ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආරම්භ කළ හේමාස් රෝහල් සමූහය මේ වන විට සිය සේවා දිවියෙහි දස වසරක අභිමානවත් කඩ ඉම පසුකරමින් නවෝතපාදනයන් සහ සමාජීය අවශ්‍යතාවන්ට අනුරූපව සිය රෝහල් සේවා පවත්වාගෙන යමින් සිටී. හේමාස් රෝහල් සමූහයේ ආරම්භයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලැබූ හෙද පුහුණු පාසල, මගින් තරුණ තරුණියන් විශාල පිරිසකට සුව සේවා ක්ෂේත‍්‍රයේ විවිධ රැකියා අවස්ථාවන් රැසක් විවර වූ අතර මෙරට සේවා නියුක්තියෙහි ප‍්‍රවර්ධනයටද මාහැ`ගි දායකත්වයක් ලබා දීමට හේමාස් රෝහල් සමූහයට හැකි විය. තවද වෙනස්වන සමාජීය අවශ්‍යතාවන්ට අනුව වෙනස් වෙමින් එම හෙද පුහුණු පාසල පූර්ණ සුවසේවා ඇකඩමියක් (Hemas academy of healthcare) ලෙස උසස් කිරීමට හේමාස් රෝහල් සමූහය මේ වන විට පියවර ගෙන ඇත. මේ අනුව එහි අධ්‍යපානය ලබන සුවහසක් තරුණ තරුණියන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය නිපුණතා සහතික මට්ටම් 6 සහ 4 තත්වයේ පාඨමාලා හඳුන්වා දීමටත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙත නව වෘත්තිකයින් බිහි කිරීමටත් හේමාස් රෝහල් සමූහයට නුදුරේදීම හැකි වනු ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ක‍්‍රමිකව වෙනස් වන අවශ්‍යතා හඳුනා ගනිමින් ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හඳුන්වාදුන් මෙරට ප‍්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය ශ‍්‍රී ලංකාවේ සිව් කොණ විසිර සිටින තරුණ තරුණියන් වෙත සුවසේවා ආශ‍්‍රීතව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සුදුසුකමක් ලබා දීමේ අරමුණෙන් මෙම සුවසේවා ඇකඩමිය හඳුන්වා දෙනු ඇත ග
හේමාස් රෝහල් සුවසේවා ඇකඩමිය ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහ පුද්ගලික රෝහල් නියාමන අධිකාරියේ නියාමනයන්ට අනුකූලව විෂය නිර්දේශයන් සකසා ඇති අතර මෙම ඇකඩමිය මගින් පිරිනමනු ලබන පාඨමාලාවන්ට ජාතික මට්ටමේ පිළිගැනීමක් මේ හරහා ලබා දෙයිග දැනට මෙහි පැවැත්වෙන පාඨාමාලාවන් අතර ජාත්‍යන්තර මට්ටමේ හෙද පාඨමාලාව වසර තුනක පූර්ණ පාඨමාලාවක් වන අතර මේ සඳහා එක් වීමේ අවම සුදුසුකම අ.පො.ස උසස් පෙළ විෂයන් 3ක් සමත් වීම ප‍්‍රමාණවත් වේ. මෙම පරිපූර්ණ හෙද පාඨමාලාව සාර්ථකව නිම කරන තරුණ තරුණියන්ට හේමාස් රෝහල් සමූහයේ සේවය කිරීමට අවස්ථාව සැලසෙන අතර පුහුණු කාල සීමාව තුළදී ප‍්‍රායෝගී ක‍්‍රියාකාරකම් සඳහා හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහය තුළ අවස්ථාව හිමිවේ. සෙසු පාඨමාලාවන් අතර හෙද සාහායක පාඨමාලාව වසරක කාලයක් ක‍්‍රියාත්මක වන අතර පාඨමාලාව සාර්ථකව නිම කරන තරුණ තරුණියන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා 4 මට්ටමේ සහතිකයක් පිරිනැමේ. එමෙන්ම රෝගී උපස්ථායක වෘත්තීයෙහි වෘත්තික භාවය වැඩිදියුණු කිරීම සඳහා පළමු වරට හේමාස් රෝහල් සමූහය ඉදිරිපත් වෙමින් රෝගී උපස්ථායකයින්ට ජාත්‍යන්තරව පිලිගත් වෘත්තීය සුදුසුකමක් මෙම පාඨමාලාව හරහා ලබා දෙයි. මෙම පාඨමාලාව ද වසරක කාලයක් පැවැත්වෙන අතර හේමාස් රෝහල් සමූහයේ ප‍්‍රායෝගික පුහුණු අවස්ථාවන් මොවුන්ට ද හිමිවේ. එමෙන්ම පුහුණු කාලය අවසන් වූ වහාම ඔවුන්ගේ කැමැත්ත පරිදි හේමාස් රෝහල් සමූහයේ රැුකියාවක් හිමි වන අතර හේමාස් රෝහල් කාර්ය මණ්ඩලයට ලැබෙන සියලූ වරප‍්‍රසාදයන්ට ද හිමිකම් කියනු ඇත. ඉහත පාඨමාලා ද්විත්වය සඳහා මූලික සුදුසුකම් ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම ප‍්‍රමාණවත් වන අතර අදාළ සුදුසුකම් සපුරලන ලද අයදුම්කරුවන් ප්ර විණතා විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරා ගනු ලැබේග හේමාස් රෝහල් සුවසේවා ඇකඩමියෙහි අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ට නේවාසික පහසුකම්, ආහාර මෙන්ම පුහුණු කාලසීමාව තුළ දීමනාවක් ද ලබා දීමට හේමාස් රෝහල් සමූහය කටයුතු යොදා ඇත. අධ්‍යාපනයෙන් පසු රැුකියා සුරක්ෂිත බව තහවුරු වීම මෙහි ඇති වඩාත්ම සුවිශේෂි කරුණ ලෙස සැලකිය හැක.
හේමාස් රෝහල් සුවසේවා ඇකඩමිය, පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘ මීට ඉහතදී හෙද පුහුණු ආයතනයක් ලෙස පැවති මෙය ජාත්‍යන්තරය පිිළිගත් සුවසේවා ඇකඩමියක් දක්වා වර්ධනය කිරීමට හැකි වීම හේමාස් රෝහල් සමූහය ලද ජයග‍්‍රහනයක් ලෙස මම දකිනවා. එමෙන්ම මෙය කාලීන අවශ්‍යතාවක් සපුරාලීමක් ලෙස හඳුන්වා දෙන්නටත් කැමතියි. විශේෂයෙන්ම පුහුණු මානව සම්පතක් රටට දායාද කිරීම තුළින් ග‍්‍රාමීය විරැකියාව අවම කිරීමටත්, ගුණාත්මක රෝහල් සේවාවක් පවත්වාගෙන යෑමට හැකිවීමත්, එමෙන්ම දෙස් විදෙස් රැකියා අවස්ථා වෙත ප‍්‍රවේශ වීම තුළ වඩාත් උසස් ජීවන තත්වයක් ල`ගා කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව සැලසෙනවා. එබැවින් දිවයින පුරා විසිර සිටින සුවසේවා ක්ෂේත‍්‍රය වෙත ප‍්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටින දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ට අපගේ සුවසේවා ඇකඩමියේ දොරටු විවර වී ඇති බව සතුටින් දැනුම් දෙන්න කැමතියි.’’ යනුවෙන් පැවසීය. එක් පාඨමාලාවක් සඳහා වරකට 50 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් බඳවා ගන්නා අතර මේ දක්වා කණ්ඩායම් දහතුනක් සිය පුහුණු වීම් අවසන් කර රෝහල් සේවාවන්හි නියුතු වී සිටී. එමෙන්ම නුදුරේදී හේමාස් රෝහල් සුවසේවා ඇකඩමියෙහි අධ්‍යයන පාඨමාලාවන් පුළුල් කෙරෙන අතර නව පාඨමාලාවන් කිහිපයක් රසායනාගාර ශිල්පය, ඖෂධවේදී, §” Phlebotomy theater technician යන ක්ෂේත‍්‍රයන් ආශ‍්‍රිතව හඳුන්වා දීමට පියවර ගෙන ඇත. අධ්‍යයන කටයුතු වලට අමතරව හේමාස් රෝහල් සුවසේවා ඇකඩමියෙහි අධ්‍යාපනය හදාරණ තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා විවිධ විෂය පරිභාහිර ක‍්‍රියාකාරකම් සංවිධානය කරන අතර චිත‍්‍ර තරග, නාට්‍ය තරග, වාර්ෂික චාරිකා සහ පුහුණු වැඩමුළු වසර පුරාම සංවිධානය කෙරේ.