සයිබර් ආරක්ෂාව, Cloud විසඳුම් සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ක්ෂේත්‍රයේ සීමාවන් අතික්‍රමණය කරමින් නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT, 2024 වසරේ වඩාත් නව්‍ය සේවා සපයන්නා ලෙස 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (PEA) සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ප්‍රමුඛ දායකත්වයක් ලබාදුන් අපනයනකරුවන් ඇගයීම සඳහා පිරිනැමෙන මෙම ජනාධිපති අපනයන සම්මානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් OREL IT සමාගමවෙත ප්‍රදානය කරන ලදී.
මෙම ගෞරවණීය සම්මානය හිමිවූයේ, ලොව පුරා Fortune 500 සමාගම් රැසක් සමඟ කටයුතු කරන ඩිජිටල් පරිසර පද්ධති සැපයුම්කරුවෙකු ලෙස OREL IT විසින් AI තාක්ෂණයෙන් බලගන්වන ලද සිල්ලර වෙළෙඳාම් සහ කාර්ය කළමනාකරණ මෘදුකාංගයක් වන Planigo වෙනුවෙනි. මෙම නවෝත්පාදන මෘදුකාංගය, ගෝලීය සිල්ලර වෙළෙඳාම් දාමය තුළ මෙහෙයුම් කටයුතු වඩාත් ප්‍රශස්ත කිරීමට, කාර්ය කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ මෙරට තුළ සහ ඉන් ඔබ්බට ඩිජිටල් පරිවර්තන කටයුතු සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීමට ඉවහල් වේ.
AI තාක්ෂණයෙන් බලගැන්වෙන සිල්ලර වෙළඳාමේ අනාගතය වන Planigo
කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, ඵලදායිතාවය වර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය ඔස්සේ තීරණ ගැනීමේ හැකියාව සක්‍රීය කිරීම මඟින් සිල්ලර වෙළෙඳාම පණගැන්වීමට Planigo මනා දායකත්වයක් ලබාදෙයි. Planigo මෘදුකාංගය දැනටමත්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතර, AI බලගැන්වූ සිල්ලර වෙළෙඳාම් සහ කාර්ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා ඇත.පරිණාමය වෙමින් පවතින ඩිජිටල් ආර්ථිකය තුළ ව්‍යාපාර සඳහා වාර්ෂිකව 18%ක ආදායම් වර්ධනයක් පෙන්වමින් Planigo සිය කාර්යක්ෂමතාව පිළිබිඹු කර තිබේ.
Planigo: නවෝත්පාදනය සඳහා කදිම සන්ධිස්ථානයක්
OREL සමූහ ව්‍යාපාරයේ සභාපති කුෂාන් කොඩිතුවක්කු මහතා සමාගම වෙනුවෙන් මෙම සම්මානය පිළිගනිමින් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.“අපි නවෝත්පාදනය දකින්නේ, ගැටළු විසඳීමෙන් ඔබ්බට යමින් සිදුකළ හැකි දේ පිළිබඳ නැවත අර්ථ දැක්වීමක් ලෙසයි. ව්‍යාපාර බලගැන්වීම පමණක් නොව ජනතාවට සේවය කීරීමට සහයෝගය ලබාදෙමින් දීප්තිමත් මෙන්ම තිරසාර හෙටක් සඳහා තාක්‍ෂණික හැකියාවන් නිර්මාණය කිරීමට අප ආයතනය විසින් දක්වන ලද කැපවීම පිළිබඳ මෙම සම්මානය කදිම සාක්ෂියක්.”
මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් OREL IT හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය උපේන්ද්‍ර පීරිස් මහතා මෙසේ සඳහන් කළේය. “ගෝලීය වශයෙන් සිල්ලර කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීම සඳහා ප්‍රබල හැකියාවක් Planigo සතුව තිබෙනවා. සෑම දිනකම මෙම පරිවර්තනය වෙනුවෙන් කැප වී කටයුතු කරන අපගේ නවෝත්පාදකයින්ගේ සුවිශේෂී දක්ෂතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකියි. සිල්ලර වෙළෙඳාමේ අනාගතය හැඩගැස්වීමට පමණක් නොව, සැබෑ ප්‍රගතියට මඟ පෙන්වන, ඩිජිටල්කරණය වූ ගෝලීය සන්ධිස්ථානයක් ගොඩනැංවීමට ද අපි කැපවී සිටිනවා.”
‘Tech for good’ යන දැක්ම පදනම් කර ගනිමින් සිය සේවාවන් දියත් කිරීමට කැප වී සිටින OREL IT, ආර්ථික වර්ධනයට සහ ලෝකයට සැබෑ වෙනසක් ඉටුකරන විසඳුම් නිර්මාණය කරමින් AI තාක්ෂණයේ, data science සහ digital transformation හි දියුණුවට අඛණ්ඩව සිය නායකත්වය ලබා දීමට කටයුතු කරයි.