ලංකා දුම්කොළ සමාගමේ විශිෂ්ටයන් පිරිසකට 2021 Pinnacle Awards සම්මාන උළෙලේදී සම්මාන හිමිවේ

Share with your friend

ලංකා දුම්කොළ සමාගමේ (Ceylon Tobacco Company PLC – CTC) වෙළඳ අංශයේ 2021 වසරෙ කුසලතා ඇගයීම සදහා වාර්ෂිකව පවත්වනු ලබන Pinnacle Awards සම්මාන උළෙල 2022 අදියර  පසුගියදා පැවැත්විණි. පසුගිය වසරේදී මෙන්ම මෙවර උත්සවයද Online මාධ්‍යය හරහා පැවැත්විණි. සමාගමේ කාර්ය මණ්ඩලය අතරින් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වන අතර, මෙම වසරේදී ‘වෙළඳ අලෙවි’ (Trade Marketing) අංශය යටතේ සාමාජික සාමාජිකාවෝ 7 දෙනෙක් සම්මාන වලින් පිදුම් ලැබූහ. 

මෙම සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය වූ ‘2021 වසරේ විශිෂ්ටතම වෙළඳ අලෙවි විධායක’ සම්මානය දිනාගන්නා ලද්දේ ‘Route-to-Market’ විධායක විශාන් වීරසිංහ විසිනි. එම කාණ්ඩයේ දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙළින් දිනූෂද ශ්‍රී කහවිට සහ බුද්ධිම වික්‍රමරත්න යන වෙළඳ අලෙවි විධායක නිලධාරීන් වෙත හිමි විය. 

Pinnacle Awards 2021 සම්මානලාභීන් (වමේ සිට): ‘2021 වසරේ විශිෂ්ටතම වෙළඳ අලෙවි විධායක’ සම්මානය දිනූ විශාන් වීරසිංහ, එම කාණ්ඩයේ දෙවන හා තුන්වන ස්ථාන දිනාගත් දිනූෂද ශ්‍රී කහවිට සහ බුද්ධිම වික්‍රමරත්න, ‘2021 වසරේ විශිෂ්ටතම සහකාර කළමනාකරු’ කාණ්ඩයේ සම්මානය දිනූ ටානියා පතිරගේ, ‘2021 වසරේ සන්නාම, ක්‍රමෝපායික සැලසුම් සහ අන්තර්දෘෂ්ටි සහ ව්‍යාපාර සංවර්ධන’ කාණ්ඩයේ සම්මානය හිමිකරගත් රමාලා විජේසේකර, ‘2021 වසරේ නැගී එන වෙළඳ අලෙවි විධායක’ කාණ්ඩයේ සම්මාන දිනූ ශ්‍රීහාරි ඉල්ලමනාදන් සහ ලසිත ධර්මදාස

මීට අමතරව ‘2021 වසරේ නැගී එන වෙළඳ අලෙවි විධායක’ සම්මාන ශ්‍රීහාරි ඉල්ලමනාදන් සහ ලසිත ධර්මදාස වෙත හිමි වූ අතර, Modern Trade සහ HoReCa නාලිකා කළමනාකාරිනී ටානියා පතිරගේ විසින් ‘2021 වසරේ විශිෂ්ටතම සහකාර කළමනාකරු’ කාණ්ඩයේ සම්මානය දිනාගන්නා ලදි. ‘2021 වසරේ සන්නාම, ක්‍රමෝපායික සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධන’ කාණ්ඩයේ සම්මානය Modern Trade සහ HoReCa විධායක රමාලා විජේසේකර වෙත හිමි විය. 

ලංකා දුම්කොළ සමාගමේ  වෙළඳ අලෙවි අංශයේ වාර්ෂික Pinnacle Awards සම්මාන උළෙල යනු උද්‍යෝගයෙන්, කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව රාජකාරි කිරීම මගින් විශිෂ්ටත්වය ළඟා කරගැනීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය වෙත පිදෙන උපහාරයකි. මෙවැනි වැඩසටහන් මගින්, අභියෝග වලට මුහුණ දෙමින්, විශ්වාසනීයත්වය හා වගකීම්සහගත බව පෙරදැරිව විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගැනීමට මෙන්ම, පුහුණුව හා සංවර්ධනය තුළින් තම කුසලතා නරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමටද එම සමාගමේ කාර්ය මණ්ඩලය දිරිගැන්වීම සිදුකෙරේ. 

වසර 116 ක ඉතිහාසයක් සහිත ලංකා දුම්කොළ සමාගම, කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වී ඇති ඉහළම වටිනාකමකින් යුත් සමාගම් අතරින් එකකි. මෙය තවදුරටත් තහවුරු කරගනිමින්,තම පාර්ශවකරුවන්ගේ දියුණුව කරා අඛණ්ඩව ඉදිරියට යාම සමාගමේ අපේක්ෂාව වී තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply