ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් රුහුණු ෆාම්ස් පුද්ගලික සමාගම සිය නවතම බිත්තර නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිල්ල පසුගියදා හම්බන්තොට පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රය තුළ විවෘත කළේය. වසර 46ක් මුළුල්ලේ සෞඛ්‍යාරක්ෂිත, පිරිසිදු සහ වගකීම් සහගත බිත්තර නිෂ්පාදනයේ නියැළී සිටින රුහුණු ෆාම්ස් සමාගමට එය සුවිශේෂ සන්ධිස්ථානයක් විය.

මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති සත්තාර් කාසිම්, උප සභාපති හසන් කාසිම් යන මහත්වරු සහ සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. රුහුණු ෆාම්ස් සමාගම ලෙස පසුව වර්ධනය වුණු, එම්.ආර්. තාසිම් සමාගමේ නිර්මාතෘ අස්මි තාසිම් මහතා ද විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්වීම කැපීපෙනුණි.
මෙම අවස්ථාවට සමගාමීව සමාගමේ දිගු කාලයක් සේවය කරන සේවකයින් කිහිපදෙනෙකුට ඔවුන් සමාගමේ සාර්ථකත්වයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ගෞරව සම්මාන පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය. රුහුණු ෆාම්ස් සමාගමේ සේවකයින් ප්‍රමුඛ කරගත් සංස්කෘතිය ද ඉන් මනාව පිළිබිඹු විය.

″මෙය වසර 46ක අප සමාගමේ ගමන්මඟ තුළ සුවිශේෂී අවස්ථාවක්. මෙම නව කර්මාන්තශාලා ගොඩනැගිල්ලත් සමඟින් අපගේ නිෂ්පාදන ධාරිතාව සැළකිය යුතු ලෙස ඉහළ යනවා. එය අපගේ සැපයුම් දාමයටත්, සේවකයින්ටත් අවසාන වශයෙන් අපගේ පාරිභෝගිකයින්ටත් වැඩි ප්‍රතිලාභ අත්කරදෙනු නිසැකයි. එමෙන්ම අපගේ නිෂ්පාදනවල ගුණාත්මකබව, තිරසරබව සහ දිගුකාලීන ශක්තිය තවත් වැඩිවීමටත් එය හේතුවෙනවා″, යනුවෙන් රුහුණු ෆාම්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී මොහොමඩ් රිස්වාන් මහතා ප්‍රකාශ කළේය.
″රුපියල් මිලියන 20ක ආයෝජනයකින් ඉදිකළ මෙම කර්මාන්තශාලා ගොඩනැගිල්ල හරහා අපගේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 10කින් වැඩිවීමට අපේක්ෂිතයි. ඉන් අපගේ සැපයුම්දාම හැකියාව වගේම මෙහෙයුම් කාර්යක්ෂමතාවත් ඉහළ යනවා″, ඔහු වැඩිදුරටත් පැවසුවේය.
1980 වසරේදී ආරම්භ වූ රුහුණු ෆාම්ස් සමාගම, මෙරට දකුණු පළාතේ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනයේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබේ. අද වනවිට දකුණු පළාතේ දෛනික බිත්තර පරිභෝජනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදෙන සමාගම, සිල්ලර වෙළෙඳ අංශය මෙන්ම සංචාරක, FMCG සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට ද තම නිෂ්පාදන සපයයි. ආචාර ධාර්මික සත්ත්ව ගොවිපොළකරණය, ජීව ආරක්ෂණය, ප්‍රජා හවුල්කාරීත්වය ගැන ඉහළ අවධානයක් යොමුකරන රුහුණු ෆාම්ස් සමාගම, නැවුම් සහ සෞඛ්‍යාරක්ෂිත බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් කීර්තියක් උසුළයි.