Eyeview Sri Lanka

ශ්‍රී ලංකාවට වසරේ විශිෂ්ටතම Asia-Pacific Wellness Clinic of the Year සම්මානය ගෙන ඒමට Christell හි Prof.රමණි සහ වෛද්‍ය ශානිකා අර්සකුලරත්න සමත් වේ  

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම WELLNESS සමාගමක් වන Christell Luxury Wellness පසුගියදා පැවති ‘GlobalHealth Aesthetics & Wellness Summit, Conference & Awards 2025’ හිදී සමස්ත ආසියා පැසිෆික් කලාපය සඳහා ‘වසරේ විශිෂ්ටතම WELLNESS CLINIC සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ලොව ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලක් වන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික WELLNESS සමාගමකට මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුවෙහි 2025 අදියර පසුගිය ඔක්තෝබර් 12 දින සිංගප්පූරුවේදී පවත්වන ලදි. මෙවර සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම Aesthetisians , doctors වෘත්තිකයන් රැසක් සහභාගී වූහ. සම්මන්ත්‍රණ හා සංවාදමය සැසි කිහිපයකින් සමන්විත වූ එම සමුළුව අවසානයේදී අදාළ ක්ෂේත්‍රවල විශිෂ්ටතම ජයග්‍රහණ අත්කරගත් පුද්ගලයන් හා සමාගම් වෙනුවෙන් සම්මාන පිරිනමන උත්කර්ෂවත් සම්මාන උළෙලක්ද පැවැත්විණි.

‘වසරේ විශිෂ්ටතම Asia-Pacific Wellness Clinic of the Year • Aesthetic Clinic of the Year • Most Innovative Clinic of the Year • Trichology Clinic (Non-Transplant) of the Year යන ප්‍රධාන කාණ්ඩවල රන් සම්මාන දිනාගැනීමටද Christell Luxury Wellness සමත් විය.

මෙම සම්මානවලට අමතරව Christell Clinic හි ප්‍රධාන විධායක නිලධාරිනී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය Aesthetics & Wellness Icon the year ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ඇගයීමකට ලක්වූවාය. ශ්‍රී ලාංකික සුවතා සන්නාමයට මෙවැනි සුවිශේෂී ඇගයීමක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශාල ගෞරවයක් මෙන්ම, Wellness Tourism සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට යොමුකරවන සාධකයක් බවටද පත්වනු නිසැකය. “මෙය හුදෙක් Christell Clinic ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවෙයි. මෙය මුළු රටේම ජයග්‍රහණයක්. දයාව පෙරදැරිව විද්‍යාව හා සම්ප්‍රදාය එක්තැන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට Wellness Tourism සංචාරක කර්මාන්තයේ පෙරමුණ ගත හැකි බව අපි ලෝකයට ඔප්පු කරමින් සිටිනවා. Wellness & medical Tourism සඳහා විශ්වාසනීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීම අපගේ අරමුණයි.” වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පැවසුවාය.

“ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම ස්වභාව සෞන්දර්ය සහ ආයුර්වේද ප්‍රතිකර්ම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවා. අප මේ සිදුකරමින් සිටින්නේ එම උරුමය නවතම පර්යේෂණ පදනම් කරගත් ජාත්‍යන්තර තලයේ ප්‍රතිකර්ම සමග ඒකාබද්ධ කරමින් එම ප්‍රසිද්ධිය තවදුරටත් වැඩිදියුණු කිරීමයි. එමෙන්ම ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ විශිෂ්ටතම සමාගම් සමග තරග කළ හැකි බව මෙම සම්මාන මගින් තහවුරු වෙනවා.” Christell නිර්මාතෘ සහ සම-සභාපති මහාචාර්ය රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවාය.Christell Clinic පිළිබඳව සුරක්ෂිතභාවය, අවංකභාවය, විශ්වාසය සහ නවෝත්පාදනය යන වටිනාකම් මත පදනම් වූ Christell Clinic ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Wellness සන්නාමයයි. එම සමාගම මේ වන විට Acne lab , Hair lab ,metabolic lab , වයස්ගත පෙනුම පාලනය කිරීම සහ Wellness සේවා යනාදී අංශ සඳහා පරිපූර්ණ ප්‍රතිකර්ම එකතුවක් හඳුන්වා දී තිබේ. ජාත්‍යන්තර තලයේ වෛද්‍යවරුන්, ISO ප්‍රමිතීන් සහ අතිනවීන තාක්‍ෂණයන් සමගින් Christell Clinic ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියා පැසිෆික් කලාපයේ Wellness සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදුකරමින් සිටී.


Share with your friend
Exit mobile version