නොබෝදා පැවති 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාරභාවය වෙනුවෙන් දක්වන්නා වූ අද්විතීය කැපවීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය කීර්තිමත් සම්මාන දෙකක් සමඟින් ඇගයීමට ලක් විය.

උළලේ තිරසාර නවෝත්පාදනය සඳහාවූ සම්මානය, අඩු වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතය හේතුවෙන් ගෘහස්ථ වායුගෝලීය ගුණාත්මකභාවය වැඩි දියුණු කරවමින් සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් නිර්මාණයට දායකවීම වෙනුවෙන්, ටොකියෝ සිමෙන්ති සමූහයේ නව්‍ය නිෂ්පාදන අතරට එක්වූ අලුත්ම ටයිල් මැලියම් වර්ගය වන TOKYO SUPERBOND Premium Tile Adhesive විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව, තිරසාර ඉදිකිරීම් ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලද සම්මානය, අද්විතීය පරිසර හිතකාමී ඉංජිනේරු සැලසුමකට අනුව ඉදිකරන ලද ප්ලැටිනම් GREEN® Building සහතික ලත් හරිත ගොඩනැගිල්ලක් වන ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයට හිමි විය.

තිරසර අනාගතයක් වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඇති නොසැලෙන කැපවීම අගය කෙරුනු මෙම සම්මාන උළලේදී සමාගමේ ව්‍යාපාරික දැක්ම සමඟ අවියෝජනීයව බැඳුනු පාරිසරික වගකීම, එහි උපාය මාර්ගික මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් ක්ෂේත්රයන් හැඩගැස්වීමෙහිලා දක්වන දායකත්වය තවදුරටත් තහවුරු කරනු ලැබීය.
13 වන ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණය (World Construction Symposium) සහ 2025 ශ්‍රී ලංකා තිරසාර සම්මාන රාත්‍රිය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, මහාචාර්ය යසංගිකා සන්දනායක, ආචාර්ය රොහාන් කරුණාරත්න, ඉංජිනේරු සාගර ගුණවර්ධන, ඉංජිනේරු සාලිය කළුආරච්චි සහ කළණ අල්විස් යන මහත්ම මහත්මීහු උළලේ සම්භාවනීය අමුත්තන් අතර වූහ. මෙම වසරේ උත්සවය, මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යාව සහ කළමනාකරණ පර්යේෂණ ඒකකය සහ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders – CIOB) විසින් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ කැපී පෙනෙන තිරසාර උත්සාහයන් අගැයීමට ලක්කිරීමෙන් පරිසර හිතකාමී ව්‍යාපාරික පිළිවෙත් දිරිමත් කිරීම මෙම වාර්ෂික සම්මාන උළෙලෙහි අරමුණයි.
2025 වසරේ තිරසාර ඉදිකිරීම් ව්‍යාපෘති සම්මානයෙන් පිදුම් ලැබූ, බලශක්ති සහ සම්පත් කාර්යක්ෂමතාව අතින් දියුණු පරිසර හිතකාමී නිර්මාණ අංග ඇතුළත් ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය, ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් සහ පරිපාලන මධ්‍යස්ථානයයි. සමාගමට අයත් ISO 17025 සහතික ලත් පර්යේෂණාගාරය, නව නිපැයුම් සංවර්ධන මධ්‍යස්ථානය සහ කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ රසායනාගාර සංකීර්ණය මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක්‍රියාත්මක වේ. ටෝකියෝ සිමෙන්ති ත්‍රිකුණාමල කර්මාන්තශාලා සංකීර්ණය තුල පිහිටි සිමෙන්ති කම්හල් හතරේ නිෂ්පාදන ක්‍රියාවලිය, උසස් ප්‍රමිතියක් සහ ඉහළ ඵලදායිතාවයකින් යුතුව කලමනාකරණය මෙන්ම, සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට පුනර්ජනනීය සුනිත්‍ය විදුලිය සපයන ජෛව ඉන්ධන විදුලි බලාගාර දෙකේ අධීක්ෂණ කටයුතු පාලනය කරන මෙහෙයුම් මැදිරිය ද මෙහි ස්ථාපිත කරඇත.
