Eyeview Sri Lanka

සදාහරිත සමාගමේ විකුණුම් අංශයේ විශිෂ්ටයන්ට සම්මාන පිට සම්මාන

Share with your friend

‘Sadaharitha Forestry Awards 2024’, 2025 ජනවාරි 24 දින අත්තිඩිය ‘Eagles’ Lakesideහී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාව​න් ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුලුව අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්ව​ය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

සදාහරිත සමාගමේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන ​දායකත්වයක් ලබාදෙමි​න් ඉහළම විකුණුම් දක්​ෂ​තා වාර්තා කළ විශිෂ්ටයන් ඇතුළුව එම සමාගමේ විකුණුම් අංශයේ තවත් අතිදක්ෂයන් පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි. එම සම්මාන ඔවුන්ගේ දක්ෂතාවන්ට මෙන්ම උනන්දුවට හා කැපවීමට පිදුණු උපහාරයක් වූ අතර, එය සමාගමේ කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජික සාමාජිකාවන්ටද මහඟු ආදර්ශයක් විය. එමෙන්ම සම්මාන උළෙලේ සෑම සම්මානයක් තුළින්ම සදාහරිත සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතිය​ද සංකේතවත් විය. සදාහරිත සමාගම වර්තමානයේ මෙරට අංක එකේ වාණිජ වන වගා කළමනාකරණ සහ හරිත ආයෝජන සමාගමයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ පැවසී ය. “මෙම සම්මාන හුදෙක් පුද්ගල ජයග්‍රහණ ඇගයීමක් පමණක් නොවෙයි. හරිත ආයෝජනය සහ තිරසාර වන වගා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අංක 01 සමාගම ලෙස අපගේ සාමූහික ප්‍රගතියට ඉවහල් වූ කැපවීම හා නොපසුබට උත්සාහය ඇගයීමයි. මේ සෑම සම්මානලාභියෙකුම, විකුණුම් කාර්යසාධනය ඉහළ නංවා ගනිමින් සහ ආයතන​යේ අනාගතය වෙනුවෙන් මහඟු දායකතවය​ක් ලබාදෙමින් අපගේ ඉදිරි ගමන හැඩගස්වාගැනීමට දායක වී තිබෙනවා. නව මාවත් ගවේෂණය කරමින්, මෙම සාර්ථකත්වයේ ප්‍රවණතාව ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාමට මෙම ජයග්‍රහණ අප සැම දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.”

සදාහරිත සම්මාන උළෙල ​දී සමාගමට සිය අරමුණු ඉටුකර ගැනීමට නොමඳ දායකත්වයක් ලබා දුන් අලෙවි වෘත්තිකයන් ඇගයීමට අමතරව, සමාගමේ අනාගත සැලසුම් අනාවරණය කිරීම සහ ඉදිරි දැක්ම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කිරීමක්ද සිදුවිය. වන වගා ක්ෂේත්‍රයේ පුරෝගාමි​යා ලෙස තමන් දිනාගෙන ඇති කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරගන්නා අතරම තම ව්‍යාපාර කටයුතු ජාත්‍යන්තර තලය තුළද තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳවද අවධාරන​ය කෙරු​ණි.

ලොව ප්‍රමුඛතම අගාවුඩ් සමාගම් 10 අතරින් එකක් ලෙස සැලකෙන සදාහරිත සමාගම සිය ප්‍රමුඛතම සන්නාමය වන “Sior Verde” යටතේ නිපදවන සුවඳ විලවුන් එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ඇතුළුව ලොව රටවල් රැසක අලෙවි කරයි. අගාවුඩ් ශාක ආමුකූලනය  සාර්ථක ලෙස වාණිජ මට්ටමින් කිරීම සඳහා සදාහරිත “SP Tech” තාක්​ෂන​ය මැලේසියාවේද භාවිතා කරනු ලැබේ. එමගින් වනාන්තර හෙළි කිරීම මගින් ඇති වන අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීමට මෙන්ම ලොව ඉහළම තලයේ සුවඳ විලවුන් සඳහා භාවිතා වන වටිනාම අමුද්‍රව්‍ය අතරින් එකක් වන අගාවුඩ් තෙල් වඩාත් තිරසාර හා විශ්වාසනීය ලෙස සපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇ​ත. 

සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම පිළිබඳව

2002 වසරේදී ආරම්භ වූ සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම මෙරට වාණිජ වන වගා කළමනාකරණ සහ අගාර්වුඩ් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අංක එකේ සමාගම ලෙස සැලකේ. 47,000 කට අධික තෘප්තිමත් පාරිභෝගික පිරිසක් සමාගමේ සාර්ථකත්වයේ සාක්ෂිකරුවන් බවට පත් වී සිටිති. සැබැවින්ම පරිසර හිතකාමී ආයෝජන සමාගමක් වශයෙන්, පසුගිය වසර 22 ක කාලය තුළ ගස් මිලියනයකට අධික සංඛ්‍යාවක් රෝපණය කිරීමට සමාගමට හැකි වී ඇ​ති අතර ප්‍රතිලාභ ලෙස ආයෝජකයන් භට රු. බිලිය​න 1.7 වැඩි ප්‍රමාණයක් මේ දක්වා ලබා දී ඇත.

සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම මේ වනවිට ලොව ප්‍රමුඛතම අගාර්වුඩ් නිෂ්පාදන සමාගම් 10 අතරින් එකක් ලෙස සැලකේ. සමාගම මේ වනවිට Sior Verde Limited UK නමින් එක්සත් රාජධානිය තුළද, Sadaharitha Plantations Madagascar නමින් මැඩගස්කර‍ය තුළද ව්‍යාපාර කටයුතු සිදුකරයි. සමාගමේ විශාලතම වගා භූමිය අක්කර 5,259 කින් යුක්ත වන අතර එය මැඩගස්කර‍යේ පිහිටා තිබේ. සමාගම වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය අක්කර 9,000 කට ආසන්න ය.

කාබන් පිය සටහන අවම කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම තුළින් අනාගත පරපුර වෙනුවෙන් වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ සමාජ සත්කාර මෙහෙවරේ පරමාර්ථය වී තිබේ. එමෙන්ම සමාගම ශ්‍රී ලාංකීය අගාර්වුඩ් සහ මැඩගස්කර වැනිලා භාවිතයෙන් ඉහළම ප්‍රමිතියෙන් යුත් සුවඳ විලවුන් සහ අගාර්වුඩ් නිෂ්පාදන පෙළක්ද වෙළඳපොළට හඳුන්වා දී ඇත. ඊට අමතරව සමාගම මේ වනවිට මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ක්‍රමෝපායික ව්‍යාපාරික සම්බන්ධතා පවත්වාගෙන යයි. 


Share with your friend
Exit mobile version