සමාජ මාධ්‍ය මඟින් ව්‍යවසායකත්වයේ නව මානයන් විවර කිරීම

Share with your friend

TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි

තරීන්ද්‍ර කල්පගේ විසිනි

Thareendra Kalpage

සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම හා බලපෑම හඳුනා ගැනීමටද මෙය සුවිසල් අවස්ථාවක් වනු ඇත.

රටක් වශයෙන් පසුගිය වසර කිහිපය තුළ ගෝලීය ව්‍යාවසායකත්ව දර්ශකයේ මධ්‍යස්ථ කාර්යසාධනයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ක්ෂේත්‍රය 2015 වසරේදී සිට විවිධ හැල හැප්පීම්වලට ලක් වූ බව රහසක් නොවේ. ඒ අතර රජය මඟින් එම ක්ෂේත්‍රයේ උනන්තිය වෙනුවෙන් තාක්ෂණික සහාය හා වෙනත් ව්‍යවසායකත්ව දිරි ගැන්වීම් ලබා දීමට කටයුතු කළ අතර එහි තවත් පියවරක් ලෙස පසුගිය සතියේදී ගෝලීය ව්‍යවායකත්ව සතිය ප්‍රකාශයකට පත් කිරීමටද කටයුතු කරන ලදී. ඊට ශ්‍රී ලංකාව පුරා විසිරුණු ව්‍යවසායකයින්ගේ ක්‍රියාකාරකම් 200කට අධික සංඛ්‍යාවක් ඊට ඇතුළත් වන අතර ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පුද්ගලයින් 20,000ක් පමණ එක් කරගැනීමටද සැලසුම් කර ඇත.

මෙම සුවිශේෂී දිනය සැමරීමේදී ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපාර ගොඩනැගීමට, ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට මෙන්ම අන් අයට අවස්ථා නිර්මාණය කිරීමට සමාජ මාධ්‍ය සතු හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වේ. අද වන විට මෙම ඩිජිටල් විප්ලවය ව්‍යාපාර සාර්ථකත්වය පිළිබඳ අපගේ අවබෝධය ඉහළ නැංවීමට සමත්ව ඇති අතර TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් තුළින් නව්‍යකරණය හා වර්ධනය වෙනුවෙන් ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවන් බවට පත්ව ඇත.

බලපෑම් සහගත ව්‍යාපාරකරණය වෙනුවෙන් වැඩි ඉඩක්

සමාජ මාධ්‍ය වේදිකාවන් සතු ව්‍යාවසායකත්ව හැකියාවන් පිළිබඳ මනාව පෙන්වා දිය හැකි අවස්ථාවක් වන සමාජ මාධ්‍ය බලපෑම තුළින් තමන්ගේ අනුගාමිකයින් දිරි ගැන්වීම, බලපෑම් කරන්නන් දැනුවත් කිරීම, පුද්ගලික වෙළෙඳනාම දියත් කිරීම මෙන්ම විවිධ වෙළෙඳ අධිකාරීන් ගොඩනැගීම ද සිදු කරනු ලබයි. ලෝගන් පෝල්ගේ Prime Hydration වසරක් ඇතුලත ඩොලර් මිලියන 150ත් සහ 200ත් අතර අගයකට ලඟා වන්නේ මෙම සමාජ මාධ්‍ය සතු සුවිසල් ශක්තියෙනි. 

ඒ නිසාම අදවන විට සෑම ක්ෂේත්‍රයකම ව්‍යවසායන් විසින් ඩිජිටල් අලෙවිකරණය තුළින් ලාභදායී හා ආකර්ෂණීය ආකාරයෙන් ඉලක්කගත ප්‍රේක්ෂකයන් වෙත ළඟා වීමට කටයුතු කර ඇති අතර ඒ තුළින් දිනෙන් දින සාර්ථකත්වය වෙත ළඟා වීමට ඔවුන්ට හැකි වී ඇත. එහිදී ආකර්ෂණීය අන්තර්ගතයන්, බලපෑම්කාරී සහයෝගීතා හෝ දත්ත පදනම් වූ ව්‍යාපාර හෝ සමාජ වේදිකා නිවැරදිව භාවිත කරන සමාගම් සැලකිය යුතු මූල්‍ය සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස පෙන්වා දිය හැකි TikTok කෙටි අන්තර්ගතයක් සහිත වීඩියෝ තුළින් නිර්මාණශිල්පීන්ට ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට, විශේෂඥතාව බෙදාගැනීමට මෙන්ම ලොව පුරා ප්‍රේක්ෂකයින් සමඟ සවිමත් සබඳතා ගොඩනගා ගැනීමට සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දෙනු ලබයි. විශේෂයෙන් සුළු පරිමාණ ව්‍යාපාරයන්ට හා ස්වයං ව්‍යාපාරයන්ට මේ තුළින් ලැබෙන ශක්තිය හා ප්‍රචාරය ඒවායෙහි සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වී ඇති බව වත්මන් ව්‍යාපාරකරණය දෙස බැලීමේදී මනාව දැකිය හැකිය.

උදාහරණයක් ලෙස සැලකීමේදී ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්තයක් වන අත්කම් වෙනුවෙන් ගෝලීය පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඒ ආකාරයෙන් අපෙන් ඈත් වෙමින් පවතින කර්මාන්තයන් යළි නගා සිටුවීමට වැනි සමාජ මාධ්‍යයන් භාවිත කිරීම වර්තමානයේ බහුලව දැකිය හැකි සිදුවීමකි. අතින් වියන ලද සාරි හෝ පරිසර හිතකාමී ගෘහ නිෂ්පාදන සිදුකරන ශිල්පීන් මෙන්ම සමාජ මාධ්‍යවල නියැලී සිටින පරිශීලකයින් විසින් ඒවා වෙත නව වෙළෙඳපොල සොයා ගැනීමට TikTok භාවිත කරනු ලබයි. මීට අමතරව යෝග පුහුණු කරන්නන්, සූප ශාස්ත්‍රයේ ප්‍රවීණයන් වැනි පුද්ගලයින් තමන්ගේම සන්නාමයන් ගොඩනගමින් සමාජ මාධ්‍යයට එක් කරන වීඩියෝ අන්තර්ගතයන් තුළින් ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. Wild Cookbook හි ජනප්‍රියත්වය මීට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. අද වන විට TikTok හි මිලියන 4.5කට අධික රසිකයින් පිරිසක් සිටින Wild Cookbook නවතම සූප ශාස්ත්‍ර අත්දැකීම් පරිශීලකයින් වෙත ගෙන යමින් සිය පළමු අවන්හල වන ‘Wildish’ කොළඹදී විවෘත කිරීමට සමත් විය.

තාක්ෂණයේ හා නවෝත්පාදනයේ හැරවුම් ලක්ෂ්‍ය

ව්‍යවසායකත්ව උත්සාහයන්හිදී සමාජ මාධ්‍යයන්හි සාර්ථකත්වය රඳා පවතින්නේ තාක්ෂණය හා අන්තර්ගතයන්හි නිර්මාණාත්මක බව මතය. TikTok සතු නවීන සංස්කරණ මෙවලම්, ප්‍රවණතාවන් මත පදනම් වූ අභියෝග හා ඔවුන්ට සහාය වන විශේෂාංග හේතුවෙන් උසස් තත්වයේ නිර්මාණයන් සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට එම ව්‍යවසායකයින්ට මෙන්ම පරිශීලකයින්ට අවකාශ උදා වේ. ඒ තුළින් ඔවුන්ගේ වෙළෙඳනාම ගොඩනගා ගැනීමටද හැකිවේ.

එපමණක්ද නොව පරිශීලකයින් සමඟ මනා සබඳතාවක් ගොඩ නගා ගැනීමට නිර්මාණකරුවන්ට අවස්ථාව සලසා දෙන TikTok වෙතින් රසිකයින්ගේ ප්‍රතිචාරයන් ඒ මොහොතේදීම නිර්මාණකරුවන්ට දැක ගත හැකි බැවින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් නිෂ්පාදන හා සේවාවන් සැලසුම් කිරීමටද අවස්ථාව උදා කර දෙයි.

අවශ්‍ය ව්‍යවසායකයින්ට මඟ පෙන්වීම්

සමාජ මාධ්‍යවල ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් භාවිත කරන උපායමාර්ගයන් කිහිපයකි.

1. සත්‍යයතාව හා අනුකූල බව – ඔබගේ සන්නාමයට අදාල වන ආකාරයේ අන්තර්ගතයන් අඛණ්ඩව නිර්මාණය කිරීම තුළින් විශ්වාසය හා සබඳතාව ඉහළ නංවනු ලබයි.

2. උසස් විශ්ලේෂණය – උපාය මාර්ගයන් හා මෙහෙයුම් ඉහළ නැංවීමට සමාජ මාධ්‍ය හැකියාවන් උපකාරී වේ

3. අනුවර්තනය වීමේ හැකියාව – ප්‍රවණතාවන්ට වඩා ඉදිරියෙන් සිටීම හා නව තාක්ෂණයන් වැළඳගැනීම වෙළෙඳපොල හැකියාවන් ඉහළ නැංවීමට සමත් වේ.

4. ක්‍රියාකාරීව කටයුතු කිරීම – ගනුදෙනුකරුවන් සමඟ වන ඍජු අන්තර් ක්‍රියා තුළින් ගනුදෙනුවලට එහා ගිය සබඳතාවක් ගොඩනගා ගත හැකිය

මේ අනුව බැලීමේදී ව්‍යාපාරකරණයේ සුවිශේෂී හැකියාවක් සමාජ මාධ්‍ය සතුවන අතර TikTok වැනි සුවිශේෂී වේදිකාවන් තුළින් වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් වෙත පහසුවෙන් ළඟා වීමට ඔවුන්ට හැකියාව උදා වනු ඇත. නව්‍ය තාක්ෂණය තුළින් පහසුවෙන් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට එය කදිම අවස්ථාවක්ද නිර්මාණය කරනු ඇත.


Share with your friend