සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රගතිය වෙනුවෙන් කාන්තාවන් ලබාදෙන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර කාන්තා දිනය සෑම වසරකම මාර්තු 08 දින ලොව පුරා සමරනු ලැබේ. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම, ලෝක කාන්තා දිනයේ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ප්‍රධාන අංශ 6 ක් යටතේ දැනටමත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් `BreakTheBias for a Better Tomorrow’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී සහ ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, කාන්තාවන් වෙනුවෙන් සුරක්ෂිත, ස්වාධීන හා මූල්‍යමය වශයෙන් ස්ථාවර පසුබිමක් නිර්මාණය කර දීම තුළින් ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වලටත්, රටටත් ප්රතිලාභ රාශියක් අත්වන බවයි. කාන්තාවන්ගේ කුසලතා, ජීවනෝපාය මාර්ග සහ ඔවුන්ට හිමිවන වෙළඳපොළ අවස්ථා වැඩිදියුණු කිරීම මෙන්ම, සමාජය තුළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින දුර්මත සහ පීඩාකාරී තත්ත්වයන් පිටුදැකීම ජෝන් කීල්ස් පදනමේ අරමුණ බව ඈ පැවසුවා ය.
‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ වැනි වැඩසටහන් යටතේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර ඇතුළුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය මූල්‍ය සහය හා අනෙකුත් සහයෝගයන් ලබාදීම නිරන්තරයෙන් සිදුකෙරේ. ‘අධ්‍යාපනය’ අංශය යටතේ ජෝන් කීල්ස් පදනම ක්‍රියාත්මක කරන වැඩසටහන් වල මූලික ඉලක්කය වන්නේ, කාන්තාවන්ට තම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම ය.
තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ මෘදු කුසලතා දියුණු කිරීම සඳහා ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ 17,000 කට අධික පිරිසකට ප්රතිලාභ සැලසී ඇති අතර ඉන් බහුතරය කාන්තාවන් ය. මීට අමතරව COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මතු වූ අභියෝග වලට මුහුණ දීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ සැපයුම්කරුවන් සවිබල ගැන්වීම අරමුණු කරගෙන ‘Skill into Progress’ (SKIP)’ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.
‘සෞඛ්‍යය’ අංශය යටතේ ජෝන් කීල්ස් පදනම මගින්, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය අවම කිරීම සහ ළමා අපයෝජන වැළැක්වීම අරමුණු කරගෙන විවිධ වැඩසටහන් දියත් කර ඇත. තවද ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සමූහයේ සේවක සේවිකාවන්, පොලිස් නිලධාරීන්, නීතීඥයන්, ගුරුවරුන් සහ මහජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් දීර්ඝකාලීන ව්‍යාපෘතියක් ලෙස “Project WAVE” ක්‍රියාවට නංවා තිබේ.
ඉදිරියටත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කැපවන අතරම කාන්තාවන් සවිබල ගන්වමින්, ඔවුන්ට ආර්ථික හා සමාජීය වශයෙන් ස්වාධීන ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීමට ජෝන් කීල්ස් පදනම කටයුතු කරනු ඇත.
ජීවනෝපාය මාර්ග සංවර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය යනු, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමු වන අංශ හයෙන් තුනකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක් පවතින, සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන, කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර, 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබාදෙන JKH ආයතනය වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසංදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්වය මුලපිරීම් හරහා ‘හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම’ පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින්ද ක්‍රියා කරයි.