16 වැනි ශ්‍රී ලංකා 2024 විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට —ප්‍රීමා සන්රයිස්a˜ සන්නාමයේ අනුග්‍රාහකත්වය

Share with your friend

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන” 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සහ 2025 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂර්‍ණය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ජනප්‍රියතම සන්නාමයක් වන

From Left to Right – Mr. Donavan Ondaatje – Senior Business Manager, Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka, Mr. Sajith Gunaratne – General Manager, Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka, Mr. Andy Wirawan – Group General Manager – Prima Group Sri Lanka, Mr. Ranil Peiris – President, Sri Lanka Golf, Ms. Niloo Jayatilake – Chairperson, Junior Sub Committee, Mr. Dayan Abyewardena – Junior Development Manager Member

—ප්‍රීමා සන්රයිස්a˜ වෙතින් අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත’ ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ සහිතව —ප්‍රීමා සන්රයිස්a˜ සන්නාමය විසින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග්‍රාහකත්වය එක් කරනු ලබන්නේ අඛණ්ඩව 16 වැනි වසරට වීම විශේෂත්වයකි’ ශ්‍රී ලාංකීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් රටටම හඳුන්වා දෙන මෙවර තරගාවලියට විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය’

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා උදෑසන 8’00 සිට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය’ තරගාවලියට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමට කටයුතු කොට ඇත’ —ප්‍රීමා සන්රයිස්˜ සන්නාමයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය යටතේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 12 වැනිදා ප’ව 3’00 ට පැවැත්වීමට සැලසුම් කොට ඇත’ මෙම තරගාවලින් පුරා ක්‍රීඩකයන් වෙත ආහාර සැපයීමද —ප්‍රීමා සන්රයිස්˜ සන්නාමයේ දායකත්වයෙන් සිදුකෙරේ’

ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ඇන්ඩි විරවන් මහතා ප්‍රීමා සන්රයිස් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් —ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා නිර්ණායකය වන ශ්‍රීලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය වෙනුවෙන් දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ගෝල්ෆ් සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ප්‍රීමා සමූහයට ලැබීම මහත් ගෞරවයක්’ තරුණ හා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට” ඔවුන් සවිබල ගැන්වීමට සහ ක්‍රීඩාවේ උසස් ප්‍රමිතිගත තත්ත්වයක් පවත්වාගැනීමට උපකාරී වන ගමනක කොටස්කරුවන් වීමට සෑම වසරකම අපගේ අනුග්‍රාහකත්වය හේතුවන බව අප තදින් විශ්වාස කරනවා’˜ යැයි පැවසීය’

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක හා බාලිකා කාණ්ඩයන්ගෙන් ජාතික ශූරතා දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකා වර්ගීකරණය ලෙස සුපතල World Amateur Golf Rankings (WAGR)  වෙත ඇතුලත් වීමේ අවස්ථාව හිමිවේ’ ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියත් ඒ හා සමගාමීව ප්‍රාදේශීය මට්ටමෙන් පැවැති විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරග සියල්ල සහ දීප ව්‍යාප්තව පැවැති අන්තර් සමාජ ගොල්ෆ් තරග රැසක් වෙත —ප්‍රීමා සන්රයිස්a˜සන්නාමය විසින් සිය අනුග්‍රාහක දායකත්වය වසර පුරා එක් කරනු ලබන්නේ දිවයින පුරා විසිරී සිටින දක්ෂ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික මට්ටමේ කීර්තියක් අත්කරගන්නට ශක්තියක් වෙමිනි’

ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රීමා සන්රයිස් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් —ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවීමට දීර්ඝ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත් ඕනෑකමකින් සහයෝගය ලබාදුන් අපට මෙවරත්

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට දායකවන්නට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට පළමුව ස්තූතිවන්ත වෙනවා’ ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන දැවැන්ත තරග ඉසව්වක කොටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක්’˜ යැයි පැවසීය’

ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් 16 වසරක් තිස්සේ ප්‍රීමා දැක්වූ අමිල දායකත්වයේ නිහඬ ප්‍රතිඵල ශ්‍රී ලංකා ගොල්ෆ් අඹරේ දිලෙන යෞවන ක්‍රීඩා තරු අතර කැපීපෙනෙන ජෙවාහ්න් සතාසිවම්” රෙෂාන් අල්ගම” කායා දළුවත්ත” ආදිත්‍ය වීරසිංහ” සිතාරා ලෝරන්ස්” අනුමි කරුණාතිලක” ජේකබ් නෝටන්” ලවිඳු ප්‍රේමරත්න” රෙවාන් අමරසිංහ” තේජස් රතිස් කාන්ත් සහ සෙනාල් නිම්සිත් යනාදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් හරහා කැපී පෙනෙයි’

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති රනිල් පීරිස් මහතා —ශ්‍රී ලාංකීය ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාගේත් අවධානය දිනූ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ප්‍රීමා සන්රයිස් ශක්තියත් සමග 16 වසරක් තිස්සේ සංවිධානය කරන්නට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා’ ඒ වෙනුවෙන් අප ප්‍රීමා ආයතනයට කෘතවේදී ස්තූතිය පිරිනමනවා’˜ යැයි පැවසීය’

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ ගොල්ෆ් අනු කමිටුවේ සභාපතිනිය නිලෝ ජයතිලක මහත්මිය අදහස් දක්වමින් —ප්‍රීමා සන්රයිස් වෙතින් ලැබුණ මෙම අනුග්‍රාහකත්වය හුදෙක් මූල්‍යමය දායකත්වයක්ම පමණක් නොවෙයි ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයටත් ක්‍රීඩාවේ වෘත්තීයවේදීත්වයටත් ලැබුණු සහෘද අත්වැලක්’ ප්‍රීමා සන්රයිස් සන්නාමයත් එක්ක ඇතිව තිබෙන මේ දිගුකාලීන සබඳතාවය නිසාම වෙනදා වාගේ මෙවරත් දිවයින පුරා සිටින දක්ෂයන් එක් රැස්කරගනිමින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට අපට හැකිව තිබෙනවා’ තරගාවලියට ශක්තියක් වූ ප්‍රීමා සමූහයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා’˜ යැයි පැවසීය’

වයස් කාණ්ඩ

Gold ^විවෘත&                           – වයස අවුරුදු 15 ත් 18 ත් අතර බාලක හා බාලිකා

Silver                                            – වයස අවුරුදු 13 ත් 14 ත් අතර බාලක හා බාලිකා

Bronze                                         – වයස අවුරුදු 11 ත් 12 ත් අතර බාලක හා බාලිකා

Copper                                         – වයස අවුරුදු 10 සහ 10 න් පහළ බාලක හා බාලිකා


Share with your friend