේසියාව), BRAC Bank (බංග්ලාදේශය), ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්තානය, ටජිකිස්තාන්, පැපුවා නිව්ගිනියාව, සහ කිර්ගිස්තාන් යන රටවලින් ප්‍රමුඛ මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී වනු ඇත. ඔවුන් එක්ව මූල්‍ය පද්ධති ගුණාත්මකව පරිවර්තනය කරමින් දිගුකාලීන සමාජීය හා පාරිසරික ඉලක්ක සපුරාලීම සඳහා තිරසාර බැංකුකරණයේ ඉදිරිගාමීත්වය, ආචාරධාර්මික ආයෝජන ප්‍රවර්ධනය, සහ ප්‍රජා පාදක නවෝත්පාදන හරහා බැංකුකරණය නැවත අර්ථකථනය කිරීම පිළිබඳ අත්දැකීම් හා හොඳම පිළිවෙත් හුවමාරු කර ගනු ඇත.

මෙම රැස්වීමට සත්කාරකත්වය දැරීම ශ්‍රී ලංකාවේ ගුණාත්මක මූල්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී අවස්ථාවකි. මෙය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්හි, සමාජ ව්‍යවසායකත්වය හා තිරසාර ප්‍රජා සංවර්ධනය මත පදනම් වූ දශකයක දීර්ඝ ගමනෙහි ඉතිහාසය පිළිබිඹු කරයි.

“2025 GABV ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම සඳහා සත්කාරකත්වය දැරීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා,” යනුවෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැවසීය. “ශ්‍රී ලංකාවට මෙය හුදෙක් රැස්වීමක් පමණක් නොවේ. එය තිරසාර ණය ලබාදීම, SME සවිබල ගැන්වීම, සහ ගුණාත්මක නවෝත්පාදනයන් හරහා අප ගෙන යන සංවාද, අපගේ ජාතික ප්‍රතිස්ථාපන සහ ආර්ථික තත්වයන්ට ඔරොත්තු දීමේ ගමනට සෘජුවම සම්බන්ධ වේ. ජාතියක් ලෙසත්, ආයතනයක් ලෙසත්, මූල්‍ය ක්ෂේත්‍රයෙන් ජනතාව, මහපොළොව, සහ සමෘද්ධිය ඇති කිරීම යන තුන් ආකාරයෙන්ම සේවය කිරීමට එහි ආචාරධර්මීය මාවත නැවත සොයා ගත යුතු බව අප විශ්වාස කරමු.”

GABV ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම, මූල්‍ය ඇතුළත්කිරීම, ආචාරධාර්මික ආයෝජන, සහ ප්‍රජා පාදක නවෝත්පාදන හරහා බැංකුකරණය නැවත අර්ථකථනය කිරීමට සහ තම අත්දැකීම් හුවමාරු කර ගැනීමට සාමාජික බැංකුවලට වේදිකාවක් සපයයි. කොළඹ සැසිවාර වලදී, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග වලින් පසු යථා තත්ත්වයට පත්වීමේ මාවත සහ ගුණාත්මක මූල්‍ය ක්ෂේත්‍රය ජාතික පුනර්නිර්මාණයට හා සමාජ ප්‍රගතියට දායක විය හැකි ආකාරය ද ගවේෂණය කෙරේ.

සහභාගිවන්නන් ආසියාවේ ප්‍රධානතම ප්‍රජා සංවර්ධන ආකෘතියක් වන සර්වෝදය ව්‍යාපාරයේ උපත ලැබූ මොරටුව ප්‍රදේශයට ඉගෙනුම් චාරිකාවකට ද සහභාගි වනු ඇත. මෙම චාරිකාව හරහා, දේශීය සමාජ ව්‍යවසායකත්වයේ මූලධර්ම නවීන ගුණාත්මක බැංකුකරණ ව්‍යාපාරයට බලපාන ආකාරය ඔවුන් අධ්‍යනය කරනු ඇත.

2009 දී ආරම්භ කරන ලද ගෝලීය බැංකුකරණ ගුණාත්මක සන්ධානය (GABV) යනු තිරසාර ආර්ථික, සමාජීය, සහ පාරිසරික සංවර්ධනය සඳහා මූල්‍ය ක්ෂේත්‍රය භාවිතා කිරීමට කැපවූ, ස්වාධීන බැංකු, ණය සමිති, සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 70කට අධික ගෝලීය ජාලයකි. එහි සාමාජිකයින් එක්ව රටවල් 45ක ගනුදෙනුකරුවන් මිලියන 60කට වැඩි පිරිසකට සේවය සපයන අතර, ඔවුන්ගේ ඒකාබද්ධ වත්කම් ඩොලර් බිලියන 200 ඉක්මවයි.

2025 GABV ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම, වගකිවයුතු බැංකුකරණය පිළිබඳ ගෝලීය සංවාදයට ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් දියුණු වන දායකත්වය ඉස්මතු කර පෙන්වනු ඇති අතර, ආචාරධාර්මික මූල්‍ය ක්ෂේත්‍රය හුදු ව්‍යාපාරයක් පමණක් නොව, තිරසාර වර්ධනයේ අනාගතය බව නැවත තහවුරු කරයි.


Share with your friend