ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් බලගන්වයි

Share with your friend

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ඉහළ නැංවීම අරමුණු කොටගෙන ජනශක්ති ලයිෆ් මෑතක දී සංවිධානය කළ ‘නිදහස් අදහස්’ චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය වයස අවුරුදු 3-5ත් අතර සහ වයස අවුරුදු 6-10ත් අතර කාණ්ඩවල දරු දැරියන්ගේ ඉහළ සහභාගීත්වයකින් සහ ඔවුන්ගේ අසීමිත නිර්මාණශීලී එළිදැක්වීම් සමග ඉතාම සාර්ථකව සංවිධානය කර තිබිණි. මෙම තරගයට රටපුරා අයදුම්කරුවන් 10000කට වැඩි ප්‍රමාණයක් සිය නිර්මාණ දායකත්වය ලබාදුන් අතර දිවයින පුරා පෙර පාසල් සහ ප්‍රථමික පන්තිවල දරුවන්ට වැඩි අවස්ථාවක් ලබාදීම සිදුවිය. එසේම කලාපීය මට්ටමින් චිත්‍ර එකතු කිරීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක් හරහා චිත්‍ර නිර්මාණ එකතු කරගැනීම, ඇගයීම සිදුවිය. චිත්‍ර ප්‍රදර්ශනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. මෙහි දි ලැබුණු විවිධ මාතෘකා ඔස්සේ ඇඳි චිත්‍ර නිර්මාණ එකතුව තුළින් අපේ රටේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ හැකියාවන්ගේ පරාසය මනාව පිළිඹිබු විය.


කලාපති කලාභූෂණ පුලස්ති එදිරිවීර, ප්‍රසාදනි කුමාරී සහ ප්‍රගීත් රත්නායක වැනි ශ්‍රි ලංකාවේ චිත්‍ර කලා කෙත සශ්‍රීක කළ විශේෂඥ විනිශ්චය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් ජයග්‍රාහී චිත්‍ර නිර්මාණ තෝරාගනීම සිදුවිය. ලැබුණු සුවිසල් චිත්‍ර නිර්මාණ එකතුව තුළින් වඩාත් ඉහළ චිත්‍රණ හැකියාවන් සහිත එක් එක් කාණ්ඩයේ නිර්මාණ 100ක් අවසන් දිනයේ කොළඹ BMICH ප්‍රදර්ශන ශාලාවේ ප්‍රදර්ශනයට තබා තිබූ අතර දිවයින පුරා සිටින සුහුඹුල් කලාකරුවන්ගේ හැකියාවන් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැමට උදාවිය.


චිත්‍ර විෂයේ හී මනා පරිචරය සහ නිර්මාණශීලීත්වයේ ඉහළ හැකියාවන් ප්‍රදර්ශනය කළ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන චිත්‍ර ප්‍රදර්ශන භූමියේ දී ප්‍රකාශයට පත් කළ අතර ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීය. එසේම සෑම කාණ්ඩයක් යටතේම තෝරාගත් හොඳම චිත්‍ර 10ට අමතර වවුචර්පත් ලබාදීම සිදුවිය.


තරගාවලියට අමතරව ජනශක්ති ලයිෆ් විසින් එම උත්සවයට සහභාගී වූ දරුවන්ට සිය කලා ශිල්පීය හැකියාවන් වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චිත්‍ර වැඩමු`එවක් ද පැවැත්වීය. මෙම අවස්ථාව චිත්‍ර තරගකාරී තෝරාගැනීමකට එහා ගොස් චිත්‍ර ශිල්පීය කුසලතා වර්ධනය කරගැනීම වෙනුවෙන් දරුවන්ට ලැබුණු මහඟු අවකාශයකි.


ජනශක්ති ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය,“ ශ්‍රි ලාංකිකයන්ගේ සිහින බලගැන්වීමට සහ ජීවන අගය ඉහළ නැංවීම වෙනුවෙන් කැපවෙන ආයතනයක් ලෙස ‘නිදහස් අදහස්’ චිත්‍ර කුසලතා එළිදැක්වීමේ වැඩසටහන දැයේ දරුවන්ගේ නිර්මාණ හැකියාවන් පෝෂණය කරමින් සමාජයට ධනාත්මක ජීව ගුණයක් ලබාදීමට අපෙක්ෂා කරනවා. මෙම චිත්‍ර තුළින් අපේ දරුවන් ඔවුන්ගේ අවට පරිසරය ගැන ලෝකය ගැන දරණ මතය මනාව පිළිඹිබු වෙනවා. තමන්ගේ මනසේ චිත්‍රණය වෙන අදහස් එළිදැක්වීමට මෙවන් වේදිකාවක් නිර්මාණය කරමින් අපි අපේ අනාගත පරම්පරාවේ ගැඹුරු හැඟීම් මතුකිරීම, සංවිඥානිකත්වය ඇති කිරීම, තිරසරබව පිළිබඳ අවබෝධය ගොඩනංවා ගැනීම ආදී පු`එල් කලාපයක පැතුරුණු සංවාදයකට මුලපිරීම අපේ අරමුණයි. මේ භාරදූර සංකල්පය කාර්ය යථාර්තයක් බවට පත්කරන්නට වෙහෙසුණු ජනශක්ති ලයිෆ් කණ්ඩායමට, සහභාගී වූ සියලු දෙනාටම, අපේ අනුග්‍රහකයන්ට සහ මෙයට අතහිත දුන් සැමට මේ මොහොතේ මගේ හදපිරි ස්තූතිය පුදකරන්න මම කැමතියි.”


‘ශ්‍රි ලාංකිකයන්ගේ සිහින බලගැන්වීමට සහ ජීවන අගය ඉහළ නැංවීම’ යන සිය අරමුණ සැබෑවටම ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස සිය ආයතනික වගකීම් මනාව අවබෝධ කරගත් ජනශක්ති ලයිෆ් සැමවිටම ආචාර ධාර්මිකව සහ විනිවිදභාවයකින් යුතුව සිය කොටස්කරුවන්ට වටිනා අගයක් ඇති කිරීමට කැපවෙයි. සිය පාරිභෝගික සේවාවන් පිළිබඳ සැලකීමේ දී අති විශිෂ්ට රක්ෂණ විසඳුම් සංකල්ප හඳුන්වාදෙන ජනශක්ති ලයිෆ් ජනතාවගේ එදිනෙදා ජීවිතේ වෙනස්වන සියලු අවස්ථාවන්ට නිවැරදිව ගැළපෙන පරිදි සිය රක්ෂණ සේවා පවත්වාගෙන යයි. එසේම සමාජය වෙනුවෙන් සිය ආයතනික කාර්යභාරය පු`එල් කරමින් සමාජයේ තිරසර බව වර්ධනය කිරීම උදෙසා ද ආයතනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
වසර 29කට වැඩි කාලයක් ඉතාම සාර්ථකව සිය කටයුතු පවත්වාගෙන යන ජනශක්ති ඉන්ෂුවරන්ස් ආයතනය රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් නව සේවා සංකල්ප සමග ශ්‍රී ලාංකික ජිවිත ආලෝකමත් කරන්නට කැපවී කටයුතු කළේය. ශ්‍රී ලාංකිකයන්ගේ


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply