සුවිශේෂී වට්ටම් සහ දීමනා සමඟින් Sun Siyam Pasikudah සුඛෝපභෝගීත්වය විඳගැනීමට අවස්ථාව 

Share with your friend

රමණීය නැ‍ගෙනහිර වෙරළතීරයේ කල්කුඩා බොක්ක ආශ්‍රිතව පිහිටි Sun Siyam Pasikudah හෝටලය නවාතැන් ඒකක 34කින් යුත් සුඛෝපභෝගීත්වය ද කැටිකරගනිමින් විවිධ අපූර්ව අත්දැකීම් සංචාරකයින්ට පිරිනමයි.  Tripadvisor Travellers’ Choice Awards  මගින් ලොව හොඳම හෝටල් 10% අතරට ද ශ්‍රේණිගත වූ Sun Siyam Pasikudah, එහි සුවිශේෂී නිර්මාණ සැලසුම, ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාව සහ සංචාරක අත්දැකීම් මත එවැනි සාර්ථකත්වයක් හිමිකරගෙන තිබේ. 

වෙරළබඩ කලාපයට ආවේණික ගෘහ අලංකරණ සංයුතියක සිට පෞද්ගලිකත්වයට මුල්තැන දෙන නිර්මාණකරණය දක්වා අතිශය සැළකිල්ලකින් යුතුව හෝටලය නිර්මාණය කරඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය මෙන්ම සංස්කෘතික උරුමය ද සංචාරකයින්ට සමීප කිරීමට හෝටලය දැවැන්ත කාර්යභාරයක් ඉටුකරයි. 

Sun Siyam Pasikudah හි ගෙවෙන සෑම දිනක්ම එකිනෙකට වෙනස් අත්දැකීමක් ගෙනඒම එහි තවත් විශේෂත්වයකි. මුහුදු රළ නොනවත්වා වෙරළට පැමිණෙන හඬට කන්දෙමින් උදෑසන අවදිවන සංචාරකයෙකුට තල්ගස් සෙවණේ සිය උදෑසන ආහාරය භුක්ති විඳිය හැක. අනතුරුව තම රුචිකත්වය අනුව යෝග ව්‍යායාම, ඉවුම් පිහුම් අභ්‍යාස, කයාකින් බෝට්ටු පැදීම, කැටමරාන් යාත්‍රාකිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වල නිරතවිය හැක. 

මේ අතර වයින් රසවිඳීමට කැමැති අයෙක් නම් නැගෙනහිර වෙරළ කලාපයේ විශාලම වයින් එකතුව ඇත්තේ ද Sun Siyam Pasikudah හි ය. අවශ්‍ය නම් රාත්‍රී අහසේ තරු වියන යට හිඳිමින් රෝමාන්තික ෂැම්පේන් ප්‍රමුඛ රාත්‍රී ආහාරයක් පිළියෙළ කිරීමට ද හෝටල් කාර්යමණ්ඩලය සැදීපැහැදී සිටී. ඊට අමතරව පිහිනුම් තටාකය අසල පිරිනැමෙන සීෆුඩ් ආහාරවල සිට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර ද විවිධ තේ රසවිඳීමේ අත්දැකීම් ද මෙහිදී ලබාගත හැක. 

සූර්ය බලශක්තිය බහුලව යොදාගන්නා අතරම අපද්‍රව්‍ය කළමනාකරණය සහ කොරල් සංරක්ෂණය වෙනුවෙන් ප්‍රජා දායකත්වය ද ලබාගන්නා Sun Siyam Pasikudah හෝටලයට තිරසරභාවය වෙනුවෙන් පිරිනැමෙන Travelife Gold සහතිකය ද හිමිව තිබීම කැපීපෙනේ. 

එවැනි අසමසර පරිසරයක විවේකී කාලයක් ගතකිරීමට කැමැති සංචාරකයින් වෙනුවෙන් විශේෂ වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වා දීමට Sun Siyam Pasikudah පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි සීමිත කාලයක් සඳහා සෑම සංචාරකයෙකුටම මිනිත්තු 30ක සම්බාහන අත්දැකීමක් නොමිලේ පිරිනැමීමට කටයුතු යොදාතිබේ. එමෙන්ම room upgrades සඳහා 50%ක වට්ටමක් හිමිවන අතර, ආහාර ගැනීම සහ සම්බාහන ප්‍රතිකාර වෙනුවෙන් 15%ක වට්ටමක් පිරිනැමේ. 

විශේෂයෙන්ම තම නිදහස අගයන රෝමාන්තික යුවලකට මෙසේ ආහාර සහ සම්බාහන ප්‍රතිකාරවලින් 15%ක වට්ටමක් ද, room upgrades සඳහා 50%ක වට්ටමක් ද, ඊට අමතරව ෂැම්පේන් ප්‍රමුඛ රාත්‍රී ආහාරවේල සඳහා හිමිවන 20%ක වට්ටමක් හොඳින් ගැලපේ. පවුලක් වශයෙන් පැමිණෙන සංචාරකයින්ට ද විශේෂ වට්ටම් හිමිවේ. ඒ අනුව එක් පවුලකින් වයස අවුරුදු 12ට අඩු දරුවන් දෙදෙනෙකුට නොමිලයේ නවාතැන් ගතහැකි අතර, ආහාර පානවලින් 20%ක වට්ටමක් ද සම්බාහන ප්‍රතිකාරවලින් 10%ක වට්ටමක් ද හිමිවේ. මීට අමතරව early check-in සහ late check-out පහසුකම ද කාර්යබහුලත්වය මත පදනම්ව පිරිනැමේ. 

Sun Siyam Pasikudah සාමාජිකත්වය දරන සංචාරකයින්ට ඉහත සඳහන්කළ සියලු දීමනාවලින් අතිරේක 15%ක වට්ටමක් හිමිවීම කැපීපෙනේ. එමෙන්ම වෙන්කරවාගැනීම් ගාස්තුවකින් තොරව අවලංගු කිරීමේ පහසුකම ද, මධුසමය සහ විවාහ සංවත්සර සඳහා පැමිණීමේදී විශේෂ සංග්‍රහ කිරීම් ඇතුළු බොහෝමයක් දේ ඔවුන්ට හිමිවේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින්ට නොමිලයේ room upgrade ලබාගැනීමටත්, ආහාරපාන සඳහා 20%ක වට්ටමක් ද, සම්බාහන ප්‍රතිකාරවලට 10%ක වට්ටමක් ද, early check-in සහ late check-out පහසුකම් ද (කාර්යබහුලත්වය මත පදනම්ව) හිමිවේ.දිගු කලක් තිස්සේ යාමට සැලසුම්කරගෙන තිබූ නිවාඩුව ගත කිරීමටත්, තම ආදරණීයයා සමඟ රෝමාන්තික කාලයක් ගතකිරීමටත්, මුහුද අද්දර තම පවුල සමඟ ත්‍රාසජනක අත්දැකීම් පිරුණු නිවාඩුවක් අත්විඳීමටත් කැමැති ඔබට Sun Siyam Pasikudah මගින් පිරිනැමෙන විශේෂ වට්ටම් සහ දීමනාවල වාසිය හිමිකරගත හැකිවනු ඇත. https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවිය හෝ 0652055555 දුරකථන අංකය හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැක. 


Share with your friend