ජලය, විදුලිය ඇතුළු ස්වභාවික සම්පත් පරිභෝජනය අවම කරවන, ඉතා ඉහළ පරිසරහිතකාමී ගෘහනිර්මාණ සැලසුමක් අනුව නිමවා ඇති මෙම තාක්ෂණ මධ්‍යස්ථානය, මුළුමනින්ම බලගැන්වෙන්නේ 75KW මුළු ධාරිතාවකින් යුතු සූර්යබල විදුලි පද්ධතියකිනි. මිට අමතරව, වැසි ජලය ගබඩා කිරීම, ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම ද, එසේ එකතු කරගන්නා ජලය, බිඳිති තාක්ෂණය යොදාගනිමින්, ඒ අවට පරිසරයේ රෝපිත විශාල ගස්වැල් ප්‍රමාණයක් පෝෂණයට යොදාගැනීම මෙම ගොඩනැගිල්ලේ පරිසරහිතකාමී බව වැඩිදියුණු කිරීමට හේතුවී ඇත. මෙවැනි සුවිශේෂ පාරිසරික සාධක රැසකින් සපිරි මෙම තාක්ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, සහතිකලත් හරිත ගොඩනැගිල්ලක් ලෙස 2019 දී ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (Green Building Council of Sri Lanka) ඇගයීමට ලක් විය. මෙම තාක්ෂණ කේන්ද්‍රයේ තවත් විශේෂත්වයක් වන්නේ, 200ට අධික පිරිසකට රැස්විය හැකි සියළු පහසුකම් වලින් සපිරි අති නවීන ශ්‍රවණාගාරයකින් සමන්විත අධ්‍යාපනික තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස ද ක්රියාකිරීමයි.
උළලේ තිරසාර නවෝත්පාදන සම්මානය දිනාගත් TOKYO SUPERBOND Premium Tile Adhesive ටයිල් මැලියම් යනු, ඉතා අඩු කාබන් අගයක් සහිත සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති (Blended Hydraulic Cement), ශ්‍රේණිගත වැලි, රසායනික පොලිමර් මැලියම් සහ කාබනික ආකලනවල උසස් සංයෝජනයක් සහිත, BS EN 12004 ප්‍රමිතිය යටතේ C2ETS1 පන්තියට අනුකූලව නිපදවා ඇති නවතම ටයිල් මැලියම් වර්ගයකි. එහි ප්රශස්ත සංයෝජනය, ටයිල් ඇල්ලීමේදී ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතරම, අඩු කාබන් දර්ශකයක් සහිත සිමෙන්ති අඩුවෙන් භාවිතය හේතුවෙන් පරිසර හිතකාමී බව සැලකිය යුතු ලෙස වැඩි කරයි. රසායනික පොලිමර් මැලියම් භාවිතයෙන් වැඩි නම්‍යශීලී බවක් සහ උසස් බන්ධන ශක්තියක් ලබා දෙන අතර, නිවර්තන දේශගුණයේ ඇතිවිය හැකි විශාල උෂ්ණත්ව වෙනස්වීම් වලට අනුවර්තනය වීමට ඉඩ සලසමින්, ටයිල් ඉරිතැලීම් හා බොල්වීම වළක්වයි. එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සිලයේ 65 g/L සීමාවට වඩා බෙහෙවින් අඩු, 0.36 w/w% (5.2 g/L, ITI විසින් පරීක්ෂා කරන ලද) ක් වන අවම වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතයක් ඇති TOKYO SUPERBOND Premium Tile Adhesive ටයිල් මැලියම්, ගෘහස්ථ අවකාශයන් සඳහා ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්නම තේරීමක් වන අතර, වඩා හොඳ ගෘහස්ථ වායු ගුණාත්මකභාවයක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් ස්ථාපනයට ඉවහල් වේ.
ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස, ටෝකියෝ සිමෙන්ති සමූහය සිය පාරිසරික වගකීම සපුරාලනුවස් උපායමාර්ගික ආයෝජනයන් රැසක් සිදු කර ඇති අතර, ඉන් වඩාත් කැපීපෙනෙන ව්‍යාපෘතිය වන්නේ 24MWක ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහනයි. පරිසර සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය සමාගම දක්වන කැපවීම ජීවමාන කරවන මෙවැනි වැඩසටහන් මගින්, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.
දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.–
ඡායාරූප:
TOKYO SUPERBOND Premium Tile Adhesive ටයිල් මැලියම් 2025 ශ්‍රී ලංකා තිරසාර සම්මාන උළෙලේදී තිරසාර නවෝත්පාදනයට හිමි සම්මානය දිනා ගත්තේය. | ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාර ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා වන සම්මානය ලබා ගත්තේය. | |
ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය සමාගමේ තාක්ෂණික හා පරිපාලන මෙහෙයුම් මධ්‍යස්ථානයයි. |