Christell Luxury Wellness, කුරුලෑ සඳහා උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන්ම වෙන් වූ අති නවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු සුවිශේෂී සායනය වන Christell Acne Lab ප්‍රතිකාර මධ්‍යස්ථානය සාඩම්බරයෙන් හඳුන්වා දෙන ලදී. Christell Luxury Wellness පූර්ණ හිමිකාරිත්වය සහිත කුරුලෑ සත්කාර සඳහා පුද්ගලාරෝපිත, පරිපූර්ණ විසඳුම් ලබාදෙන, විද්‍යාත්මකව නිර්මාණය කරන ලද අද්විතීය ක්‍රමවේදයක් සමඟින් පියවර 5කින් විශ්වාසයෙන් දිදුලන පෙනුමක් හිමිකර දීම මෙම කුරුලෑ පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමේ අරමුණයි.

චර්මාරක්ෂණ නවෝත්පාදන පිළිබඳ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති ක්‍රිස්ටල් Acne Lab සියලුම වයස්වල සහ සියලුම චර්ම වර්ගවල රෝගීන් සඳහා නවතම සහ සාර්ථක ප්‍රතිකාර රැසක් ලබාදේ.
- පූර්ව උපදේශනය
සෑම රෝගියෙකුම තම ගමන ආරම්භ කරන්නේ ඡායාරූපගත කිරීම, ජීවන රටා විශ්ලේෂණය සහ චර්ම ආරක්ෂණ නිෂ්පාදන සමාලෝචන ඇතුළු සවිස්තරාත්මක මූලික තක්සේරුවකිනි. මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ ප්‍රතිකාර සඳහා ගැලපෙන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ආහාර පුරුදු, ආතති මට්ටම් සහ අතීත ක්‍රියාකාරකම් වැනි අභ්‍යන්තරිකව පවතින සාධක හඳුනාගැනීම වෙනුවෙනි.
- වෛද්‍ය උපදේශනය – ඔබටම ගැලපෙන සැලැසුමක් සකස් කිරීම
රෝගීන් Christell Acne Lab හි විශේෂඥ වෛද්‍යවරුන් සමඟ රෝග ඉතිහාසය පිළිබඳ ගැඹුරු සමාලෝචනයකට, චර්ම පරීක්‍ෂාවකට සහ නිශ්චිත රෝග විනිශ්චයකට ලක්කරනු ලැබේ. ඉන් අනතුරුව අපේක්ෂිත ඉලක්කයන් සපුරාගැනීම සඳහා කුරුලෑ වලින් ඔබගේ පෙනුමට සිදුවන හානිය සහ රෝග නිධානය යන දෙකටම ගැලපෙන ඔබ වෙනුවෙන්ම සැලැසුම් කළ ප්‍රතිකාර සැලැස්මක් නිර්මාණය කරනු ඇත.

03. පසු උපදේශනය සහ ප්‍රතිකාර
අදාළ රෝගියා වෙනුවෙන්ම වෙන්වූ සායනික විශේෂඥයෙකු විසින් නිෂ්පාදන භාවිතා කිරීම පිළිබඳව පැහැදිලි කිරීමෙන්, ප්‍රතිකාර කාලසටහන් සකස් කිරීමෙන් රෝගියා වෙනුවෙන්ම සකස් කළ සැලැස්ම අනුගමනය කිරීම සඳහා ඔවුනට මග පෙන්වනු ලැබේ. තත්‍ය කාලීන ප්‍රගති සමාලෝචන සමඟ පූර්ව ප්‍රතිකාර ඇගයීම, රැකවරණය පිළිබඳව අධ්‍යනය කිරීමේ සැසිවාර පැවැත්වීම සහ ප්‍රතිකාර මඟින් සුවය ලැබීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රතිකාර අදාළ ප්‍රතිකාර නිසි අවධානයෙන් යුතුව ක්‍රියාත්මක කරයි.
4. ප්‍රගතිය ඇගයීම සහ ජීවන රටා සහාය
මෙම අඛණ්ඩ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා රෝගියාට සහායවීම වෙනුවෙන්ම කැපවූ Christell Acne Lab හි උපකාරක විශේෂඥයෙකු සමඟ නිරතුරුව පරීක්ෂා කිරීම, සම විශ්ලේෂණය කිරීම සහ ඒ අනුව ජීවන රටාවේ සංශෝධනයන් සිදුකිරීමද ඇතුළත් වේ. කුරුලෑ හේතුවෙන් පිඩා විඳින තමන් වැනිම පිරිසක් සමඟ සම්බන්ධවීමට මෙන්ම වැඩමුළු සහ පරිපූර්ණ චර්ම ආරක්ෂණ කළමනාකරණ විශේෂඥ උපදේශන සේවා වැනි සුවිශේෂී අවස්ථාවන් සමඟ සම්බන්ධවීමේ හැකියාවද රෝගීන්ට ලැබේ.

