Eyeview Sri Lanka

දකුණු ආසියාවේම ප්‍රථම CIPR Fellowship ඇගයීම තන්සිල් තාජුඩීන් වෙත පිරිනැමේ

Share with your friend

මහජන සම්බන්ධතා වෘත්තිකයන් වෙනුවෙන් පිහිටුවන ලද ලොව පැරණිතම සහ විශාලතම වෘත්තීය ආයතනයවන මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනය (Chartered Institute of Public Relations – CIPR) මගින්, Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා  වෙත CIPR Fellowship ඇගයීම පසුගියදා පිරිනමන ලදී. ඒ අනුව දකුණු ආසියාවේ මෙම ගෞරවය ලැබූ පළමු පුද්ගලයා වශයෙන් තාජුඩීන් මහතා කැපීපෙනේ. කොළඹ කේන්ද්‍ර කරගත් Mark and Comm සමාග‍ම, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සේවාදායකයින් රැසකට සේවය ලබාදෙන දිවයිනේ ප්‍රමුඛතම මහජන සම්බන්ධතා සමාගමකි. 

CIPR Fellowship යනු මහජන සම්බන්ධතා කර්මාන්තය තුළ වෘත්තීකයෙකුට ලැබිය හැකි ඉහළම වෘත්තීය ඇගයීමක් ලෙස සැලකේ. එනිසාම මහජන   සම්බන්ධතා කර්මාන්තයට විශේෂ සේවාවක් සහ දායකත්වයක් ලබාදුන් පුද්ගලයින් වෙනුවෙන් මෙම ඇගයීම පිරිනැමේ. 

මේ සමඟ තාජුඩීන් මහතාට CIPR හි වරලත් මහජන සම්බන්ධතා වෘත්තිකයෙකුගේ තත්ත්වය ද හිමිවන අතර, එමඟින් සමස්ත දකුණු ආසියානු කලාපයේම ඉහළම සුදුසුකම් ලත් සන්නිවේදන වෘත්තිකයෙකු ලෙස ඔහුගේ විශේෂඥතාව තවදුරටත් සහතික කෙරේ. ඔහු CIPR ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයෙකුවන අතර මීට පෙර වෘත්තීය ප්‍රමිති පිළිබඳ ස්ථාවර කමිටුව ද නියෝජනය කළේය.

පසුගිය වසරේදී, ඔහු 2024 සඳහා වන Campaign Asia හි 40 Under 40 ලැයිස්තුවට ද එක්වෙමින්, දකුණු ආසියානු කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍රය පුරා නවෝත්පාදන මෙහෙයවන සහ සීමා අභිබවා යන පුරෝගාමියෙකු බවට ද පත්විය. මේ අනුව, සන්නිවේදන කර්මාන්තයේ වසර 14කට වැඩි පළපුරුද්දක් ඇති ඒ මහතා කලාපීය සහ ගෝලීය මහජන සම්බන්ධතා අංශ දෙකෙහිම බලවත් දැවැන්ත භූමිකාවකට පණපොවමින් සිටී.

තාජුඩීන් මහතාගේ වෘත්තීය බලපෑම ඔහුගේ ආයතනයට පමණක් සීමාවූවක් නොවේ. 2022 වසරේ සිට PRCA ආසියා පැසිෆික් කලාපීය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස, තාජුඩීන් මහතා ජාත්‍යන්තර සන්නිවේදන ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට විශාල ලෙස දායක වී ඇත. PRCA හි දේශීය නියෝජිතයා ලෙස, ඔහු දැනුම හුවමාරු වැඩසටහන් ගණනාවක් සංවිධානය කළ අතර, දේශීය වෘත්තිකයන් සහ ගෝලීය කර්මාන්ත නායකයින් අතර වටිනා සබඳකම් සඳහා පහසුකම් සපයමින්, ශ්‍රී ලංකාවේ සන්නිවේදන අංශය සහ ගෝලීය මහජන සම්බන්ධතා ප්‍රජාව අතර සම්බන්ධීකරණයට ද පියවර ගත්තේය.

මෙම වසරේ SABRE APAC සම්මාන උළෙලේ ද, PRCA APAC සම්මාන උළෙලේ (ඉකුත් වසර දෙකකදී ද) සහ 2025 PRCA ප්ලැටිනම් සම්මාන උළෙලේ ද විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකුවන තාජුඩීන් මහතා මීට පෙර Campaign Asia-Pacific විසින් පවත්වන Asia-Pacific මහජන සම්බන්ධතා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය ද නියෝජනය කළේය.

ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) සහ වරලත් කළමනාකරණ ආයතනයේ (CMI) සාමාජිකයෙකු වන අතර, CIM වෙතින් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් විධායක ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධියක් (executive MBA) ලබා ඇත.

කවුන්සිල සාමාජිකයෙකු ලෙස පත්වීමට පෙර, මහජන සම්බන්ධතා සහ සන්නිවේදන සංගමයේ (PRCA) සාමාජික කමිටුවේ සහ අධ්‍යාපන උපදේශක මණ්ඩලය කමිටුවේ ඔහු කළ සේවය, වෘත්තීය සංවර්ධනය සහ කර්මාන්ත දියුණුව වෙනුවෙන් ඔහුගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි.

CIPR fellowship  යනු තනි පුද්ගල ජයග්‍රහණ පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සන්නිවේදන කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි. එය, දකුණු ආසියානු සන්නිවේදන විශේෂඥතාව පිළිබඳ වර්ධනයවන ගෝලීය පිළිගැනීමේ සහ කලාපීය මහජන සම්බන්ධතා භාවිතයේ නවීනත්වයේ ද පිළිබිඹුවකි. 


Share with your friend
Exit mobile version