පීපල්ස් ලීසිං සහ ඩිමෝ එක් වී කෘෂි යන්ත්‍රෝපකරණ වෙනුවෙන් සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි

Share with your friend

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (People’s Leasing & Finance PLC) සහ ඩිමෝ සමාගම (DIMO) එක් වී මෙරට කෘෂිකර්මාන්තයේ යහපත වෙනුවෙන් සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා මෙන්ම Lovol සහ CLASS හාවස්ටර් ඇතුළුව ඩිමෝ සමාගම මගින් ආනයනය කරනු ලබන කෘෂි යන්ත්‍රෝපකරණ රාශියක් සඳහා සහනදායී ලීසිං පහසුකම් හිමි වේ. මෙය ගොවීන්ටත් කෘෂි ව්‍යාපාර හිමියන්ටත් සුවිශාල සහනයක් වනු නිසැක ය.

ඉදිරියේදී අස්වනු නෙළන කාලය ආරම්භ වීමට පෙර, රටේ කෘෂිකර්මාන්තය වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ විශේෂයෙන් ඉලක්ක කරගනිමින් මෙහි ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට දෙපාර්ශ්වය බලාපොරොත්තු වෙයි. ඒ සඳහා ඒකාබද්ධ වැඩසටහන් පෙළක් දැනටමත් සැලසුම් කර ඇති අතර, එහිදී ගොවීන්ට හා කෘෂි ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාරික අවශ්‍යතා සහ ආදායම් මට්ටම්වලට අනුව වඩාත්ම සුදුසු මූල්‍ය පහසුකම් තෝරාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ලීසිං සහ ණය පහසුකම් සඳහා අවම මූලික ගෙවීමක් සමගින් විශේෂ පොලී අනුපාත පිරිනැමීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කටයුතු යොදා තිබේ.

පාරිභෝගිකයන්ට තම කැමැත්ත අනුව ස්ථාවර හෝ විචල්‍ය පොලී අනුපාත තෝරාගත හැකි අතර, අවශ්‍ය නම් ආපසු ගෙවීමේ කාලය වසර 7 ක් දක්වා දීර්ඝ කරගැනීමටද හැකියාව පවතී. එමෙන්ම ඔවුන්ට රක්ෂණ වාරික සඳහා මාස 12 ක පහසු ගෙවීමේ ක්‍රමයක්ද හිමි වේ. දිවයින පුරා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශාඛා පිහිටුවා ඇති නිසා පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ගනුදෙනු කළ හැකි අතර, PLC Touch app සහ PLC ඩෙබිට් කාඩ්පත් මගින් ඔවුන්ට අමතර වාසි රැසක්ද හිමි වේ.

මෙම වැඩසටහන හරහා කෘෂි යන්ත්‍රෝපකරණ මිලදීගන්නා පාරිභෝගිකයන් ‘පීපල්ස් ඉන්ෂුවරන්ස්’ සමාගම වෙතින් රථවාහන රක්ෂණ මිලදී ගැනීමේදී ඔවුන්ට විශේෂ අනුපාත මෙන්ම Call & Go පහසුකම වැනි විශේෂ පහසුකම්ද හිමි වනු ඇත. මීට අමතරව ඔවුන්ට මහජන බැංකුව වෙතින් ප්‍රථම වර්ෂයේ ගාස්තු රහිතව සම-සන්නාමගත ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.

පාරිභෝගිකයන් ඩිමෝ සමගම වෙතින් මිලදීගන්නා Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා වසර 4 ක වගකීමක්ද, Lovol සහ CLASS හාවස්ටර් සඳහා වසරක වගකීමක්ද හිමි වනු ඇත. එමෙන්ම මෙම යන්ත්‍රෝපකරණ මිලදීගන්නා අවස්ථාවේදී ඔවුන්ට අමතර උපාංග කට්ටලයක්, නොමිලේ ඔයිල් ෆිල්ටර් සමග සේවා වාර තුනක්ද නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙමගින් ගොවීන්ට තම යන්ත්‍රෝපකරණ අවම වියදමකින්, උපරිම ක්‍රියාකාරීත්වයකින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වන කෘෂිකර්මාන්තය සහ එය පවත්වාගෙන යාමට දායක වන පිරිසගේ යහපත වෙනුවෙන් තමන් සෑම විටම කැප වී සිටින බවයි. ඩිමෝ සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය හේතුවෙන්, ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරිකයන්ට තම ආර්ථික ශක්තිය අනුව නවීන කෘෂි යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. රටට බත සැපයීම සඳහා වෙහෙසෙන ගොවි ප්‍රජාවන්ගේ ආර්ථික දුෂ්කරතා අවම කරමින්, ඔවුන්ට දියුණුව ළඟා කරගැනීමට අවශ්‍ය සම්පත් සපයාගැනීමට අත්වැලක් වීම තම අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම වැඩසටහන, රටේ ඉහළම පිළිගැනීමක් හිමි සමාගම් දෙකක පිටුබලය සමගින් උසස්ම ප්‍රමිතියෙන් යුත් නවීන කෘෂි යන්ත්‍රෝපකරණ මිලදීගැනීම සඳහා ගොවීන්ට හා කෘෂි ව්‍යාපාරිකයන්ට හිමි වන මහඟු අවස්ථාවකි. මෙබඳු වැඩසටහන් මගින් මෙරට කෘෂිකර්මාන්තය වැඩිවැඩියෙන් යාන්ත්‍රිකකරණය කරමින්, ඉදිරි වසර කිහිපයේදී එහි ඵලදායීතාව සහ අස්වැන්න කැපීපෙනෙන ලෙස ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ ඩිමෝ සමාගම විශ්වාස කරයි.

(වමේ සිට) ඩිමෝ සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව

ඩිමෝ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ සහ එම සමාගමේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් පණ්ඩිතගේ යන මහත්වරුන් ප්‍රමුඛ ඩිමෝ කණ්ඩායම සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායම


Share with your friend