5. ප්‍රගතිය සැමරීම – ඔබේ දීප්තිය සඳහා ප්‍රතිලාභ ලබාදීම
සුවිශේෂී වට්ටම් ලබාදීම, උසස් තාක්ෂණයෙන් මුහුණේ තත්වය විශ්ලේෂණ කිරීම, සුවතා ප්‍රතිකාර, සහ Christell’s signature goodie bags ඇතුළු දීමනා සමඟින් Christell Acne Lab පියවර 5ක ගමන් මගේ සෑම සන්ධිස්ථානයක්ම සමරනු ලබයි. එමඟින් රෝගීන්ට ඔවුන්ගේ වෙනස, ප්‍රගතිය සහ පරිපූර්ණ පෙනුම දැකගැනිමේ හා විඳගැනිමේ අවස්ථාව ලැබේ.
කුරුලෑ ප්‍රතිකාර සඳහා නව ප්‍රමිතියක්
Christell Acne Lab උසස් ප්‍රතිඵල ලබාදීම සඳහා අති නවීන තාක්‍ෂණය, තහවුරු කළහැකි සාධක මත පදනම් වූ චර්ම රෝග ප්‍රතිකාර ක්‍රම සමඟ අසමසම රෝගී සහායක සේවාවන් ඒකාබද්ධ කරයි. ඒ් අනුව උග්‍ර කුරුලෑ තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේ සිට කැළැල් සඳහා ප්‍රතිකාර කිරීම දක්වා පුළුල් පරාසයක කුරුලෑ ගැටළු සඳහා විසඳුම් ලබාදෙයි.
“කුරුලෑ යනු සමේ රෝගයකට එහා ගිය තත්වයක්. එය ආත්ම අභිමානය, මානසික සෞඛ්‍යය සහ සමස්ත ජීවන තත්ත්වයට බලපෑම් ඇති කරනවා. Christell Acne Lab පූර්ණ හිමිකාරීත්වය ඇති පියවර 5ක ගමන් මග හරහා සෑම රෝගියෙකුටම නිරෝගී, දිදුලන සමක් හිමිකරගැනීමට සහ විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට අවශ්‍ය රැකවරණය, මග පෙන්වීම සහ සහාය ලැබෙන බව අපි සහතික කරමු,” යනුවෙන් Christell Luxury Wellness හි Aesthetic & Anti-aging Specialist වෛද්‍ය ශානිකා අර්සකුලරත්න (MBBS) – මහත්මිය පැවසුවාය.
Christell Luxury Wellness
Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ චර්ම රැකවරණය සහ සුවතාව පිළිබඳ ප්‍රමුඛ නාමයක් වන අතර, විද්‍යාව සුඛෝපභෝගීත්වය සමඟ මුසු කරමින් නව්‍ය සහ අදාළ රෝගියා සඳහාම වෙන්වූ සුවිශේෂී විසඳුම් ලබාදෙයි. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ ඒ වෙනුවෙන්ම කැපවූ විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධියට පත් Christell Acne Lab චර්ම රැකවරණයේ සහ රූපලාවන්‍යයේ අනාගතය යළි අරුත් ගන්වමින් සිටියි.